කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, July 30, 2012

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට


දැනට වැඩ කරන කොම්පැනියේ වැඩකට සිඩ්නි වලට එන්න උන. ඊයේ උදේ පාන්දර 00.55 ට තමයි ෆ්ලිට් එක තිබ්බේ. මම, සමන්මලී, මැණිකේ, බබා, නුවන් ආවා. (සමන්මලී එන ගමන් ගණන් හදල බැලුව, බබා හැම මස දෙකට සැරයක්ම එයාර් පොර්ට් ඇවිත් තියනවා. කවුරුහරි බස්සන්න, නැත්නම් ගන්න). කටුනායක ඉදල ක්වාලාලම්පූර් වලට, පැය 3 යි මිනිත්තු 40 ක් ගුවනේ. එපාම උනේ ඉතුරු ටික ක්වාලාලම්පූර් සිට සිඩ්නි වලට පැය 8 ක්. බහින කොට රෑ 7.00 යි. ආගමන විගමන වැඩ ටික ඉවර වෙලා හෝටලේට (ibis) එනකොට 9.30 යි. දැනටනම් කියන්න තියෙන්නේ, පට්ට සීතලයි (8c .). බඩු පට්ට ගන්නන්, කිලෝමීටර් 15 ක් විතර ටැක්සි එකක ආවා ඩොලර් 126 ක් රුපිරල් 17, 000 ක් විතර. අය්යෝ සල්ලි....

Friday, July 27, 2012

මල්ලිත් සුමුදුත් බැංකොක්

27 වෙනිදා උදේ පිටත් උන. 29 රෑ වෙනකොට ගෙදර එයි. 

Thursday, July 26, 2012

ඔය තියන සද්දේ තමයි මහත්තයා



බබා හින්ද ගෙදර ෆෝන් එකේ රිගින්ග් වොලියුම් පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. එත් ඕකට ගොඩක් අය  දෝෂාරෝපණ එක එක කතා කියා කියා තිබුනේ 


ඔහොම තියෙද්දී දවසක් අප්පච්චි ගෙදර ෆෝන් එකට කෝල් එක අරන්. අපි කවුරුවත් හිටියේ නෑ. වැඩට ඉන්න ගැණු  කෙනා (නම සිංහලෙන් ලියන්න අමාරුයි) තමයි ෆෝන් එක අරන් තියෙන්නේ. 


අප්පච්චි ඔක්කොටම අන්වර්ත් නම් දන වගේ බබාටත් නමක් දල. නම තමයි "සද්ද". මොකද හැම වෙලාවේම සද්ද දන හින්ද. 

ඉතින් අප්පච්චි අහල කෝ දැන් "සද්ද" කියල. බබා කෝ කියල අහල තියෙන්නේ. 

වැඩට ඉන්න ගැණු කෙනා ගත කටටම කියල තියනවා 

"ඔය තියන සද්දේ තමයි මහත්තයා"

 





Sunday, July 8, 2012

සමන්මලිගේ 34 වෙනි උපන් දිනය.




සමන්මලිගේ බර්ත් ඩේ  එක මේ පර දීල තිබුනේ ඉරිදට. එත් අපි සිකුරාදා රෑ  ඇල්පිටි ගිය. මේ සතිය duty තිබුනේ සමන්මලිගේ අම්මට. එක හින්ද එයත් හිටිය. මල්ලිත් අපිත් එක්ක ගිය.


රඹුටන් පිරිලා. එපා වෙනකල් කෑව. ඉරිදා එන්න කලින් පලිතයලගේ ගෙදර ගිය. හයි වේ එක ගෙන අව. පටන් ගන්න සතියේ වැඩ බර ගන්න අම්ම මැණිකෙත් එක්ක ඇවිත් හිටිය. 

අපු ගමන් මමයි මැණිකෙයි මල්ලියි බබයි  පිළියන්දල ගිය. කේක් එක ඕඩර් කරලා තිබ්බ ෂොප් එක වහල. නම ගහන්න තැනක් හැම තැනම හොයල හොයල බැරිම තැන අපිට පුළුවන් විදිහට ඩෙකරේට් කල. 

ඔබට සුබ උපන් දිනයක් 

 

 
 
 
 
 
 

Sunday, July 1, 2012

ලෝකයේ දේශීය බැංකුව සහ ලංකාවේ දේශීය බැංකුව




අද අප්පච්චි එක්ක ගැටුමක් ඇති උන. ගැටුමක් කිව්වට මත ගැටුම් දෙකක්. අද උදේ ඇති උණු සිද්දියක් හින්ද එක්තරා රාජ්‍ය ආයතනයක කාර්යක්ෂම භාවය ගැන අප්පච්චි දෙස් දෙවොල් තියන්න ගත්ත. 

"අපි නම් කවදාවත් මහජනයා මේ විදිහට රස්තියාදු කරන්නේ නෑ. තමන්ගේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් ඒ මිනිහ මොකටද" 
 
සුපුරුදු විදිහට අප්පච්චි ලංකා බැංකුවේ ගුණ වර්ණනාව පටන් ගත්ත. මටත් ටිකක් විරුද්දව කතා
කරන්න හිතුන.


"මොන පිස්සුද? ලංකා බැංකුවේ පෝලිම කොච්චර දිගද? පැය  කීයක් හිටගෙන ඉන්න ඕනෙද? එහෙමද අපේ බැංකු. අපිටම වෙන් උණු ඒජන්ට් එකෙක්. අපිටම් වෙන් උණු පෝලිමක්. පෝලිමේ කවුදුවත් නේ. උපරිම එක්කෙනයි. අනික අපි අපේ වැඩේ කරගන්නේ බොහොම ගාම්භීර විදහට වාඩි  වෙලා. ඔයාල එහෙමද " මම HSBC එක ගැන කිව්වා. 

"ඔව් HSBC එකේ එක කස්ටමර් කෙනෙකුට 5 ක් 6 ක් වෙන්න කට්ටිය ඉන්නව. ඉතින් එකකොට එහෙම කරන්න පුළුවන්. අපේ එහෙමද?"

"ඉතින් එකට වරද අපේද? ස්ටාෆ් එක මදිනම් එක කියන්න ඕනේ කස්ටමර් ද?"


"HSBC එකට එහෙම කරන්න පුළුවන් මොකද ඔයාලගෙන් සුර කනවා"


"මොන පිස්සුද. ඔයාලයි මගෙන් සුර කෑවේ. මම සල්ලි එවන හැම පාරම  ඔයාල රුපියල් 6000k  කපා  ගත්ත . එත් HSBC එක ගත්තේ 400 යයි. එක අමතක කරමු. අප්පච්චි ATM එකෙන් සල්ලි ගන්න හැම පාරම රුපියල් 5 ක් කපනවා. වෙන බැංකුවක ATM එකකින් ගත්තොත් 75 යයි . එත් මට.. ලංකාවේ ඕනෑම බැංකුවකින කීපාරක් සල්ලි ගත්තත් සත 5 ක් වත් ගන්නේ නෑ. කවුද මව සුරගෙන කල තියෙන්නේ ලංකා බැංකුවද HSBC එකද "
"


"අපි ඉන්නේ රටේ සාමාන්‍ය මහජනයාට සේවය කරන්න. අපේ ලබයේ හැම සතයක්ම යන්නේ මහා භාණ්ඩාගාරයට. එත් ඔය HSBC එකේ ලාබෙ  යන්නේ පිටරට සුද්දන්ගේ සාක්කුවට"


"ඉතින් මට එක ප්‍රශ්නයක් නේ. මට සාමාන්‍ය මහජනයා හිටියත් එකයි නැතත් එකයි. මට මගේ වැඩේ ලාබෙට ඉක්මනට වෙනවනම් එච්චරයි"


"මොන දේ කරන්නත් කලින් රට ට ආදරේ වෙලා ඉන්න ඕනේ. ඔය ප්‍රිවට් බැංකුවලට යන්නේ රට ගැන හිතන්නේ නැති  නරුමයෝ "

සංවාදේ ඔහොම ඇදිල ගිය.. 

...

මොනවා උනත් ලංකා බැංකුව නිසා තමයි අපි 5 , 6 දෙනෙක් කල ඇදල  හිටියේ.   

ජාතියේ මහා පහන් ටැඹ, ඔබට මගේ උත්තමාචාරය..