කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Wednesday, August 6, 2014

පළමු දත් මැදීම



දත් මදින්නට දත් තිබිය යුතුය. කොල්ලට තාමත් මාස 4 ය. කොහේ තියන දත් ද ? ඉතින් කොහොම දත් මදින්නද? අක්කා දත් මදින්නට හොරය. ඒ නිසා අක්කා මල්ලීගේ දත් මැද්ද වූ වාය . 

Saturday, August 2, 2014

ආපු ලජ්ජාවට ඉන්නවා

.
කොහොමද මචන් අයර්ලන්තේ?
ආපු ලජ්ජාවට අවුරුද්දක් දෙකක් ඉන්නවා මචන්.
ඒ මොකද බන් ඒ: 
කොහොමත් මට ලංකාව තරම් වෙන එක හරි යන්නේ නැනේ. උබ දන්නවවනේ. 
පිස්සු කෙලින්න එපා යකෝ. රස්සාවත් එක්ක යුරෝපේට එන්න හම්බවෙන්නේ වෙන කාටද? අනික අපේ උන් කීදෙනෙක් පිගන් හොදනවද? උබට එහෙමද? 
එකනම් ඇත්ත. එත් බන් ලංකාවේ අපිට මොනවද අඩුව තිබ්බේ.
ඉතින් ඔහේ මොනවද උබට අඩු?
පවුලේ උන්ටික.
උබ ඔක්කොම එක්කනේ අවේ?
ඔව්. මම කිව්වේ අනිත් පවුලේ අය.
හ්ම්ම්. wife මොකද කියන්නේ?
පොඩි උන්ට උගන්නන්න ඕනේ කියලා එයම තමයි යමු යමු කිව්වේ. දැන්නම් එයාගෙත් එච්චර කැමැත්තක් නෑ ඉන්න. 
හ්ම්ම් කරන දෙයක් හිතල බලල කරපන්. 
බලමු. 


පසු සටහන
සේතු : (අත්තම්මට කරදර කරමින්....) අත්තම්ම ඇයි අවේ 
අත්තම්ම : මොනවා කරන්නද සේතු... ආපු ලජ්ජාවට ඉන්නවා... 

Tuesday, July 29, 2014

කොහොමද එතකොට මේක?


අයර්ලන්තයේ දී 


Saturday, July 12, 2014

අයර්ලන්තයට

අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි. කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා. එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි. මොනවා වෙයිද මන්ද? 


Friday, June 27, 2014

අප්පච්චිට කාර් එකක්


අපි ඔක්කොටම කලින් වාහන තිබ්බේ අප්පච්චිට. දැන් අප්පච්චිට හැර අනිත් ඔක්කොටම කාර් තියනවා. එක හින්ද කාර් එකක් අරන් දෙන්න හිතුව. අද රිසර්ව් කරා. සති දෙකකින් විතර හම්බ වෙයි.

Wednesday, June 25, 2014

මැක් වලට මාරු උන.


අවුරුදු 10ක් විතර උබුන්ටු එක්ක හිටිය. අද මැක් බූක් ප්‍රෝ එකකට මාරු උන. ගාන තමයි සැර. 348150/=



Monday, June 23, 2014

සේතුගේ තුන්වෙනි බර්ත් ඩේ එක.



උදේම ගිහින් කොහුවල ළමා නිවාසෙට දානෙ දුන්න. එන ගමන් මොන්ටියට අරන් යන්න ඕඩර් කරපු කේක් එක අරගෙන බබාව මොන්ටියට දැම්ම. මොන්ටියේ ටීචර් බබාල ඔක්කොම එක්ක කේක් එකක් කපල තිබුන. බබා එක්ක එන්න ගිහින් අනිත් කේක් එකක් අරගෙන අව. 

සමන්මලී ගේ අම්ම අවේ ඊයේ. අම්ම අප්පච්චි සුමුදු දෙව් දවල් වෙනකොට අව.මැණිකෙලා,  සමන්මලී අය්ය ගේ ගෙදර අය, ඇල්පිටියේ ඔක්කොම, ලග ගෙවල් දෙකේ අය, ගාල්ලේ චමිලලා  තමයි අවේ.  ඔක්කොම 30ක් විතර.

අපි ඔක්කොටම හෙම්බිරිස්සාව. චූටි බබාට ගොඩක් අමාරු උන. එක හින්ද අම්ම මේ ටිකේම ඉදල 27 උදේ යන්න ගිය.