කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, April 4, 2020

මාළු ඉල්ලන කොට අල බෙදීම

අම්මයි අප්පච්චි ඕස්ට්‍රලියාවේ මැණිකෙ ලත් එක්ක. කොරෝන කෙස් එක හින්ද අප්පච්චි මල්ලිලාගේ ගෙදර නැවතුන ටික දවසකට. විස්තර කතා කරන ගමන්.

මම: මොකද දෙන්න අවුලක් නැතුව ඉන්නවද? 
අප්පච්චි: පොඩි පොඩි ජරමර දානවා.. එක ඉතින් සාමාන්‍යයි, 
මම : ලැන්වෙජ් ප්‍රශ්න එහෙම නැද්ද.
අප්පච්චි: මොකද නැත්තේ. දෙව්ජා නම් සිංහලෙනුත් කතා කරනවා. ඉංග්‍රීසියෙන් කතා කලත් තේරුම් ගන්න පුළුවන්. තිසෙව් කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ . 
මම: ම්ම්ම් ඉතින් අවුලක් නෑ නේ. දෙව්ජට කියල අහගන්න. 
අප්පච්චි: එහෙම තමයි කරන්න පටන් ගත්තේ එත් ඒ වැඩේ හරි යන්නේ නැ. 
මම: ඇයි 
අප්පච්චි: දෙව්ජා බොරු කියනවා. 
මම: ඒ කියන්නේ 

අප්පච්චි: ඊයේ මම දෙන්නටම කෑම බෙදල දුන්න. තිසෙව් ටික වෙලාවකින් කෑගහන්න ගත්ත. මට කියන දෙයක් තේරෙන්නේ නැ . දෙව්ජගෙන් අහපුවම කිව්වා අල ඕනේ කියල කියන්නේ කියල. මම අල අරන් ගිහින් බෙදුවා. 
මිනිහ උඩ තිරින්ගේ තියල හූ කියන්න ගත්තේ
එහෙම දෙව්ජ හිනා වෙනවා. පස්සේ කොහොම හරි එහෙම මෙහෙන් සෙප්පඩ විජ්ජ දාල තමයි හොයාගත්තේ මිනිහට ඕනේ වෙලා තියෙන්නේ මාළු. මාළු ඉල්ලන කොට අල බෙදාපුවම කව්ද ඉවසන්නේ . 


Friday, March 20, 2020

හැපී ඩැඩී

සේතු: Dady you should be really happy to have 2 of us?
මම: Why you say that? 
සේතු: Otherwise mummy will shout at you only. Now she has 3.

මම මොකුත් කියන්න ගියේ නෑ  

Saturday, February 22, 2020

ඩස්ට් බින්

හරක් පාට කරපු රටේ ඉපදුනු අපට ඩස්ට් බින් එකක් පට කරන එක කජ්ජක්ද සමන්මලී 

Saturday, November 16, 2019

චූටි පුතා අරන් දුන්නු කැසට් ප්ලේයර් එක 

අම්මත් එක්ක කෝල් එකක්, එක පාරටම හරි සද්දෙන් 

"මහත්තයෝ ඔන්න ඕක තියන්න, මොකද ඔයා ඕක උස්සගෙන ඉන්නවද? මම වෙලාවක ඕක පිහල දාන්නම්.... ම්ම්ම් ඔයාට පිස්සුද?... අයේනම් ඕකේ ගන්න දෙයක් නෑ."

මම: "ඇයි මොකද වෙන්නේ "

"කොස්සෙන් කැසට් එක අතු ගානවා "

ගොම කෑම : හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්



"අනේ අම්ම මට අයේ "cow poo" දෙන්න එපා. I hate it"
"කවද්ද මම ඔයාට cow poo දුන්නේ"
"ඇයි ඔයා ලාස්ට් ටයිම් දූන්නේ"
"පිස්සුද cow poo කනවාද"
"ඇයි බ්ලැක් බෝල්ස් බෝල්ස් හදල දුන්නේ "
අක්කා : "නෑ  අම්ම, අශ්වින් කියන්නේ කවුපි ගැන"
"හ්ම්ම් ඒ cow poo නෙවෙයි සුදු කොල්ලෝ  කවුපි. බීන් ජාතියක්"

හිත හදාගෙන ගොම කන්න මොන බයක් තියෙන්න ඇද්ද 

Wednesday, October 16, 2019

Smart Boy

මම: You are a smart boy, why because???. 
අශ්වින් : I am the son of a smart dad
මම: But sometimes you are stupid, why because???

He didnt say anything, just started looking at her face and my face. 

මම: හරි එහෙනම් අපි ගියා...
දොර ගාවට ගිහින්

මම: ආ.., කාර් එකේ යතුර ගන්න බැරි උනානේ.. 
සමන්මලී : ඔය තියෙන්නේ ස්මාර්ට් නස් එක හරියට 

ඉතිහාසය

මම: මොකක්ද ඔයාගේ favorite ම subject එක 
සේතු: Of course maths. maybe Irish too.
මම: what is your least favorite subject
සේතු: History, you know, its really weird, the teacher always says, forget about the past, live in the present, focus on what you are doing right now. Then why we have a subject called "History"
මම: "hmm, valid point. Ask your teacher" 

Monday, February 11, 2019

Meet Kumi

සේතූ : Daddy can we meet Kumi when we go to Sri Lanka this time. 
මම : NO, කියන්න හිතල, Yes කිව්වා . 

සේතූ: යේ. After ages finally, I can see her