කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Wednesday, August 6, 2014

පළමු දත් මැදීම



දත් මදින්නට දත් තිබිය යුතුය. කොල්ලට තාමත් මාස 4 ය. කොහේ තියන දත් ද ? ඉතින් කොහොම දත් මදින්නද? අක්කා දත් මදින්නට හොරය. ඒ නිසා අක්කා මල්ලීගේ දත් මැද්ද වූ වාය . 

Saturday, August 2, 2014

ආපු ලජ්ජාවට ඉන්නවා

.
කොහොමද මචන් අයර්ලන්තේ?
ආපු ලජ්ජාවට අවුරුද්දක් දෙකක් ඉන්නවා මචන්.
ඒ මොකද බන් ඒ: 
කොහොමත් මට ලංකාව තරම් වෙන එක හරි යන්නේ නැනේ. උබ දන්නවවනේ. 
පිස්සු කෙලින්න එපා යකෝ. රස්සාවත් එක්ක යුරෝපේට එන්න හම්බවෙන්නේ වෙන කාටද? අනික අපේ උන් කීදෙනෙක් පිගන් හොදනවද? උබට එහෙමද? 
එකනම් ඇත්ත. එත් බන් ලංකාවේ අපිට මොනවද අඩුව තිබ්බේ.
ඉතින් ඔහේ මොනවද උබට අඩු?
පවුලේ උන්ටික.
උබ ඔක්කොම එක්කනේ අවේ?
ඔව්. මම කිව්වේ අනිත් පවුලේ අය.
හ්ම්ම්. wife මොකද කියන්නේ?
පොඩි උන්ට උගන්නන්න ඕනේ කියලා එයම තමයි යමු යමු කිව්වේ. දැන්නම් එයාගෙත් එච්චර කැමැත්තක් නෑ ඉන්න. 
හ්ම්ම් කරන දෙයක් හිතල බලල කරපන්. 
බලමු. 


පසු සටහන
සේතු : (අත්තම්මට කරදර කරමින්....) අත්තම්ම ඇයි අවේ 
අත්තම්ම : මොනවා කරන්නද සේතු... ආපු ලජ්ජාවට ඉන්නවා...