කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, January 28, 2013

කැස්බවෙන්, ඇල්පිටියට ඇල්පිටියෙන්, කැස්බේවට, කැස්බවෙන් කටුපොතට, කටුපොතින් කැස්බෑවට



සමන්මලී ගේ අත්තම්ම නැතිවෙලා අවුරුදු 10ක්. එක සිහිකරලා ගෙදර දානයක්. අපි තුන් දෙන බ්‍රහස්පතින්දා හවස අල්පිටිගිය. දානේ තිබුනේ සෙනසුරාදා. ගෙදරත් ගොඩක් වෙනස් වෙලා. කට්ටිය බරටම වැඩ. සෙනසුරාදා අම්ම මල්ලි මැණිකේ සමන්මලිගේ අය්යාලත් එක්ක අව. සුමුදුවගේ සුබ ආරංචිය හින්ද එයට එන්න බැරි උන. දානේ වඩාත් හොදට කෙරුණා. අම්මල එදාම ආපහු අව. අපි තුන්දෙනා ඉරිදා හවස එන්න පිටත් උන. මට රන්මුතුගල ලොකු නංගිගේ wedding එකකට යන්න තිබ්බ. ගමන පිටත් වෙලත් හිතාගෙන හිටියේ මම විතරක් යන්න. එත් පස්සේ ඔක්කොම යන්න තීරණය උන. ඉරිදා හවසම කටුපොත ඇද්ද. උදේ අප්පච්චි මමයි  බබයි කුරුණෑගල හරහා wedding එකට ඇවිත් කස්බෙවට එනකොට රේ 7 විතර උන. බබාට පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ. එත් අවුලක් නේ. ඔහේ චව් චව් ගග ඉන්න්නවා. ගමනේ මුළු දුර කොහොම උනත් 500 km  විතර.

Thursday, January 24, 2013

මෙහෙමත් අන්තර් ජාල වේගයක් - 2


මීට ටික කාලෙකට ඉස්සරමෙහෙමත් අන්තර් ජාල වේගයක්?  ලිව්වා. ඒ ඕස්ට්‍රේලියාවේ. දැන් ලංකාවත් නරකම නෑ. මේ අපේ ගෙදර ADSL සම්බන්ධතාවය.


Tuesday, January 1, 2013

2012 අවුරුද්දත් ගෙවුන.



අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලැබුවා. සමහරුනම් හිතුවේ නැවත අලුත් අවුරුද්දක් හම්බ වෙන එකක් නෑ කියල.

පවුලේ සමහරු ලංකාවට අව, ලංකාවෙන් ගිය. අලුත් රැකියා වලට ගිය. රැකියා නැති උන. නැති උනත් එකෙනුත් වාසි ගත්ත. සමහරු පලවෙනි උපන් දිනේ සමරුව, වාඩි උන. හිට ගත්ත. ඇවිද්ද. තවත් අය සමාජ සේවය. තව අය මාරුවෙන් මාරුවට බබල බල ගන්නවා. ඒ අතරේ සමහරු බබල එනකල් බලාගෙන ඉන්නවා. ඒ අතරේ සමහරු තෙල් බානවා. තවත් කෙනෙක් ඊලග මාසේ ඉදල ව්‍යාපාර වලින් ලාබ ගන්න බලාගෙන ඉන්නවා. ඔය වගේ සතුට සාමය විනෝදය දුක වේදනාව තරහ හැමදෙයකම අඩු වැඩියෙන් තිබුණු අවුරුද්දක දවස් 364ක් ම ගෙවුන.

30 වෙනිදා හවස අම්ම කෝල් කරලා දුමින්දලගේ අත්තා නැති උන කියල තිබුන. නොගිහිනුත් බෑ . කාර් එක කරකවන එකත් එපා වෙනවා වියදමත් වැඩියි. 31 උදේ ම බස් එකේ ගෙදර ඇද්ද . මළගෙදර ට ඔලුව දල හවස එන්න පිටත් උන. රෑ 10 විතර සමන්මලී මම බබා චමත් ඩිලාන් ඥාන කවුන්ට් ඩවුන් එකට යන්න අයේ කොළඹ අව. ගෝල්ෆේස් කවුන්ට් ඩවුන් එකනම් ගන්න දෙයක් න. මම හිතන්නේ ලංකාවේ පලවෙනි පාරට සාමාන්‍ය මිනිස්සුන්ට ස්ට්‍රීට් පාර්ටි එකක් ඔර්ගනයිස් කරලා තිබුන. නරකම නේ.

කොහොම හරි ඔක්කොම බස්සල ගෙදර එනකොට රැ 2.30 ට විතර ඇති. කොචර මහන්සි උනත් අපි දෙන්න කිරිත් උතුරලා නිදා ගත්තේ.

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.