කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, November 18, 2010

කවුද තිරිසනා?

A sacrifice of an animal to be given to the poor is an important part of the hajj, as it commemorates the substitution of the animal provided by Allah for Ibrahim to slaughter instead of his son.















කවුද තිරිසනා?

Sunday, November 7, 2010

ලෝකයේ දුපත්ම රටවල් 10

ඊයේ අහම්බෙන් ලෝකයේ දුපත්ම රටවල් 10 ගැන විස්තරයක් බලන්න හම්බ උන. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. මේකේ දුප්පත් බව මනාල තියෙන්නේ එක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය  (GDP per capita) අනුව. සංවර්දනය මනින්න එක එච්චර හොද නැති උනාට දුප්පත් / පොහොසත් කම මනින්න හොද දර්ශකයක්.

දුප්පත්ම රටවල් 10 මෙහෙමයි
අංකය                     -                     රට                     -                     ඒ.පු.ද.දේ.නි. (ඇ.ඩො)

10                         -             ඇෆ්ගනිස්ථානය                       -                         800
09                         -             මද්යම අප්‍රිකානු ජනරජය            -                         754
08                         -             සියර ලියොන්                          -                         747
07                         -             එට්ට්රියව                                -                         739
06                         -             නයිගීරියව                               -                         736
05                         -             සෝමාලියාව                            -                         600
04                         -             බුරින්දි                                     -                         401
03                         -             ලයිබීරියාව                               -                         379
02                         -             කොන්ගෝ ජනරජය                  -                         334


මේ ලයිස්තුවේ අංක එකට ඇවිත් තියෙන්නේ සිම්බාබ්වේ දේශය. ඔව්න්ගේ ඒ.පු.ද.දේ.නි. ඇ. ඩො. ශත දහයයි  ($ 0.1). ලොයකේ වැඩිම උද්දමනයක් තියන රට තමයි සිම්බාබ්වේ. උද්දමයන මොන තරම්ද කිව්වොත්, කිසියම් භාණ්ඩයක මිල ඊලග දිනයේදී  16 ගුණයක් වෙනවා. ඔවුන්ගේ ට්‍රිලියනයක් වටිනා මුදල් නෝට්ටුවක් පවා ලදී නිකුත් කල. මේ තියෙන්නේ ට්‍රිලියනයේ මුදල් නෝට්ටුව.






මෙහෙම බින්දු ගාන වැඩි වෙලා වැඩි වෙලා අවසානෙට සිම්බාබ්වේ අන්තිමට තියන බින්දු 12 ක් අයින් කරලා අලුතෙන් නෝට්ටු අච්චු ගහන්න තීරණය කල. එත් වැඩක් උනේ නේ. අයෙත් ටික කාලෙකින් බින්දු පැටව ගහන්න ගත්ත. මේක ට  විසදුමක් විදිහට සිම්බාබ්වේ මුදල් ඇමති අනුමැතිය දුන්න විදේශීය මුදල් වලින් උනත් රට තුල ගනුදෙනු කෙරීමේ හැකියාව.


මේ බිල බලන්න.



බියර් දෙකයි, මිනිරල් වතුර එකයි, කෑම එකයි.
ගාන ඩොලර් (සිම්බාබ්වේ) බිලියන එකයි මිලියන් 233, 255 දාහයි.

විහිළුවක් වගේ පෙමුනට මේ තමයි ඇත්ත.

Friday, November 5, 2010

පොලිසිය

ජාවත්තෙන් මල්ලිත් ගෙන ටොරින්ටන් හරහා එන්නට පිටත් උනා. වාහනත් ටිකක් වැඩියි. ජාවත්ත පාරේ කලර් ලයිට් තියෙන්නේ හන්දියට ගොඩක් මෙහායින්. මම ජාවත්ත පාරෙන් මින් රෝඩ් එකට දද්දීම එහා පැත්තෙන් වාහන එන්න පටන් ගත්ත. හරවන කොටම හන්දියේ හිටපු කොස්සෙක් අත දැම්ම. වාහනේ අයින් කරලා නවත්තල වීදුරුව පහත කරා. කොස්ස අවා.



"මහත්තය කරපු වරද දන්නවනේ? "
"මොකද්ද? "
"රෙඩ් ලයිට් තියෙද්දී නේ දැම්මේ."
"පිස්සුද රාළහාමි. ගිහින් බලන්න කලර් ලයිට් එක තියෙන්නේ කොච්චර එහද කියල. මම දැම්මේ කොළ පත්තු වෙලා තියෙද්දී."

මිනිහටත් වැඩේ තේරෙන්න ඇති.

"ඩ්‍රයිවින් ලයිසන් දෙන්න"
මම ලයිසන් එක දික් කලා.
"අදායම් බලපත්තරෙයි, ඉන්ෂුවරන්ස් එකයි ගන්න."
මම එ දෙකත් දුන්න.
"මේකේ අදායම් බලපත්තරේ ගියමාසේ 31 න් ඉවරයි."
ශිහ්, අදායම් බලපත්තර ඉන්ෂුවරන්ස් කලේ ඉවර වේගන එන කොට පත්තු වෙන්න ඉන්දිකෙටර් එකක් නැනේ. මට හිතුන.
"මහත්තය බැහැල එන්නකෝ." නොන්දියට වගේ කියාගෙන කොස්සා මගේ ඩ්‍රයිවින් ලයිෂන් එක බලාගෙන මිනිහගේ පොතේ ලියන්නට පටන් ගත්ත.
මම බැහැල ගිය. මල්ලිත් එතෙන්ට අවා.
"රාළහාමි, මම මහවැලි එකේ වැඩ කරන්නේ. ඉංජිනියර්. දවස් 3 නේ පහුවෙලා තියෙන්නේ. මොකක් හරි කරලා දෙන්න". මල්ලි අනුකම්පා ස්වරයෙන් කියාගෙන යන්නට විය.
"නෑ. නෑ. රාළහාමි කැමති දෙයක් කරන්න."
රාළහාමි ලයිසම තියාගෙන කොලය දික්කළේය.
මම එකත් උදුරාගෙන එන ගමන් කොස්සට ඇහෙන්නට මල්ලිට බැන්න.

"තමුසෙට පිස්සුද? අට පාස් පරයන්ට වදින්නේ."


එන අතර මගදී
"ඔච්චර පණ්ඩිත ටෝක් දුන්නේ නැත්නම් අරුට කියල ෂේප් කරා ගන්නත් තිබ්බ. "
"තමුසෙට පිස්සුද ඕයි". මම නැවතත් මල්ලිට ඇත්තටම බන්නෙමි.

****************

"ලොකු පුතේ මතක තියාගන්න. හැම පොලිස් කාරයාම වැරදි නෑ. අනික පොඩ්ඩක් හිතන්න. හොදට හරි නරකට හරි පොලිසියක් තිබ්බේ නැත්තම් සමාජේ කොහොම වෙයිද? අනික මතක තියාගන්න  පොලිසිය ට ඕනෙනම් ගොරක දඩමස් කරන්නත් දඩමස් කොරන්නත් පුළුවන්. "

මීට කලින් පොලිසියේ එකෙක් එක්ක අරගත්තු වෙලාවේ අප්පච්චි කියපු දේ මට නැවත සිහිවිය.

Monday, October 25, 2010

sed - ස්ට්‍රීම් එඩිටර්



ගොඩක් දවසකට පස්සේ post එකක් දාන්න හේතුවක් උද උන.

මේ දවස් වල පොඩි exam එකකට රෙඩි වෙන හින්ද, පොත්, notes අරගෙන ඇදට සෙට් උන. එත් ඉතින් නෙට් එකේ search කරන්න වෙන වර අනන්තයි නේ. ලැප් එක ඇදට අරගෙන යන එකත් වාතේ. ඔය අවුල මම ටික දවසකට කලින් ලිහ ගත්ත. වෙලාවක් තිබ්බොත් එක ගැනත් විස්තර ඇතිව පොස්ට් එකක් දැන්නම් පස්සේ වෙලාවක. කෙටියෙන් මෙහෙමයි.

මගේ ලැප්ටොප් එකේ wireless card එක ad-hoc . support කරනවා. එ කියන්නේ ඕනෙනම් provider කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම කරේ wifi connection එකක් හැදුව  මගේ ඉන්ටෙර්නෙට් connection එක share කරලා. එච්චරයි. මගේ Phone එක දැන් wifi  area එකක. (දැන් ඉතින් අපේ ගේ ගාවට ඇවිත් wifi  search කරන්න එපා. security add කරලා තියෙන්නේ :) ). 



අදත් ඔන්න මොනවා හරි එකක් search කරන්න ඕනේ උණා. ගූග්ලේ නේ ඕනේ දෙකට ඉන්න දෙයිය. google.com බූක් මාර්ක් එකෙන්ම ගියා. ඊයේ මොකද්ද වැඩකට මම cache  remove කල. එහින්ද google . com  එක google . lk  එකට redirect උන. මෙන්න බොලේ iPhone සෆාරි වල සිංහල අකුරු පේනවා. එත් මට sure නෑ. කවුද  දන්නේ images  පෙන්නනවද කියල. මම කෙලින්ම මගේ බ්ලොග් එකට ගිහින් බැලුව. නයි කයිද මැටි පාන් කිව්වලු. මේ පෙන්නේ සිංහල unicode කොර වෙන්න. (කොර වෙලා තමයි පෙන්නේ. පොඩි rendering අවුලක් තියනවා.)

තිබුණු ෆිට් එකට ෆොනේ එකෙන්ම මගේ බ්ලොග් එකේ පොස්ට් ටික බැලුව. කවුද කෙනෙක් මගේ grep සහ or පොස්ට් එකට comment එකක් දල. sed ගැනත් පොස්ට් එකක් දන්නා කියල.

මේ sed ගැන

සරලව කිව්වොත් sed කියන්නේ stream editor එකක්. "man sed -  " sed - stream editor for filtering and transforming text 

මටනම් sed සාමාන්යෙන් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අඩුවෙන්, එත් ගොඩක් useful ටූල් එකක්. උදහරනයක්ම ගමුකො.
හිතන්න මොකක් හරි stream (file , input , pipe වගේ ඕනේ එකක් stream ) එකක තියන ඔරිගීනල් text  එක වෙනස් කරලා stream එකක් ඕනේ කියල

උද: "This is the input" >> "This is the output"
echo 'This is the input' | sed 's/input/output'

මෙතන
s  - කියන්නේ sed command එක (substitute)
/ - කියන්නේ delimiter එක
"input" - search pattern එක (regular expression)
 "output" - replacement තෙෂ්ත
echo 'This is the input' එක pipe කරලා තියනවා sed එකට

මේක ටිකක් සරල අවස්ථාවක්. මීට වැඩ ටිකක් සංකීර්ණ එකක් බලමු.
අපේ ස්ට්‍රින්ග්  එක  තමයි.
 "This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last."
මගේ උත්සාහය තමයි numbers තියන හැම එකම වරහන් ඇතුලට දාන එක. එකියන්නේ මගේ output  එක වෙන්න ඕනේ  "This para has (3) numbers. (123) is the first and (456) is another and (789) is at last."

ඉස්සරලා එකනම් කෙලින්ම කරන්න පුළුවන් උන. text එකක් replace කරපු එක තමයි එකනදී උනේ. එත් දැන් අපි pattern එකක් replace කරන්න විදිහයි හොයා ගන්න ඕනේ. මෙතැනදී එන ලොකුම ගැටලුව numbers හොයා ගන්න එක නෙවෙයි. [0-9][0-9]* කියන්නේ ඕනෑම number එකක් නේ . එත් ඒ විතරක් මදිනේ, හොයා ගත්ත number එකත් ඕනනේ වරහන් ඇතුලට දාන්න.

වැඩිය ලොකුවට හිතන්න ඕනේ නේ. sed එකේදී match උණු text එක & එකෙන් ගන්න පුළුවන්.
හරි එහෙනම් මේකයි script එක 

echo "This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last." | sed 's/[0-9][0-9]*/(&)/'

හ්ම්ම් හරි කියලද හිතන්නේ. නෑ කරලා බැලුවොත් තේරෙයි. output එක තමයි
This para has (3) numbers. 123 is the first and 456 is another and 789 is at last.
ඒ කියන්නේ පලවෙනි match එක විතරයි replace කරලා තියෙන්නේ .

ඔක්කොම match replace කරන්න නම් g (global) option  එකත් දෙන්න ඕනේ. මෙහෙමයි එක කරන්නේ

echo "This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last." | sed 's/[0-9][0-9]*/(&)/g /'

මේකයි output එක
"This para has (3) numbers. (123) is the first and (456) is another and (789) is at last."

වැඩේ හරිනේ.

තව එක උදාහරණයක් බලමු. මම grep ගැන කියද්දී කිව්වා කොහොමද line number එක ගන්නේ කියල. එකේදී match වෙන text එකට කලින් line numbers එනවා. එත් line numbers විතරක් ගන්න විදිහක් grep එකෙන් හොයා ගන්න අමාරුයි. අපි ග්‍රේප් output එක sed වලට pipe කරමු . ඊට පස්සේ line විතරක් එන්න stream එක edit කරමු sed එකෙන්

grep -n 'are\|line' mytextfile.txt | sed 's/:.*//'

:.* කියන ටික තේරුනේ නැද්ද? මේකයි එතැනදී වෙන්නේ grep -n output  එක "23:Matched text " වගේනේ. මම කරන්නේ ":" එක සහ ඊට පසුව එන සියලු text empty කරන එක. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මුලින් තිබුණු line number එක විතරයි.

ඕකම sed එක විතරක් යොදාගෙනත් කරන්න පුළුවන්
sed -ne '/are\|line' = mytextfile.txt

තව දෙයක් කියන්න ඕනේ. මම මෙතැනදී sed එකේ එක command එකක් විතරයි පැහැදිලි කරේ. තව ගොඩක් දේවල් තියනවා කතා කරනවානම්. එත් දැන් ඇති. උත්සහ කරලා බලන්න. වැදගත් දෙයක් තියනවනම් comment එකක් දාන්න.

Saturday, September 4, 2010

බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4 කි

බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4 කි 

බුදු රජනවහන්සේගේ 
  1. ඉපදීම 
  2. බුදුවීම 
  3. ප්‍රථම දර්මදේශනය 
  4. ප්රිනිවන පෑම
යන කරන සිදු වූ ස්ථානයි. 

මේ කියන දේ එතරම් සාධාරණ නෑ  කියලයි මට හිතෙන්නේ. මොකද ලෝකේ ඉන්න හැම බෞද්ධයටම ඉන්දියාවට යන්න පුළුවන් කමක් නැති හින්ද. 

මොනවා උනත් අපේ අම්මයි අප්පච්චියි දඹදිව වන්දනාවේ ගිය. මේ පොස්ට් එක ලියන්නේ ටිකක් පස්සේ. එත් එයාල ලංකාවට අපු දිනේට පුබ්ලිෂ් කරනවා. 

වන්දනාව පටන් ගත්තේ අගෝස්තු 13 වෙනිදා 2010 යේ. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, අම්ම අප්පච්චි, බාප්පා, පුංචි අම්ම, රන් උපාසක මහත්තය ඇතුළු ලොකු නඩයක්  ගිය. 


සාමාන්‍ය දින ගානට වැඩ දින ගානක් අම්මයි අප්පච්චි ඉන්දියාවේ හිටිය. මොකද මැණිකේ එතකොට ඉන්දියාවේ. එයාගේ යුනිවෙසිටියටත් ගිහින් සැප්තැම්බර් 4 වෙනිදා හවස 3 ට විතර ලංකාවට අපහු අව. 

මම සමන්මලී, එයාපෝර්ට් එකට ගිය එයාලව එක්ක එන්න. 

ගමන ගිහින් එනකොට රන් උපාසක මහත්තය අප්පච්චි බාප්පා එක්ක තරහ වෙලා. හික්. එය එක්ක හිටියේ නෑ කියල. 
 
 

Sunday, August 15, 2010

අනාවැකිය නිවැරදියි, ඕපන් සොලාරිස් අවසනයි !

මීට මස කීපයකට පෙර පොස්ට් එකකින් මම අනාවැකියක් පල කළා ඕපන් සොලාරිස් අවසාන වෙමින් යන බව. ඒ අනාවැකිය අද නිවැරදි බව තහවුරු වී තිබෙනවා "Oracle Signals an End to OpenSolaris"

ඒ විතරක් නෙවෙයි, ඔරකල් එක ගුගල් එකට නඩුවකුත් දල. ගුගල් ලගේ ඔපෙන් සෝස් andriod ප්‍රොඩක්ට් එක ජාවා පාවිච්චි කෙරීම හරහා ඔරකල් ට අයිති (සන් ට අයිතිව තිබුණු) බුද්ධිමය දේපලක් වැරදි අයුරින් පාවිච්චි කරනවා කියල.

අපිටත්  JDK  එකත් සල්ලි දීල ගන්න වෙන දවස වැඩි අතක නෙවෙයි .

අහෝ සන් ! ඔබ සිටියා නම්

Sunday, August 8, 2010

බුදු රැස් විහිදීම, දුෂ්ටි මායාව හා ආලෝකය - 2

මගේ කලින් පොස්ට් එකට තිබුණු රිප්ලයි වලින් තේරෙන්නේ සමහරුන්ට මම කියපු දේ තේරිලා නේ වගේ. සමහරුන්ට හිතිලා තියනවා මම මේ ආලෝක (වර්ණ) වෙනස බුදු රස විහිදීමක් විදිහට විස්තර කරනවා කියල. නෑ. කොහොමත් නෑ. එකයි මම කලින් පොස්ට් එකේ මිලින්ම මේ වර්ණ වෙනස ප්‍රති නිර්මාණය කරන විදිහ ලිව්වේ. 

කාංචන, අහල තිබුන පින්තුර තියනවද කියල. මමත් හොයා ගන්න උත්සහ කරනවා. හම්බ උනොත් පොස්ට් කරන්නම්.

තව කෙනෙක් කියල තිබ්බ මේකේ still images විතරක් නෙවෙයි movies පවා  තියනවා කියල. ඔව් ඒ දවස්වල ඕනේ තරම් තිබුන. එත් මම මගේ විස්තරයට ඒවා නොගත්තේ still images වලින් දුෂ්ටි මායාවක් විස්තර කිරීම වැඩ සාදාරන වීම.

movies ගත්තොත් කියන්න තියෙන්නේ මේකයි. මොවිඑ එකේ මේ වරණ වෙනස පෙනෙන්නේ එකම වේලට. ඒ වෙලාවේ voice තියනවා හැමෝම කෑ ගහනවා "අන්න පේනවා, අන්න පේනවා කියල". මේ වර්ණ වෙනස දුෂ්ටි මායාවක් නම් හැමෝටම එකම වෙලාව පේන්නත්, එකම වෙලාවට පෙනීම නැති වෙන්නත් විදිහක් නෑ. මොකද දුෂ්ටි මායාවක ට කාලයේ සම්බන්දයක් නෑ. අනිත් දේ තමයි. අපිට පුළුවන් දුෂ්ටි මායාවක් ලෙස පෙනෙන දේ මනස පාලනයකින්, ඇත්තටම තිබෙන දේ නිවැරදි දේ දකින්න. උදාහරණයක් විදිහට කලින් පොස්ට් එකේ image එකේ රේඛා සමාන්තර බව හා කොටු සමාන සම චතුරශ්‍ර බව අපිට මනස පාලනයකින් දකින්න පුලුව. එත් මේ වර්ණ වෙනස සහිත images නැත්නම් movies වල, මනස පාලනයකින් වර්ණයේ ඇතිවෙන වෙනස් වීම නොදක  ඉන්න බේ.

මම නැවතත් කියන්නේ, මෙය බුදු රැස් විහිදීමක් නොවෙයි. එසේම දුෂ්ටි මායාවක් ද නොවෙයි .

Saturday, August 7, 2010

බුදු රැස් විහිදීම, දුෂ්ටි මායාව හා ආලෝකය

සමහරුන්ට මතක ඇති කාලෙකට ඉස්සර බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවා කියල මහා කලබගනියක් ගිය. ඒ දවස් වලම ආචාර්ය චන්දන ජයරත්න මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දල තිබුන. ඉතින් ඔය සිද්දිය මේ site  දාල තිබුන. මමත් ඕකට චොම්මෙන්ට් එකක් ලිව්වා. ආචාර්ය චන්දන ජයරත්න ගේ පැහැදිලි කිරීම සම්බන්දව. මේ තියෙන්නේ ඒක.

මුලුන්ම කියන්න තියෙන්නේ මේක (බුදු රැස් විහිදීම ක් ලෙස ගැනීම ) බුද්ධාගමේ හෝ බුදුහාමුදුරුවන්ගේ අශ්චර්යකට අනුව වෙන දෙයක් නෙවෙයි. මේක ඔයගොල්ලන්ට චොම්පුටෙර් එක ඉස්සරහ ඉදගෙනම අත් විදින්න පුළුවන්,

ඔයාලගේ paint application  එක (ms paint වගේ ) ඔපෙන් කරලා, කොටුවක් අද ගන්න. කොටුවේ ඉහල වම කෙලවර සහ දකුණු පහල කෙලවර යකරන් විකරණය තැබිලි පාටින් අද ගන්න . දැන් දකුණු කොටස තැබිලි පට කරන්න. දැන් සුදු සහ තැබිලි යැවෙන තැන (විකරණය අසල) එක එල්ලේ බලාගෙන ඉන්න. මේ කියන රැස්  බලන්න පුළුවන්.

දැන් අපි බලමු දුෂ්ටි මායාවක් (optical illusion ) කියන්නේ මොකද්ද කියල. දුෂ්ටි මායාවක් (optical illusion) කියන්න, කිසියම් දෙයක් දිහා බල කොට, එහි තිබෙන නියම ස්වරුපගෙන් වෙනස්ව තේරුම් ගැනීම. මේක අපේ මොලය හා සම්බන්ද දෙයක්. මොලයේ තිබෙන බුද්ධිමත් භාවය (හෝ එසේ  නොවීම ).

මේ පින්තුරේ බලන්නකෝ.



මේකේ තියන තිරස්  රේඛා  සියල්, තනි රේඛා, සමන්තරයි. ආනතියෙන්  තොරයි. හැම කොටුවක් ම සම චතුරශ්‍රයක්. එත් අපිට බලාගෙන ඉන්න කොට හිතෙනවා, රේකා සමාන්තර නැති බව. රේඛ අනත බව, කොටු එකිනෙකට සමාන නෑ කියල,. එත් ඇත්තටම එහෙම නෙවෙයි. ඔන්න ඔය වගේ අවස්ථා වලට කියනවා දුෂ්ටි මායාවක්.

හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මිරුගුව කියන්නේ දුෂ්ටි මායාවක් නෙවෙයි. මොකද මිරිගුව ඇත්තටම තියනවා. වතුර විදිහට නෙවෙයි. සෙවනැල්ල විදිහට. වතර වීදුරුවකට පැන්සලක් දාපුවම ඇදවී පෙනීම. මේකත් දුෂ්ටි මායාවක් නෙවෙයි. මේවා ආලෝකයේ සන්සිද්දෙන්. ඇසට එන නිවැරදි කිරණ නිවැරිදි අයුරින් තේරුම් ගැනීම. එත් දුෂ්ටි මායාවක දී, ඇසට එන නිවැරදි කිරම මොලය මගින් වැරිදි ලෙස තේරුම් ගැනීම දුෂ්ටි මායාවක්. ඉහල පින්තුරයේ වගේ.

මට පොඩි ගැටළුවක් තියනවා. Dr චන්දන කියන විදිහට අපි දැක්කේ දුෂ්ටි මායාවක් ද? නැත්නම් වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීයක්ද ?

ඇයි මම එහෙම කියන්නේ. ඔය බුදු රැස් විහිදෙනව කියල ආරංචිය ගියාට පස්සේ. ඒ අවස්ථාවේ ගත්තු පින්තුර (still images) ඕනේ තරම් තිබුන. මගේ යාළුවොත් අරන් තිබුන. පත්තර වලත් තිබුන. මේ පින්තුර වල අපි දකින වර්ණ වෙනස පින්තුරය බලපු සැනින් පේනවා. ඒක දිගටම, එකම විදිහට පේනවා. එත් බුදු පිළිමය දිහා බලාගෙන ඉන්න කොට මේ වරණ වෙනස පෙනෙන්නේ වරින් වර. බුදු පිළිමයේ වර්ණ වෙනස නොපෙනෙන අවස්ථාවල ගත්තු පින්තුර වල වර්ණ වෙනස පෙනෙන්නේ නෑ. පින්තුරයේ වර්ණ වෙනස පෙනෙන්නේ බුදු පිළිමයේ වර්ණ වෙනස පෙනෙන අවස්ථාවේදී ගත්තු එකක්නම් විතරයි.

මගේ තර්කය මේකයි. අපි හිතමු වරණ වෙනස නොදකින පින්තුර වර දුෂ්ටි මායාව නොපෙනෙන්නේ පින්තුරයේ අපහදිලිබව නිසා කියල, එත් වර්ණ වෙනස පෙනෙන පින්තුරයේ, වර්ණ වෙනස දකින්නේ දුෂ්ටි මායාවක් නිසානම්, නම් එය පින්තුරයේද දුෂ්ටි මායාවක් ලෙසම පෙනිය යුතුයි. (වරින් වර).

මගේ නිගමනය. මෙය කිසියම් අස්චර්යක් නම් නොවේ. නමුත් මෙය දුෂ්ටි මායාවක් ද නොවේ. එය දුෂ්ටි මායාවක් සහ වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීnගේ එකතුවක්

කතිකාවතට  විවුර්තයි

Wednesday, July 28, 2010

ICT මගින් වත්තීය සහතික සදහා USD 60 ක නැවත ගෙවීමක්

පසුගිය සතිය වගේමයි මේ සතියත්. හරිම busy. කතා ලියන්න වෙලාවක් නේ. එත් IT field ඉන්න යට වැදගත් නිසා මේ කෙටි සටහන තබනවා.

ඔබ වත්තීය සහතික විභාගයකට පෙනී සිටීමට බල පොරොත්තු වෙනව නම් මේක කදිම අවස්ථාවක්

ඔබ පෙනී සිටීම Sun , Microsoft , Oracle , Cisco  , RedHat   සහතික විභාග (උද. SCJP , MCP, OCP) සදහා ICT මගින් දිරි ගැන්වීමක් විදිහට USD 60 කට යටත්ව නැවත ගෙවීමක් කරනවා. ඉතින් ඔබත් මේ විභාගයකට පෙනීසිටීමට බලාපොරොත්තු වෙනවනම් මෙන්න වෙලාව. වැඩි  විස්තර සදහා 0112369099 ext 277 ට call එකක් දීල බලන්න. නැත්නම් http://www.futureisit.lk/index.php/en/training-vouchers ගිහින් Training Vouchers බලන්න.

අනිත් යටත් මේ පණිවුඩය දෙන්න 

ජය වේවා

Friday, July 23, 2010

Hat's off to Murali

ලියන්න හිතාගෙන හිටපු පොස්ට් එක ලියන්න බැරි උන. එතරම්ම වැඩ අධිකයි.

එත් මේ සටහනනම් තැබිය යුතුමයි.







ටෙස්ට් කදුළු 800 ක් ලබාගෙන අද (22nd July) ටෙස්ට් දිවියෙන් විශ්‍රාම යන මුරලි,

ඔබට ජාතියේ උත්තමාචාරය.

Monday, July 12, 2010

රානි නැන්දත් phone එකක් අරන්

ගිය සතියේ ජෝක්කු කතාව මතකනේ. ප්‍රතිචාරත් ගොඩක් තිබ්බ. එක හින්ද අදත් හිනා යන කතාවක්ම ලියන්නම්.
මේ කතාව බලපුවම ඔක්කොම මට බනියි, මිනිස්සු රවට්ටලා හිනා වෙනවා කියල. එත් මට නම් පට්ටම කතාව, එක හින්ද කියන්නම්

අම්මගේ උදව්වට ගමේ ගැණු කෙනෙක් එනවා. නම "රානි" . අම්මගේ හොදම ගෝලය. අම්මගේ වචන වලින්ම කිව්වොත්, "වැඩට නම් කිසි හොරයක් නෑ. මම, කාල ටිකක් ඉම්මු කිව්වත් දිගටම වැඩ. අනික හරි උත්සහවන්ත් ගෑනි."

රානි නැන්දගෙන් තමයි මම ගමේ වෙන ඕපයක් එහෙමත් අහ ගන්නේ. (කොහොම උනත් අම්ම නම් රානි නැන්දට ඕප වලට තහංචි දාල තියෙන්නේ )

ඔය තමයි පුර්විකාව, මේකයි කතාව.

ඔන්න මම සුපුරුදු පරිදි සිකුරාදාවක (මහා රෑ) ගෙදර ගිය. සෙනසුරාදට එලි උණා. අම්ම කිව්වා

"ඔන්න ලොකු පුතේ ජෝකේ එකක් දානවනම් chance එකක් තියනවා. ඊයේ රාණිය ෆොනේ එකක් අරගෙන. ලනුවක් දෙනවනම් අන්න number එක තියනවා"

මටත් ඊට වැඩ දෙයක් නෑ. ගත්ත call එකක්. බඩු වැඩ. රින්ග් වෙනවා

රාණී: හලෝ..
මම: ආයුබෝවන් නෝනා මහත්මය
රාණී: ආ...
මම: නෝනා මහත්මය, මම (අහවල්) දුරකථන ආයතනයෙන් කතා කරන්නේ. ඊයේ සවිකරපු  දුරකතනයේ තත්වය පරීක්ෂා කරන්නයි මේ ඇමතුම ලබා ගත්තේ. ඔබතුමියට දැන් විවේකයක් තිබෙනවද අපත් සමග මොහොතක් කතා කරන්න?
රාණී: ආ... ඔව් මහත්තය..
මම: දැන් කොහොමද දුරකථනය
රාණී: හොදයි මහත්තය ප්‍රශ්නයක් නෑ.
මම: ලබන ඇමතුම් හොදින් ඇහෙනවද?
රාණී: ඔව් මහත්තය
මම: එකකොට ලබා ගන්න ඇමතුම්?
රාණී: ඔව් මහත්තය මම call ටිකක් ගත්ත. හොදට ඇහුන.
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය තොරතුරැ වලට. අපිට දුරකතනයේ පැහැදිලි බව පරීක්ෂා කරන්න අවශ්යි. කරුණ කරලා මදක් උදව් කරන්න පුලුවන්ද?
රාණී: පුළුවං මහත්තය. මම මොකද කරන්න ඕනේ.
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය. කරුණාකර එකේ සිට දහයට පිලිවෙලින් ගණන් කරන්න.
රාණී: දැන්ද
මම: ඔව් නෝනා මහත්මය.
රාණී: එකයි, දෙකයි, ... දහයයි.
මම: බොහොම ස්තුත්යි නොනමහත්තය. කරුණ කරලා නැවතත් වැඩි හඩකින්, හෙමින් ගණන් කරන්න
රාණී: එකායි..., දෙකයි..., ....., දහයායි..
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය. ආරෝහ ආකාරයට ගණන් කෙරීම ඉතාම පැහැදිලියි. කරුණ කරලා අවරෝහණ පිළිවෙලට ගණන් කරන්න පුලුවන්ද? 
රාණී: ඒ කිව්වේ මහත්තය..
මම: කලින් ආකාරයටම, දහයේ සිට එකට, අඩුවන පිළිවෙලට  ගණන් කරන්න.
රාණී: අනිත් පැත්තටද ?
මම: ඔව් නෝනා මහත්මය.
රාණී: දහයායි..., නවයායි..., ......, එකායි...
මම: හරි නෝනා මහත්මය. බොහොම ස්තුත්යි. ඔබගේ දුරකථනය ඉතාම පැහැදිලියි. නැවත අවශ්‍යතාවයක් උනොත් අපි ලබා දුන්නු අංකයට ඇමතුමක් ලබා දෙන්න.
රාණී: හොදයි මහත්තය.
මම: සුබ දවසක්
රාණී: හා.. හොදයි

මේ කතාවම දෙවෙනි කොටස පසුවට

Tuesday, July 6, 2010

යකෝ "ජොකා", "ජොකා"

මේක A /L කාලේ සිද්ද වෙච්ච වැඩක්. වැඩිය රේන්ද රැලි පටි නැතිව කියන්නම්. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. A /L කාලේ තමයි මිනිහෙකුගේ මිහිරිම කාලේ කියලයි මම හිතන්නේ. ඉස්කෝලේ mixed එකක් නම් තවත් මාරු. .අහ.. රැලි පටි ඕනේ නේ.

ඔන්න අපි කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ කට් කරලා යාලුවෙකුගේ ගෙදර ගිය. ගිහින් නාන්න ගිය උන්ගේ ගෙවල් ගව තියන වැවකට . දන්නවනේ ඉස්කෝලෙන් පැනල අවම යාළුවන්ට උනත් ගෙදරින් සැලකිලි නැනේ. ඉතින් නන ගියාට කිසිම ප්‍රතිපාදනයක් නේ. නාන්න අදින්න දෙයක් නැ. සබන් නේ. තුවා නේ. ඔහොමයි වැඩේ ගියේ. නාන්න ඇන්දේ ඇදගෙන ආපු "ජොකා මයි"  . ජොකා කියන්නේ මොකටද කියල නොදන්නා කොල්ලෙක් ඉදියි කියල හිතන්න බෑ.



ඉතින් නාල, (යාළුවගේ ගෙදරින් කන්න නම් දුන්නද කොහෙද?) ලග තියන වෙන ඉස්කෝලයක් ඇරෙන වෙලාවට සෙට් උනා අපහු යන්න. කෙල්ලෙක් සෙට් වෙයි කියන යහපත් චේතනාව ඇතුව. ඔන්න ඉතින් බස් එකටත් නැග්ග. කෙල්ලෝ පිරිලා. ඔන්න ඉතින් අපිත් දෙන්න දෙන්න විසිරිලා  එක එක තැනට සෙට් උනා. අමිලයි අනුරාධයි උන් දන්නා කෙල්ලෝ සෙට් එකකට ජෝඉන් උනා. වැඩේ නැගල යනවා. අපිත් ලග.

අමිලගේ පුරුද්දක් තිබුන දාඩිය තුබුණත් නැතත් කොයි වෙලාවෙත් මූණ පිහින එක. මූණ විතරක් නෙවෙයි. මුළු සරුවන්ගේම . අමිලය සුපුරුදු පරිදි කලිසම් සාක්කුවට අත දාලා ලේන්සුව අරන් මූණ පිස්සා.

ලග හිටපු අනුරාධය "යකෝ, ජොකා ජොකා" කියල හිමීට කෑ ගහනවා. කෙල්ලන්ගේ කිචි බිචිය කෙළවරක් නැ. අමිලය නෙවෙයි ගනකටවත් ගන්නේ. අමිලය මූණත් පිහදලා අත පිහිනන ගත්තට පස්සේ තමයි උට වැඩේ තේරුනේ.

අමිලය ඒ වෙලාවේම බස් එකෙන් බැස්ස. එදා ඉදල තමයි අමිලය "ජොකා" උනෙත් අනුරාධය "යකා" උනෙත. හැබැයි මුන් දෙනාවම දැකපු කාලයක් මතක නේ.  

ප.ලි
තේරුනේ නැති අයට.
අමිලය ලේන්සුව කියල අරගෙන මූන පිස්සේ, ඌ නාන්න ඇදපු ජෝකගෙන්.

Thursday, July 1, 2010

ඕපන් සොලාරිස් අවසනයිද?

සන් කොම්පැනිය (There is no 'පැනි' in company :) ) තරම් ඔපෙන් සෝස් සොෆ්ට්වරේ වලට back කරපු කොම්පැනියක් තවත් නෑ. අවාසනාවකට ලෝකේ අතිඋනු ආර්ථික අර්බුදෙත් එක්ක සන් කොම්පැනිය විකිණුව ඔරකල් කාරයින්ට. IBM එකත් bid  කළා. එත් ඔරකලනේ දිනුවේ. ඔරකල්, සන් ගන්න වෙලාවෙනම් කිව්වේ, සන් වගේම OSS වලට හෙල්ප් කරනවා කියල. මේ ලගදී ඔරකල්  චීෆ්  කොර්පරට් අර්චිටෙච්ට් එඩ්වර්ඩ් ස්ච්රෙවෙන්, ඔරකල් මැගසින් එකට ඉන්ටෙර්විව් එකක් දීල තිබ්බ එයාලගේ open source strategy එක ගැන. The first thing that I want to point out is that Oracle doesn’t really have an open source-specific strategy. What we have is an overall company strategy.

දැන් හරිනේ, ඒ බව හොදටම පේනවා,

සාමාන්යෙන් ඕපන් සොලාරිස් මාස 6 න් 6 ට අලුත් නිකුතු එලියට දැම්ම. එත් 2009 - 06 න් පස්සේ කිසිම release  එකක් එලියට අවේ නෑ.  හරි විදිහටනම් 2009-11, 2010-05 කියල 2 ඇවිත් තියෙන්නේඕනේ.

මම හිතන්නේ 
ඕපන් සොලාරිස් අවසනයි,

අහෝ සන් ! ඔබ සිටියා නම්

ප. ලි.
ඕපන් සොලාරිස් තමයි හොදම GUI එකක් තිබුණු ලිනක්ස් දිස්ට්‍රිබුෂන් එක. පස්සේ නිම්බුස් තීම් එක අව අනිත් දිස්ට්‍රිබුෂන් වලටත්.  බලන්න මගේ උබුන්ටු උඩ නිම්බුස් තීම් එක පේන අපුරුව



Saturday, June 26, 2010

පොසොන් දවසේ නත්තල්

ඊයේ පොස්සෝන් පොයනේ. පන්සලකටත් ගොඩ වෙලා දන්සක් හම්බුනොත් දන්සලත් වැදලා නැති උනොත් හොටෙල් එකකින් හරි කාල,  එන්න කියල කිතාගෙන මමයි wife යි එලියට බැස්ස. ප්‍රදාන පාරට වැටෙන කොටම බත් දන්සක්. car එක පාර්ක් කරලා බහින කොටම එතන හිටපු කෙනෙක් (දන්සල් සංවිධායකයෙක් වෙන්න ඕනේ) කිව්වා,

"දැන් නම් ඉවරයි. ආයේ 6.00 විතර තමයි පටන් ගන්නේ කියල"

එහෙන්මම ටවුන් එකට ආව. වෙලාවට පොඩි බත් කඩයක් සෙට් උන. කෑම කල බිල ගෙවන්න counter එකට ගියාට පස්සේ එතන ඉන්නවා පොරක්, නස්පියට ගහල. ඇග නැවෙන්නේ නැති තැන්වලින් හිටන් නැවෙනවා.

"මු.. මුදලාලි, මට දෙන්න... සිගරට් 2 ක්, මෙන්න 40, ඉතුරු දෙක ටිප් එක.. "

මුදලාලි සිගරට් 2 දෙන ගමන් මෙහෙම කිව්වා.

"ආ.. අද බස් දුවන්නේ නැති හින්ද පාර්ක් එකේ ඔක්කොටම පොසොන් හින්ද නත්තල් නේද?"

කතාව සරල උනත් ටිකක් සංකීරනවා හිතන්න කියවන යට භාරයි.

මෙ කතාවටම ටිකක් සම්බන්ධ කතාවක් මතක් උනා. මේක කියන්නේ ආගමකට නිගරු කරන්න නෙවෙයි. එත් මේ තමයි ආගම් (බුදු සසුන අමගක් නෙවෙයි කියල තර්ක කෙරුවත්, අපි කියන්න හුරුවෙලා තියෙන්නේ බුද්ධාගම කියලනේ ) දෙකක වෙනස. ආගම් දෙකක වෙනස කෙසේ වෙතත් ආගම් දෙක අදහන වෙනස.

කතාව මේකයි

ඔන්න ලංකාවට ආව සංචාරකයෙක්, මිනිහගේ නිවාඩුවට. මිනිහ බීමට හරිම පෙරේතයි. ආගමක් දහමක් නෑ.
මේ සංචාරකයා අපු ගමන් බොන්න හොයන්න පටන් ගත්ත. යන යන තැන bar ඔක්කොම වහල. මිනිහට හරි පුදුමයි.

"අයි මේ ඔක්කොම බාර් වහල?" පාරේ හිටපු කෙනෙකුගෙන් මිනිහ විස්තරේ ඇහුව.
"ඇයි දන්නේ නැද්ද? අද වෙසක් පොයනේ. සතියක් බාර්, මස්කඩ වහල". අපේ යාළුවා මිනිහට පැහැදිලි කළා.
"ඉතින් ඇයි බාර් වහන්නේ?"
"වෙසක් පෝය දවසක තමයි සිදුහත් තවුසා බුදු උනේ. අපි එක සමරනවා. (අඩුම තරමින්) එදාට (වත්) බෞද්දයෝ බොන්නේ නෑ. එදාට රජය බාර් වහන්න නියෝග කරලා තියෙන්නේ ඒකයි"
සංචරකයට full upset .
සංචාරකයා මිනිහගේ නිවාඩුව ඉවර වෙලා අපහු ගිය.

ඊලග නිවාඩුවටත් මේ සංචාරකයා ලංකාවට ආව. බාර් එකකට යන්න  කියල හිතාගෙන එලියට බැස්ස.
මෙන්න වැඩක්, හැම ගෙදරකින්ම අඩගහල බොන්න දෙනවා.

"ඇයි මේ?" සංචාරකයාට full ම upset
"අය්යෝ, එකවත් දන්නේ නැද්ද? අද වගේ දවසක් තමයි අපේ ජේසු තුමා, කුරුසේ ඇන ගහල මැරුවේ. අපි මේ එක තමයි සමරන්නේ"
"අපරාදේ ?"
"ඇයි ?"
"නෑ....  ඇන ගහන්න තිබුණු කෙනා බුදු උනා...  බුදු වෙන්න තිබුණු කෙනාට ඇන ගැහුවා. "

ප.ලි
සංචාරකයා ආගමක් දහමක් නොදන්නා පුද්ගලයෙකු බැවින් ඔහුට හා ඔහුගේ  වචන හැසිරීමට සමව දෙන්න.

Thursday, June 24, 2010

"grep" සහ "OR"

grep සහ or

linux භාවිතා කරන අය monitoring වලට යොදා ගන්න command  එකක් තමයි "grep". grep යොදා ගන්නේ text match කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු file (mytextfile.txt)එකක text එකක් තියන යටින් තියන විදිහට

these 


are 


lines of 


a text 


file




දැන් අපි හිතමු අපිට "are" කියන වචනේ මේ file එකේ තියනවද කියල බලන්න ඕනේ කියල.
කරන්න තියෙන්නේ grep පාවිච්චි කරන එක. (තව ක්‍රමත් තියනවා. එක වෙනම දෙයක්)

grep 'are' mytextfile.txt 




-n option එකත් use කලොත් line නො එකත් ගන්න පුළුවන්.

grep -n 'are' mytextfile.txt 





හරි, මෙච්චර වෙලා කිව්වේ මම කාලයක් දැනගෙන හිටපු දේ. එත් අද මට ඕනේ උන grep එක්ක "OR" use කරන්න. ඒ කියන්නේ වචන කීපයක් තියනවද කියල check කරන්න. අපි හිතමු අපිට ඕනේ 'are' හරි (හෝ) 'line' කියන වචන දෙකෙන් එකක් හරි තියනවද කියල බලන්න. ටිකක් google වලයි man එකයි use කරට පස්සේ ක්‍රමය හොයා ගත්ත.

grep -n 'are\|line' mytextfile.txt 




| කියන්නේ logical OR එකට. \ යොදාගන්නේ, | එක text  චර් එකක් newei කියන්න. Regular Expression ගැන ටිකක් හොයල බලන්න. මාර ඉන්ටෙරෙස්ට්.

අහ් කියන්න බැරි උනානේ. grep එකට වෙන command එකක output එක pipe කරන්න පුළුවන්. file එකක්ම ඕනේ නේ ඉන්පුට් . මම නිතරම භාවිතා කරන එකක් දාන්නම්කො, එතකොට තේරෙයි.

ps  -ef | grep  'java'




"java" වචනේ තියන process ඔක්කොම පෙන්නයි.

Thursday, June 10, 2010

අති ගෞරවනීය, අවසරයි ගංගොඩවිල සෝම හිමියන් අපවත් කරවීම

අති ගෞරවනීය, අවසරයි ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් කරවීම සම්බන්ධව වැම්පයර් විසින් මේ පොස්ට් එක දාල තිබුන.

අති ගෞරවනීය, අවසරයි ගංගොඩවිල සෝම හිමියනි, නිවන් දක්නා ජාති දක්වා, ජාතිය අවදි කිරීමට අප අතරම ඉපදේව.

Tuesday, June 8, 2010

සින්ඩිය සහ ලාංකීය සින්ඩිය

මේ කතාවනම් කාලෙකට ඉස්සර ඉදන් තාමත් වෙන දෙයක්. කියන්න ඕනේ නැනේ. සිංහල බ්ලොග් syndicators  අතර දැන් තියෙන්නේ තරගයක් නේ. මොනවා උනත් එක හොද දෙයක් විදිහටි මම නම් දකින්නේ. මොකද ඕනෙම දෙයක් සංවර්ධනය වෙන්න තරගයක් තියෙන්න ඕනේ කියල මම හිතනවා. සෝවියට් සමුහාණ්ඩුව තියන කලේ රුසියාවේ හිටපු මගේ යාලුවේ කිව්වා එය එහෙ හිටපු අවුරුදු 6 ටම මුළු රුසියාවේ හැම ගෙයකම දැක්කේ එකම ටීවී එක, රේඩියෝ එක, එකම කාර් එකලු. කිසිම දියුණුවක් නැ. user friendly නැ. ඔක්කොම නිකක් පෙට්ටි වගේ ලු. එකට හේතුව තමයි තරගයක් නැති එක.

මේ syndicators  අතර තියන තරගය හින්දම මමත් syndicators  දෙකකම රෙගිස්ටෙර් උන. සින්ඩිය සහ ලාංකීය සින්ඩිය. නමුත් සින්ඩිය නම් මගේ බ්ලොග් පොස්ට් එකක්වත් කියවන්න සමත් උනේ නේ. ලාංකීය සින්ඩිය නම් තිතට වැඩ.

සින්ඩියේ මහත්වරු, බැරි වෙලාවත් මේක දැක්කොත් ටිකක් හොයල බලන්න.

බලමු මේකවත් කියවයිද කියල

Monday, June 7, 2010

කතෝලික සිසුන්ගේ බුද්ධාගම ලකුණු

අද කියන්න යන්නේ මීට අවුරුදු 7, 8 කට කලින් වෙච්ච රසබර කතාවක්. මම කියල නැනේ, අපේ අම්ම ගුරුවරියක්. සිංහලෙන් කිව්වොත් teacher  කෙනෙක්. මේ කතාව උනු දවසෙම තමයි අම්ම ඇවිත් කිව්වේ.

කතාවේ, කතා නායකයා අම්මලගේම ඉස්කෝලේ ගුරුතුමෙක්, සිංහලෙන් නම්  සර්  කෙනෙක්. අපි පහසුවට සිරිවර්ධන සර් කියමු. ඇත්ත නමනම් නෙවෙයි.

සිරිවර්ධන සර් ඉස්කෝලේ හිටපු ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඉගැන්නුවේ සිංහල, බුද්ධාගම විෂයන් සාමාන්‍ය පෙල, උසස් පෙල දෙකම.  සිරිවර්ධන සර්, විභාග ලං උනාම පුනරීක්ෂණ පන්ති තියනවා ඉස්කෝලේ, නොමිලේම. ඒ තරන්ම කැපවීමෙන් උගන්වපු කෙනෙක්. මම 10 වසරේ ඉදිද්දී O/L ලිව්වනේ. ඒ වෙලාවේ මමත් එයාගෙන් ඉගෙන ගෙන තියනවා, අර පුනරීක්ෂණ පන්ති වලට ගිහින්. මම නම් ඒ ඉස්කෝලේ නෙවෙයි. එත් අම්ම හිටපු ඉස්කෝලේ හින්ද මටත් යන්න පුළුවන් උන. මෙයාගේ කැප වීම වගේමයි. උගන්වන්න තියන දක්ෂතාවය. මම 10 වසරේදී O/L ලියපු වෙලාවෙත් ඒ විෂයන් දෙකටම D. මේ වෙලාව සර් ට පින් දෙන්න අවස්ථාවකුත්  කරගන්නවා

අම්ම කියන විදිහට, මොන තරම් කැපවීමක් තිබුනත්, උගන්වන්න දක්ෂ උනත්, මේ සර්ගේත් ලොකු අඩුවක් තිබ්බ. (අම්ම කියන විදිහට කියල වාක්‍ය පටන් ගත්තේ, මම ඒව අත් විදලා නැති හින්ද. මෙතනි පස්සේ කතාව අම්මගේ වචන වලින්.) අඩුව තමයි අමතක වීම සහ ඊටම බැදුණු නොසැලකිල්ල. පන්තියකට ගියොත් පොත් ටික එතන. wash room ගියොත් පොත් ටික එතන. බයිසිලකේ අවොත් ගෙදර යන්නේ බයිසිකලේ ඉස්කෝලේ තියෙද්දී, බයිසිකලේ ගෙදර තියල අවොත් යන්න ලැහැස්ති වෙලා මුළු ඉස්කෝලෙම දෙවනත් කරලා බයිසිකලේ හොයනවා. ඔයවගේ විස්තර ගොඩයි.

ඔන්න දවසක් ගුරුවරු ටික දවල් විවේකයේදී ගුරු විවේකගාරේ සතුටු සාමීචියේ  ඉන්නවා. මේ කාලේ ඉස්කෝලේ වාර විභාග හින්ද වැඩත් ටිකක් අඩුයි. ඔන්න සිරිවර්ධන සරුත් ඔතෙන්ට ආවා කඩියා වගේ.

"ආ... සිරිවර්ධන සර්.. මම සර්ව හම්බ වෙන්න තමයි හිටියේ. මොකද්ද අර කරලා තියන විකාරේ." කතෝලික මිස් ටිකක් තරහින් වගේ ඇහුවලු.

"ඇයි මිස්". සිරිවර්ධන සර් බොහොම නිතමනීව ඇහුව.

"ඇයි කියන්නේ? මම උදේ 11 පන්ති වල ලකුණු ටික දාන්න record book එක ගත්ත. ඔයා කතෝලික ළමයින්ගේ හිටන් ලකුණු දාලනේ. මම දාන්නේ කොහෙද? "

"අනේ එහෙමද? මට වැරදිලා වෙන්න ඇති. ඉන්න මම හදල යන්නම්". සිරිවර්ධන සරුත් බය වෙලා උත්තර දුන්නලු.

පස්සේ වෙලාවක අම්ම සිරිවර්ධන සර් ගෙන් ඇහුවලු "සිරිවර්ධන මල්ලි මොකද මේ වෙලා තියෙන්නේ කියල"

"අනේ (අම්මගේ නම) අක්කේ. මර වැඩේනේ උනේ. 11 ළමයින්ගේ papers ටික මගේ අතින් නැති වෙලා. දැන් ඉතින් කරන්නම  දෙයක් නැති හින්ද, පහුගිය වාර පරීක්ෂණ වල ලකුණු ටික අරගෙන සාමාන්‍ය අරගෙන මේ පර ලකුණු ටික දැම්ම. එත් මට අමතක උනානේ කතෝලික ළමයි ඉන්නවා කියල."


වැඩේ වැරදි කියල මේක බලන යට හිතෙයි. එත් සිරිවර්ධන සර් කරගෙන තියන දේවල් අනුව, ඕක සාමාන්‍ය දෙයක්. නැවතත් සිරිවර්ධන සර් ට පින් දීල කතාව ඉවරකලා.

Wednesday, June 2, 2010

වැළලීම හෙවත් වල ලැම...

වැළලීම හෙවත් වල ලැම

"මොකද්ද (මගේ surname එක) මේකේ තේරුම? වැඩ කියල කියන්නේ අනුන්ගේ ඕප දුප බලන එකද? ඔයාටත් කාගේ හරි රෙද්දක් අපුල්ලන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ."

මගේ wife  ඊයේ මම බ්ලොග් බලනවා දැකල කියපු ආදරණීය වචන ටික ඔය.

"ඕප දුප නෙවෙයි. දැන් මාත් එකක් ලියනවා." ඉමිහිරි බව විද දරාගන්න බැරිම තැන මම කිව්වා.

"කෝ බලන්න පෙන්නන". wife ට මගේ බ්ලොග් එක පෙන්නුවා.

"කෝ.. එක joke එකක්වත් නැනේ... joke එකකුත් ලියන්න. අනික හැම තැනම අකුරු වැරිදියි, ව්‍යාකරණ වැරදයි. ඒවත් හදල හොඳ joke  එකක් ලියන්න. මතක ඇතිව මමයි ලියන්න කිව්වේ කියලත් දාන්න"

"හ්ම්ම්... " මමත් අභියෝගය බාරගත්ත.

මෙන්න ඒ joke කතාව. කතා නායකයා wife ගේම තාත්ත. කතාව මට කිව්වේ ටික දවසකට කලින් wife ගේ අම්ම. මේ කතාවේ කොහේ හරි තාත්ත / අම්ම  කියල තිබුනොත් ඒ wife ගේ තාත්ත / අම්ම.

"හම්මෝ.. අර පැත්තේ ඉන්න හිටින්න බෑ ගඳ. සතෙක් කුණු වෙලාද කොහෙද". එයාලගේ තේ වත්තේ වැඩට එන පැටා (අකුරු හරි. ඒක තමයි නම) wife ගේ අම්මට කියල තියනවා. අම්මත් පැටා එක්කම ගිහින් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න.

ඇත්ත නේන්නම්. පළාතම ගඳයි. එතකොටම අම්මට මතක් වෙලා තියනවා විස්තරේ. ටික දවසකට කලින් ගෙදරට මාළු වගයක් ගැනත් තියනවා. එදා මාළු ටික සුද්ද කරලා. ඉතිරි උණු රොඩු ටික bag එකක දල , වත්ත පහල ගහක එල්ල තියනවා පස්සේ වලලන්න හිතාගෙන. එයත් ඉතින් එසේ මෙසේ වැඩ කන්දරාවක් තියන කෙනෙක් නෙවේනේ. අරක වළලන වැඩේ අමතක උන. ඕක තමයි දැන් මේ දුර්ගන්ධයට හේතුව.

"එදා අර මාළු සුද්ද කරපු ඔලු කැලි ටික තාම ගහේ එල්ලලා තියනවා. දැන් නරක වෙලා පැත්තම ගඳයි. අර මිනිස්සුන්ට වැඩ කරන්නත් බෑ. ගිහින් ඒක වල දාල එන්නකෝ". තාත්ත (wife ගේ ) අවට පස්සේ අම්ම කිව්වා.

තාත්තත් පොළවත් එක්ක නයි වෛරයකින් ඉන්න කෙනෙක්. පොලව කොටන්න අවස්ථාවක් හම්බ වෙනවනම් ඊට වඩා දෙයක් නේ. ගත්ත උදැල්ල කෙලින්ම ගිය තේ කෑල්ලට (හොද කෑල්ල). පවරපු වැඩේ අකුරටම කල. ගෙදරආව.

"මම අරක වලලන්න කිව්වා". අම්ම හවස තේ අරන් ගිය වෙලාවේ කියල තියනවා.

"අම්මේ හාමිනේ තාමනං ගඳ එහෙම්මමයි "

"හ්ම්ම්.. ටිකක් වෙලා යනකොට ඇරිලා යයි" කියාගෙනම අම්මත් ආපහු ආව.


"හාමිනේ.. හාමිනේ... මම යන්න කියල". පැටා වඩා ඉවර වෙලා sign කරලා යන්න ආව.
"හාමිනේ මගේ මල්ල නැනේ. හාමිනේ හරි පොඩි මහත්තය (තාත්ත) හරි වහින්න අපු හින්ද ගැනත් තිබ්බද දන්නේ නේ..  " පැටා බොහොම අහිංසක විදිහට ඇහුව.

අම්ම ගෙනාවේ නෑ කියල එය දන්නවනේ. තාත්ත ගේනවද කියල ආයේ ගේ ඇතුලේ බැලුව. කිසි හෝඩුවාවක් නේ.

පැටා ත් එක්කම ආයේ වත්තට ගියා.

හපොයි.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවයි. කුණු මාළු bag ඒක යසට තාමත් ගහේ පාද්දී පාද්දී තියනවා. මිනියක් වළලුව වගේ කන්දත් හිටින්න පැටා ගේ මල්ල වළලලා. ඒ මදිවට කබරෝයෝ අදින හින්ද උඩින් ගල් තියල.
අම්ම ඉක්මනට දුවල ගිහින් උදැල්ල අරන් ඇවිත් පැටා ගේ මල්ල ගොඩ ගන්න පටන් ගත්ත. මුලින්ම  ගල් ස්තරයක්. ඊට පස්සේ වැලි. ආයේ ගල්. අන්තිමට නිදානේ ගොඩ ගත්ත.
පිගන රොටියක් වගේ, කෝප්පේ "ආ" යන්න වගේ. ගොඩ ගන්න කොටත් සට සට ගනවලු. (දන්නවනේ බෙලෙක් බදු වලට ගහපුවම එන සද්දේ)

Tuesday, June 1, 2010

වෙසක්

දවස් 4 ක දිග නිවාඩුවක් තිබුණු හින්ද මේ මාසෙට දෙවෙනි පාරටත් ගෙදර එන්න හම්බ උන. 26 බදාදා හවස 1 ට විතර මමයි wife  යි ගෙදර එන්න පිටත් උන ඇල්පිටියෙන්. car එකත් විකුනන්න හිතාගෙන හිටිය හින්ද වෙනදට වඩා ටිකක් හෙමින් drive  කරන්න උනේ. රත්මලානේ අය්යලගේ (wife ගේ) ගෙදර එනකොට 3.45 විතර වෙලා. wife ගේ ගෙරදින් අය්යාලට දීල තිබුණු අඹ පංගුව එහෙම දීල එහෙත් ටිකක් වෙලා ඉදල land  එකක් බලන්න ගිය නුගේගොඩ තලපත්පිටියේ. එකත් බලාගෙන කොලබින් පිටවෙනකොට 6 විතර වෙලා. traffic එකත් තිබුණු හින්ද ගෙදර එනකොට රෑ 9.30 විතර උන.

"ඔයාලට ඉතින් කොච්චර කිව්වත් රෑ වෙනකල් හිටියේ නැත්නම් ගමන සම්පුර්ණ නැනේ" . අම්මගේ සුපුරුදු රාත්‍රී ගමන් විරෝදය.

සුපුරුදු පරිදි මල්ලිත් කලින්ම ගෙදර ඇවිත් හිටිය. කොහොමින් කොහොමින් හරි වෙසක් සමරන්න ගෙදර අව.

අම්ම උදේම සිල් ගන්න ගිහින්. කෑම බීම හදල ගිහින් තිබුන. wife පස්සේ තවත් මොනවද හැදුවද කොහෙද. දවල් වෙලා ටිකක් ලොකු වන්දනා ගමනක් යන්න හිතාගෙන හිටියත් මල්ලිගේ උන ගතියයි, අම්ම නැති එකයි දෙකම හින්ද ගමන පහුවෙනිදට කල් දැම්ම.

පොඩි දවස් වල කොල්ලෝ එක්ක පහල වත්තේ උන පැදුරෙන් ගස් පෙරලගෙන, කොටු කපල සුද්ද කරලා වෙසක් කුඩු හදල අලෙව්වත්, ටිකෙන් ටික ඒවාට යොදවන්න තිබුණු කලේ ඇහිරුණ. මුලින්ම වත්තට ගිහින් උන ගස් කපන එක නැවතුන. කවුරු හරි කපල ගෙනත් දුන්නු ගහක් සුද්ද කරලා වෙසක් කුඩු හැදුව, පස්සේ ඒක කපල සුද්ද කරලා දුන්නු කෝටු වලින් කුඩුවක් විතරක් හදන තැනට ආව. මීට ඖරුදු දෙකකට උඩින් මේ විස්තරේ නැවතුනේ, හදල දුන්නු කූඩුවකට කොළ ඇලවීමෙන්. එකත් හොදයි කියමුකෝ.

එත් ගිය අවුරුදු දෙකේ අපි ලංකාවේ හිටපු නැති හින්ද අම්ම කුඩු හදන එක සම්පුර්නෙන්ම outsource  කරලා තිබ්බ. මේ පාර ගෙදර යනකොට අප්පච්චි කුඩුවේ structure (යකඩ එකක්) එක outsource කරලා තිබ්බ.

කොහෙවත් ගියෙත් නැති හින්ද wife කොළ අලවන වැඩේ බර ගත්ත. එයා වැඩේ කරන අතරේ ගත්තා ෆොටෝ එකක් thamayi මේ. මොනවා උනත් එන්ඩ් එක හොදට අව.







මෙච්චර විස්තරයක් ලියන්න හේතුව තමයි, හිතට ගත්ත අධිෂ්ඨානයක්.

"ලබන පාරනම් කොහොම හරි අපේම කුඩුවක් අයේ හදනවා. " (ලංකාවේ හිටියොත්)


එදා රැ මමයි අප්පච්චි wife ගමේ පන්සලට ගිය. ගමේ මරණයක් (අමිල රුවන්) හින්ද දුර වන්දනාවේ යන එක නැවතුන.

Tuesday, May 25, 2010

බම්බුව

තියන වැඩ රාජකාරි හින්දම ගෙදර (සමහරුනම් කියන්නේ මහ ගෙදර කියල. එත් මට තාමත් එක මගේ ගෙදර. ) යන්න වෙන්නේ මාසෙකට සැරයක් විතර. ඔයවගේ ගෙදර ගිය දවසක අම්ම ලස්සන කතාවක් කිව්වා.

අම්ම කුස්සියේ වැඩ කර කර ඉන්නකොට කවුද කතා කරනවා ඇහෙනවලු ගේ ඉස්සරහින්.

"නොනමහත්තය... නොනමහත්තය, මේ බම්බුව දන්නේ කොහෙන්ද?"

අම්මත් ටිකක් ඔනෙකමින් කන්දීල බැලුවාලු, අයෙත් ඇහෙනවා...

"නොනමහත්තය... මහත්තය මේ බම්බුව දෙන්න කිව්වා"

අම්මත් ඉස්සරහට ගිහින් බැලුව මොකද වෙලා තියෙන්නේ කියල.

"නෝනා මහත්තය. මහත්තය මේ බම්බුව තියන්න කිව්වා. කොහෙන්ද තියන්නේ"

බලපුවම අප්පච්චි මොකද්ද වැඩකට pipe එකක් අරන්. එක හන්දියේ ඉන්න කෙනෙකුට දීල ගෙදරින් ගිහින් දන්න කියල. එකට තමයි අර මනුස්සය බම්බුව කියල තියෙන්නේ. අම්මට මැරෙන්න හිනලු.
:D

Friday, May 21, 2010

කිරි අම්මා...

බ්ලොග් එකක් ලියනවා කියලත් සැහෙන දවසක් ගත වුණා. එත් ලියන්න හරි හමන් දෙයක් ඔලුවට අවේ නේ.

පෙරේදා ඉතා විශේෂ දවසක්. මගේ උපාධි ප්‍රධානෝත්සවය. මම මගේ උපාධිය ගන්නේ අවුරුදු 7 ක් පරක්කු වෙලා. ඒකට හේතු ගොඩක් තියනවා. හේතු මෙතන කියන්න ඕනේ නේ. එත් පෙරේදා  දවසේ මත එක්ක ඉන්න ඕනෙම චරිතයක් මාත් එක්ක හිටියේ නේ. ඒ මගේ කිරි අම්ම (අප්පච්චිගේ අම්ම. ). කිරි අම්ම තමයි මම පන්තියේ පළවෙනිය වෙලා, stage එකට නැගල report එක ගන්නවා බලන්න යන්නේ හැමදම. ඒ හැමදාම කිරි අම්ම අඩනවා.. සතුටට... ඒ තරම් සංවේදී චරිතයක්....

ආදරණීය කිරි අම්මේ, ඔබට නිවන් සුව.

Friday, May 14, 2010

කාලෙකට ඉස්සර - ඇරඹුම

ගොඩක් කලෙක ඉදන් බ්ලොග් එකක් හරියට කරන්න හිතාගෙන උන්නේ. ටෙච් ටෝක් ලිව්වා, day-today life ලිව්වා, English වලින් ලිව්වා,  සිංහලෙන් ලිව්වා,එකක්වත් කෙරුනේ නෑ. ඕනේ එකක් කියල ආයේ එකක් ලියන්න ගත්තා සිංහලෙන්.

හරියටම මාතෘකාවක් නම් හිත ගන්න බෑ. හිතට එන දේ ලියනවා. බලමු මේ පාරවත් පොස්ට් දහයක්වත් ලිය ගන්න පුළුවන් වෙයිද කියල.

වැඩිපුරම බ්ලොග් එකක් සිංහලෙන් ලියන්න මාව පෙලබෙව්වේ Google Transliteration සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය. ඒ අයටත් පින් දීලම වැඩේ පටන් ගත්තා එහෙනම්.

අහ්.. කියන්න බැරි උනානේ.. කාලෙකට ලිස්සර කියල තිබුනට, ලියන හැම දේම පරණම දේවල් නෙවෙයි. එත් ඕනෙම අලුත් දෙයක් පරණ වෙන හින්ද තමයි "කාලෙකට ඉස්සර" කියලදැම්මේ. තව දෙයක්, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වගේ දේවල් ගැන මගේ සැලකිල්ලක් නේ.