කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, June 30, 2012

සුමුදු මැඩම්ටත් අවුරුදු 30 යි





සුමුදු එග්සම් එකකට රෙදි වෙන හින්ද මල්ලිත් මේ දවස් වල කස්බවේ.

සිකුරාදා හවස මල්ලියි මැණිකෙයි මගේ කාර්  එකෙන් ගෙදර ගිය. මමයි අම්මයි සමන්මලියි බබා යි මල්ලිගේ කාර් එකෙන් වෙන පාදුක්ක පැත්තෙන් ගෙදර ගිය. ගමන පටන් ගන්නකොටම කාර් එකේ පච් එකක් හින්ද අපි පරක්කු උන. කොම හරි කාර් දෙකම නරම්මලදී හම්බ උන. අපි ඔක්කොම යන්න විශේෂ හේතුවක් තිබ්බ. සුමුදුටත් දැන් වයස අවුරුදු 30 ක් වෙන්න එනවා. 

ජුනි 30 සෙනසුරාදා. අප්පච්චි හිටියේ ගෙදරම. සුමුදුගෙ අම්මයි අය්යත් අව. මල්ලි පොඩි කේක්  එකක් ගෙනත් තිබ්බ. පොඩියට පාර්ටි එක ගත්ත. 




 සුබ උපන් දිනක් වේවා.

මේ තියෙන්න මල්ලිගේ 30 වෙනි උපන් දිනේ දවස. 

Monday, June 25, 2012

දුවගේ පලවෙනි උපන් දිනය.



ජුනි 23. අපේ සෙතූ බබාගේ පලවෙනි උපන්. උදේම පන්සල් ගිය. මමයි සමන්මලියි, අම්මයි (සමන්මලිගේ) බබා යි . රෑ පාටිය. අපේ ගෙදරින් අම්ම අප්පච්චි මල්ලි, මැණිකේ, සමන්මලී ගේ  ගෙදරින් අම්ම තාත්ත හින්නි, හින්නි නෝනා මහත්තය. ලොකු අය්ය, ශාම අක්ක. චමත මෙතුක, අන්කල් ඇන්ටි. නුවන් ඇවිත් හිටිය. තෑගිත් ගොඩක් හම්බ වෙලා තිබ්බ. :)

24 වෙනිදා උදේ සංගමිත්ත ළමා නිවාසයට දානයක් දුන්න. 

උදව්වට ඉන්න ඤානාත් ගොඩක් මහන්සි උන.

සෙතූ  බබා.. ඔබට සුබ උපන්දිනයක් , සුබ අනාගතයක්

ස්ටීම් බෝට් එකේ ඩිනර් පාර්ටි එක

ඉතාම සුබ සතියක්. බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට උන.

මොරටුවේ ස්ටීම් බෝට්  එකේ ඩිනර් පාර්ටි එකක් ලෑස්ති කල. හිටියේ මමයි සමන්මලියි බබයි, අම්මයි මල්ලයි නංගියි 






Monday, June 18, 2012

යාපනයට බසයෙන්


මගේ ව්‍යාපාරික :) වැඩකට යාපනේට යන්න ඕනේ උන. පොඩි ට්‍රිප් එකක් විදිහට යන්න තමයි සැලසුම් කලේ එත් තිබුණු වෙලාව මදි. එක හින්ද මම විතරක් යන්න තීරණය කල. මල්ලි ටිකට් එක බූක් කරලා තිබුන. සෙනසුරාදා  රෑ 9.30 බස් එක වෙල්ලවත්තෙන් පිටත් වෙන්න තිබ්බේ. නුවන් මාව ගෙනත් දැම්ම. බස් එකේ ගාස්තුව 1335. මොනවා උනත් සැප බස් එක. ඇත්තටම අධි සුකොපබෝගී කියල ගහගෙන තියන එකේ එතරම් වරදක් නේ. එපාම උණු දේ තමයි දල තිබුණු දෙමල ෆිල්ම් එක.
මුල ඉදලම නිදා ගත්තු එක තමයි කලේ. තැන දෙකක මමත් බැස්ස. මීගමුවෙයි කිලිනොච්චියෙයි. යාපනෙන් බහින කොට උදේ 6.30 විතර උන. ඊටපස්සේ ඉතින් මගේ වැඩ ටික කර ගත්ත. මල්ලිගේ යාළුවා (ඉන්දික) ත් එක්ක මිනිහගේ සයිට් එකට ගිය. එතන සේවකයෝ වගයක් පොලව හරනකොට සජීවී ජොනි බට්ටෙක් හම්බ වෙලා තිබ්බ. මොන තරම් ක්ලියර් කිව්වත් තාමත් ඕනේ තරම් මේවා හම්බ වෙනවලු.

රේ 7.30 තමයි බස් එක එන්න පිටත් වෙනවා කියල තිබුනේ. වෙලාවටම පිටත් උන. සදුදා උදේ 5.00 වෙද්දී කොළඹ. ගෙදරට එනකොට 6.10 සම්පුර්ණ දුර 950 කි.මි විතර. නරක නේ.