කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, November 18, 2014

5 ගන්න බැරි උන. 6 න් දෙකක් ගත්ත

5 ගන්න බැරි උන. 6 න් දෙකක් ගත්ත 

මේ මගේ iphone 3G එක නැති උණු එක ගැන ලියපු post එක. 


එතකොට 4 ත් ඇවිත් තිබ්බේ. එක නිසා 5 ගන්න තමයි හිතාගෙන හිටියේ. කොහොම හරි ගන්න බැරි උන. iphone 6 පිට උනා. 

මටයි, wife ටයි 2ක් ම ගත්තා. 

බැනුම් කෝටියයි.

Saturday, November 8, 2014

Engineering යනවද BSc කරනවද?



නිකමට මගේ පැරණ බ්ලොග් බලන්න ගත්ත. මේ බලනක් කොට A / L කලේ මතක් උන. 

http://kalekata-issara.blogspot.ie/2010/07/blog-post_06.html

මම වැටිලා හිටියේ පොතේ පතේ වැඩ කරන සහ නරක වැඩ කරන ගොඩට. සාමාන්යෙන් අපේ ඉස්කෝලේ bio, maths පන්ති වල නරක වැඩ කරන උන් අඩුයි.

ඒ අන්තිම term ටෙස්ට් එක. පන්ති බාර සර් ලකුණු අරන් ආව. මම හතර වෙනියා. සාමාන්යෙන් 3 වෙනියා වෙවී අවේ. 

සර් ඇහුව "Engineering යනවද BSc  කරනවද? තව මාස තුනයි තියෙන්නේ."

සර් කිව්වා හරි, මුල් තුන්දෙනාම ගිය මට යන්න බැරි උන. 

හැබැයි හැම දේම වෙන්නේ හොදට වෙන්න ඇති. 

Friday, October 31, 2014

ජීවිතයේ පළමු වතාවට ඉලක්කම් 7 ක් වැටුපක් ලදීමි

මතක විදිහට පඩිය වෙනස්  උණු විදිහ. 

1. ලංකාව 7,500 - 2003
2. ලංකාව 12,500 - 2003
3. ලංකාව 18,000 - 2004
4. ලංකාව 21,000 - 2005
5. ලංකාව 30,000 - 2006
6. ලංකාව 45,000 - 2006
7. පිලිපීනය 400,000 - 2007
8. හොං කොං 420,000 - 2009 (ලංකාවේ නිවසේ සිට වැඩ කිරීම )
9. පිලිපීනය 350,000 - 2012
10. ලංකාව 200,000 - 2012
11. ලංකාව 225,000 - 2012
12. ලංකාව 275,000 - 2013
13 අයර්ලන්තය x,x00,000 - 2014

Sunday, September 14, 2014

ලෙස්ටර් ජේම්ස් පිරිස්, ස්ටීවන් ස්පිල්බර්ග්, ආදිත්‍ය චොප්රා, මයිකල් බේ සමග ඩිලාන් මැතිතුමා හා කුමාරි මැතිතුමිය



2014-09-13 22:53 GMT+01:00 ලෙස්ටර් ජේම්ස් පිරිස්.
ඔබ දෙපලගේ මෙම තීරණය පිළිබදවා පුදුම නොවන අතර, තීරණය ආදිත්‍ය චොප්රාට දන්වන්නෙමි. 


2014-09-13 14:35 GMT+01:00
හිත්වති ලෙස්ටර් ජේම්ස් පිරිස් මැතිතුමනි,

පලමුව ඔබගේ බිරිද රෝහල් ගත වීම පිලිබදව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

මේ දින වල අපි මයිකල් බේ මහතාගේ අලුත්ම ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටියේ ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයන බැවින් ඉතාම අවිවේකී බවෙන් පසු වන්නෙමු.

එබැවින් ආදිත්‍ය චොප්රාගේ චිත්‍රපටය සදහා දින කාලවකවානු තෝරා අපහසුතාවයක් පවතුන බැවින් පසුව අප අමතන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු. එසේම අප දෙපලගේ කනගාටුවද ප්‍රකාශ කරමු. 

ස්තුති, 

මෙයට විශ්වාසී
ඩිලාන් මැතිතුමා  හා කුමාරි මතිතුමිය



2014-09-13 18:41 GMT+05:30 ලෙස්ටර් ජේම්ස් පිරිස්. 

ලෙස්ටර් ජේම්ස් පිරිස්. 

මා හිතවත් ඩිලාන් මැතිතුමා  හා කුමාරි මතිතුමිය   වෙත.

හිරු ටීවී සහ youtube ඔස්සේ විකාශනය වූ ඔබ දෙපලගේ විවාහ මංගලෝත්සවය දැක මම අතියශය සතුටට පත් උන. 

එතරම් "අනර්ග", "උත්කෘෂ්ට", "ප්‍රතිබා පූර්ණ", "තාත්වික", "සවුම්ය ", "හැගීම් බර ", "ප්‍රේමනීය ", අමරණීය රංගනයක් ප්‍රතිභාවක්  එදා මේද තුර මම දැක නැත. ඔබ දෙපලට රගපෑම් විෂයෙහි ඇති උපන් හැකියාව වචනයෙන් කියා නිම කල නොහැක. 

ඔබ දෙපලගේ ඒ ආදර අන්දර ඇසීමෙන් මගේ ප්‍රිය බිරිඳ "සුමිත්‍ර පිරිස්" මේ සතිය මුළුල්ලේම හඩු කදුලෙනි. ගෙදර ලිප සතියක් මුළුල්ලේ ලිප ගිනි මෙලවී නැත. 

මෙම තත්ත්වය රගපෑම ගැන දන්නා ඕනෑම කෙනෙකුට පොදුය. උදාහරණයක් ලෙස ඊයේ දුරකතනයෙන් මට කතා කල ස්ටීවන් ස්පිල්බර්ග් පැවසුවේ ඔහු පසුගිය සතිය මුළුල්ලේම නිදා නොගත් බවයි. 

මෙමෙ ලිපය ලීව්මට ප්‍රදාන හේතුව අද උදයේ මට දුරකතනයෙන් කතා කල "ආදිත්‍ය චොප්රා" ඔබ දේපල ඔහුගේ ඊලග චිත්‍ර පටිය සදහා තෝරාගෙන තිබෙන අතර ඔබගේ කැමැත්ත ලබා දෙන  දෙන ලෙස මගෙන් ඉල්ලා සිටිය. ගෙවීම් ගැන කිසිම ගැටළුවක් නොමැති බවත්  ඔබ දේපල  ඔහුගේ චිරපටියක රගපෑම ඔහුට කරන ගෞරවයක්  සේ සලකන බව දන්වන්වත් කිව්වා. 

මේසදහා කරුණ කර දින ලබා දෙන මෙන් කරුණාවෙන් ගෞරවයන්  ඉල්ලා සිටිමි. 

ස්තුති, 

මෙයට විශ්වාසී
ලෙස්ටර් ජේම්ස් පිරිස්. 

ප. ලි. : 
මගේ බිරිද රෝහල් ගත කල බව දන්වමි. ඔබගේ චිත්‍රපටි නැවත නැවත බැලීමට මොවුස් එක click කිරීමෙන් ඇගිල්ල සම්පුර්නයේම ගෙවී, ඒ සදහා පරතිකාර වලට යොමු කල. 


Wednesday, August 6, 2014

පළමු දත් මැදීම



දත් මදින්නට දත් තිබිය යුතුය. කොල්ලට තාමත් මාස 4 ය. කොහේ තියන දත් ද ? ඉතින් කොහොම දත් මදින්නද? අක්කා දත් මදින්නට හොරය. ඒ නිසා අක්කා මල්ලීගේ දත් මැද්ද වූ වාය . 

Saturday, August 2, 2014

ආපු ලජ්ජාවට ඉන්නවා

.
කොහොමද මචන් අයර්ලන්තේ?
ආපු ලජ්ජාවට අවුරුද්දක් දෙකක් ඉන්නවා මචන්.
ඒ මොකද බන් ඒ: 
කොහොමත් මට ලංකාව තරම් වෙන එක හරි යන්නේ නැනේ. උබ දන්නවවනේ. 
පිස්සු කෙලින්න එපා යකෝ. රස්සාවත් එක්ක යුරෝපේට එන්න හම්බවෙන්නේ වෙන කාටද? අනික අපේ උන් කීදෙනෙක් පිගන් හොදනවද? උබට එහෙමද? 
එකනම් ඇත්ත. එත් බන් ලංකාවේ අපිට මොනවද අඩුව තිබ්බේ.
ඉතින් ඔහේ මොනවද උබට අඩු?
පවුලේ උන්ටික.
උබ ඔක්කොම එක්කනේ අවේ?
ඔව්. මම කිව්වේ අනිත් පවුලේ අය.
හ්ම්ම්. wife මොකද කියන්නේ?
පොඩි උන්ට උගන්නන්න ඕනේ කියලා එයම තමයි යමු යමු කිව්වේ. දැන්නම් එයාගෙත් එච්චර කැමැත්තක් නෑ ඉන්න. 
හ්ම්ම් කරන දෙයක් හිතල බලල කරපන්. 
බලමු. 


පසු සටහන
සේතු : (අත්තම්මට කරදර කරමින්....) අත්තම්ම ඇයි අවේ 
අත්තම්ම : මොනවා කරන්නද සේතු... ආපු ලජ්ජාවට ඉන්නවා... 

Tuesday, July 29, 2014

කොහොමද එතකොට මේක?


අයර්ලන්තයේ දී 


Saturday, July 12, 2014

අයර්ලන්තයට

අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි. කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා. එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි. මොනවා වෙයිද මන්ද? 


Friday, June 27, 2014

අප්පච්චිට කාර් එකක්


අපි ඔක්කොටම කලින් වාහන තිබ්බේ අප්පච්චිට. දැන් අප්පච්චිට හැර අනිත් ඔක්කොටම කාර් තියනවා. එක හින්ද කාර් එකක් අරන් දෙන්න හිතුව. අද රිසර්ව් කරා. සති දෙකකින් විතර හම්බ වෙයි.

Wednesday, June 25, 2014

මැක් වලට මාරු උන.


අවුරුදු 10ක් විතර උබුන්ටු එක්ක හිටිය. අද මැක් බූක් ප්‍රෝ එකකට මාරු උන. ගාන තමයි සැර. 348150/=



Monday, June 23, 2014

සේතුගේ තුන්වෙනි බර්ත් ඩේ එක.



උදේම ගිහින් කොහුවල ළමා නිවාසෙට දානෙ දුන්න. එන ගමන් මොන්ටියට අරන් යන්න ඕඩර් කරපු කේක් එක අරගෙන බබාව මොන්ටියට දැම්ම. මොන්ටියේ ටීචර් බබාල ඔක්කොම එක්ක කේක් එකක් කපල තිබුන. බබා එක්ක එන්න ගිහින් අනිත් කේක් එකක් අරගෙන අව. 

සමන්මලී ගේ අම්ම අවේ ඊයේ. අම්ම අප්පච්චි සුමුදු දෙව් දවල් වෙනකොට අව.මැණිකෙලා,  සමන්මලී අය්ය ගේ ගෙදර අය, ඇල්පිටියේ ඔක්කොම, ලග ගෙවල් දෙකේ අය, ගාල්ලේ චමිලලා  තමයි අවේ.  ඔක්කොම 30ක් විතර.

අපි ඔක්කොටම හෙම්බිරිස්සාව. චූටි බබාට ගොඩක් අමාරු උන. එක හින්ද අම්ම මේ ටිකේම ඉදල 27 උදේ යන්න ගිය.

Thursday, June 12, 2014

අපි අයෙත් නුවරඑළි ගිය.

පොසොන් පෝය නිවාඩුවත් එක්ක දිග නිවාඩුවක් හම්බ උන. නුවරඑළි යන්න තීරණය උන. 

මම, සමන්මලී, සේතු, අශ්වින්, සමන්මලී අම්ම්, අම්ම, අප්පච්චි, සුමුදු, දෙව්, මැණිකේ දිලාන්, දිලාන් අම්ම, දිලාන් නංගි තමයි ගියේ. මල්ලි ලංකාවේ නැ. ගිය පාරනම් මිනිහත් හිටිය. සමන්මලී මල්ලි එනවා කියල අවේ න. මිනිහට හොද පාඩමක් උගන්නවන්. 

12 උදේම අප්පච්චිලා අපේ ගෙදර අව. රනුකගේ වාහනේ. අපිත් ගෙන මනිකෙලත් අරගෙන පිටත් උන. නුවර එලියට ගිය එත් දවසම වහිනවා. සණස හොලිඩේ වල නතර උනේ. හොදමත් න නරකමත් න. පහුවද පාර්ක් එකට ගිහිය. තරුණ අය හයි ස්පීඩ් බෝට් එක්ස්පිරියන්ස් එකකුත් ගත්ත. පස්සේ අදිශ්ම් බලල උඩවලව යන්න පිටත් උන. ගූගල් මැප් හින්ද මෙලෝ යකෙක් යන්නේ නැති පාරක තමි උඩවලව  අවේ. 

උඩවලව ආවත් මට හොලිඩේ බන්ග්ලෝ එකේ නො එක න. email බලන්න විදිහක් න සිග්නල් න. අප්පච්චි බයිනවා පලු යන්න. අමාරුවෙන් නො එක හොයා ගත්ත. ඩී ඔලිෆාන්ට්, බංගලෝ එක. හොද තැන. එකේම කූක් කෙනෙක් ඉන්න හින්ද ඕනේ ඕනේ විදිහට කෑම . 

පහුවද උදේම සෆාරි. සෆාරි වලට බය තරම කිව්වොත් සමහරු හිටියේ සීට් යට. 

දවල්ට කෑ ම කල, එන්න පිටත් උන. ඩී නංගිගේ යාලුවෙක් ගෙදරින් වැරදීමක් හන්බ උණු ඩිනර් එකත් අරගෙන, සමන්මලිගේ අම්මත් බස්සගෙන. රබුටනුත් කාල කඩාගෙන එන්න කෙස්බවට අව. අප්පච්චි පරක්කුයි කියා කියා එතැනින්ම ගිය. මම මනිකෙලව බැස්සුවා. 

Wednesday, May 21, 2014

බයි කෑම සහ මරණය



බබාට කෑම කවමින් .
අත්තම්මා : බයි ගොඩක් කන්න ඕනේ බබා. එතකොට ඉක්මනට ලොකු වෙනවා 

පසු දිනක කෑම කවමින්.
බබා : අත්තම්ම මැරෙනවද? 
අත්තම්ම : ඔව් බබා ලොකු උනාම අත්තම්ම මැරෙනවා. 
බබා : එතකොට කිරි අම්ම 
අත්තම්ම : ඔව් කිරි අම්මත් මැරෙනවා 
බබා : ඥාන ඇන්ටි 
අත්තම්ම : ඔව් අපි ඔක්කොම මැරෙනවා. බබා ලොකු උනාම අපි මැරෙනවා.

බබා : එහෙනම් මම බයි කන්නේ නෑ 


Saturday, May 10, 2014

බර්ත් ඩේ එකට වෙසක් කුඩු

මම සව් කොල ගෙන කාරයට ගොඩ උනෙමි. 

බබා : මේ මොනවද මේ. 
අම්ම (සමන්මලී ) : මේ අර වෙසක් කුඩු අලවන්න කොළ 
බබ: ඒ මොකටද 
අම්ම: ලදී වෙසක් පෝය එනවා. අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ, බුදු උනේ, පරිනිවන් පෑවේ වෙසක් පෝය දවසක්. ඔයා ඉපදෙන එක දන්නවනේ. බර්ත් ඩේ එක. බුදු වෙනවා කියන්නේ සාදු වගේ සිවුරක් ගෙන බණ කියන එකට. ප්රිනිවන් පනවා කියන්නේ මැරෙන එකට. (බබාට තේරෙන විදිහට සමන්මලී තෙමගුල පැහැදිලි කළා). ඉතින් එක හින්ද අපි පන්සල් යනවා, තෝරන් තියනවා. දන්සැල් දෙනවා.. ඔක්කොම ගෙවල් වල  වෙසක් කුඩු එල්ලනවා. 

බබා : මගේ බර්ත් ඩේ එකත් ලගදි  එනවනේ. එකටත් වෙසක් කුඩු එල්ලයි. 

Saturday, May 3, 2014

Java Permutations and Combinations

Java Permutations and Combinations


/**
 *
 * @author Chaminda Amarasinghe>
 */
public final class CollectionUtils {

    public static  List> getCombinations(int r, T... items) {
        Assert.that("r should be like this r >0 and r <= items.size", r > 0, r <= items.length);
        final List> out = new ArrayList>();
        T[] choose = (T[]) Array.newInstance(items[0].getClass(), r);
        generateCombinations(items, r, choose, 0, out);
        return out;
    }

    public static  List> getCombinations(int r, List items) {
        Assert.that("r should be like this r >0 and r <= items.size", r > 0, r <= items.size());
        final List> out = new ArrayList>();
        T[] choose = (T[]) Array.newInstance(items.get(0).getClass(), r);
        T[] itemsArray = (T[]) Array.newInstance(items.get(0).getClass(), items.size());
        for (int i = 0; i < items.size(); i++) {
            itemsArray[i] = items.get(i);
        }
        generateCombinations(itemsArray, r, choose, 0, out);
        return out;
    }

    private static  void generateCombinations(T[] items, int r, T[] choose, int iStartIndex, List> out) {
        if (r <= 0) {
            out.add(new ArrayList(Arrays.asList(choose)));
            return;
        }
        for (int i = iStartIndex; i < items.length - r + 1; i++) {
            choose[choose.length - r] = items[i];
            generateCombinations(items, r - 1, choose, i + 1, out);
        }
    }

    public static  List> getPermutations(final T... items) {
        return getPermutations(Arrays.asList(items));
    }

    public static  List> getPermutations(final List items) {
        final ArrayList> arrayList = new ArrayList>();
        permute(items, 0, arrayList);
        return arrayList;
    }

    private static  void permute(java.util.List arr, int k, List> out) {
        for (int i = k; i < arr.size(); i++) {
            java.util.Collections.swap(arr, i, k);
            permute(arr, k + 1, out);
            java.util.Collections.swap(arr, k, i);
        }
        if (k == arr.size() - 1) {
            out.add(new ArrayList(arr));
        }
    }

   
}
Unit Testing


    /**
     * Test of asMap method, of class CollectionUtils.
     */
    @Test
    public void testCombinationsInt() {
        // expected combinations {{10, 20}, {10, 30}, {20, 30}}
        List> combinations = CollectionUtils.getCombinations(2, 10, 20, 30);
        // test we have correct number of combinations
        assertEquals(3, combinations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(2, combinations.get(0).size());

        // test first item of given combination
        assertEquals(10, (int) (combinations.get(0).get(0)));
        assertEquals(20, (int) (combinations.get(0).get(1)));

        // test second item of given combination
        assertEquals(10, (int) (combinations.get(1).get(0)));
        assertEquals(30, (int) (combinations.get(1).get(1)));

        // test third item of given combination
        assertEquals(20, (int) (combinations.get(2).get(0)));
        assertEquals(30, (int) (combinations.get(2).get(1)));
        System.out.println("combinations " + combinations);

    }

    @Test
    public void testCombinationsString() {
        // expected combinations {{"A", "B"}, {"A", "C"}, {"B", "C"}}
        List> combinations = CollectionUtils.getCombinations(2, "A", "B", "C");
        // test we have correct number of combinations
        assertEquals(3, combinations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(2, combinations.get(0).size());

        // test first item of given combination
        assertEquals("A", combinations.get(0).get(0));
        assertEquals("B", combinations.get(0).get(1));

        // test second item of given combination
        assertEquals("A", combinations.get(1).get(0));
        assertEquals("C", combinations.get(1).get(1));

        // test third item of given combination
        assertEquals("B", combinations.get(2).get(0));
        assertEquals("C", combinations.get(2).get(1));
        System.out.println("combinations " + combinations);

    }

    @Test
    public void testCombinationsCustomTypes() {

        class SampleModel {

            String name;
        }

        SampleModel s1 = new SampleModel();
        SampleModel s2 = new SampleModel();
        SampleModel s3 = new SampleModel();

        // expected combinations {{s1, s2}, {s1, s3}, {s2, s3}}
        List> combinations = CollectionUtils.getCombinations(2, s1, s2, s3);
        // test we have correct number of combinations
        assertEquals(3, combinations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(2, combinations.get(0).size());

        // test first item of given combination
        assertEquals(s1, combinations.get(0).get(0));
        assertEquals(s2, combinations.get(0).get(1));

        // test second item of given combination
        assertEquals(s1, combinations.get(1).get(0));
        assertEquals(s3, combinations.get(1).get(1));

        // test third item of given combination
        assertEquals(s2, combinations.get(2).get(0));
        assertEquals(s3, combinations.get(2).get(1));
        System.out.println("combinations " + combinations);

    }

    @Test(expected = StBetRuntimeException.class)
    public void testCombinationsRisGreaterThanN() {

        // r > n
        CollectionUtils.getCombinations(10, 1, 2, 3);

    }

    @Test(expected = StBetRuntimeException.class)
    public void testCombinationsRis0() {
        // r = 0
        CollectionUtils.getCombinations(0, 1, 2, 3);

    }

    @Test(expected = StBetRuntimeException.class)
    public void testCombinationsRisLessThan0() {

        // r < 0 
        CollectionUtils.getCombinations(-10, 1, 2, 3);

    }

    @Test
    public void testCombinations4C2() {
        // expected combinations {{10, 20}, {10, 30}, {20, 30}}
        List> combinations = CollectionUtils.getCombinations(3, 10, 20, 30, 40);
        System.out.println("combinations " + combinations);
        // test we have correct number of combinations
        assertEquals(4, combinations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(3, combinations.get(0).size());

        assertEquals(10, (int) (combinations.get(0).get(0)));
        assertEquals(20, (int) (combinations.get(0).get(1)));
        assertEquals(30, (int) (combinations.get(0).get(2)));

        assertEquals(10, (int) (combinations.get(1).get(0)));
        assertEquals(20, (int) (combinations.get(1).get(1)));
        assertEquals(40, (int) (combinations.get(1).get(2)));

        assertEquals(10, (int) (combinations.get(2).get(0)));
        assertEquals(30, (int) (combinations.get(2).get(1)));
        assertEquals(40, (int) (combinations.get(2).get(2)));

        assertEquals(20, (int) (combinations.get(3).get(0)));
        assertEquals(30, (int) (combinations.get(3).get(1)));
        assertEquals(40, (int) (combinations.get(3).get(2)));


    }

    @Test
    public void testPermutationsStringUsingList() {
        List listOfItem = new ArrayList(CollectionUtils.asList("A", "B", "C"));
        // expected Permutations ABC, ACB, BAC, BCA, CAB, CBA
        List> permutations = CollectionUtils.getPermutations(listOfItem);
        // test we have correct number of combinations
        assertEquals(6, permutations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(3, permutations.get(0).size());

        // test first item of given combination
        assertEquals("A", permutations.get(0).get(0));
        assertEquals("B", permutations.get(0).get(1));
        assertEquals("C", permutations.get(0).get(2));

        // test second item of given combination
        assertEquals("A", permutations.get(1).get(0));
        assertEquals("C", permutations.get(1).get(1));
        assertEquals("B", permutations.get(1).get(2));

        // test third item of given combination
        assertEquals("B", permutations.get(2).get(0));
        assertEquals("A", permutations.get(2).get(1));
        assertEquals("C", permutations.get(2).get(2));

        assertEquals("B", permutations.get(3).get(0));
        assertEquals("C", permutations.get(3).get(1));
        assertEquals("A", permutations.get(3).get(2));

        assertEquals("C", permutations.get(4).get(0));
        assertEquals("B", permutations.get(4).get(1));
        assertEquals("A", permutations.get(4).get(2));

        assertEquals("C", permutations.get(5).get(0));
        assertEquals("A", permutations.get(5).get(1));
        assertEquals("B", permutations.get(5).get(2));

        System.out.println("permutations " + permutations);

    }
    @Test
    public void testPermutationsString() {
        // expected Permutations ABC, ACB, BAC, BCA, CAB, CBA
        List> permutations = CollectionUtils.getPermutations("A", "B", "C");
        // test we have correct number of combinations
        assertEquals(6, permutations.size());
        // test we have the correct no of items in the a combination items in nCr term that is r, in here that is 2
        assertEquals(3, permutations.get(0).size());

        // test first item of given combination
        assertEquals("A", permutations.get(0).get(0));
        assertEquals("B", permutations.get(0).get(1));
        assertEquals("C", permutations.get(0).get(2));

        // test second item of given combination
        assertEquals("A", permutations.get(1).get(0));
        assertEquals("C", permutations.get(1).get(1));
        assertEquals("B", permutations.get(1).get(2));

        // test third item of given combination
        assertEquals("B", permutations.get(2).get(0));
        assertEquals("A", permutations.get(2).get(1));
        assertEquals("C", permutations.get(2).get(2));

        assertEquals("B", permutations.get(3).get(0));
        assertEquals("C", permutations.get(3).get(1));
        assertEquals("A", permutations.get(3).get(2));

        assertEquals("C", permutations.get(4).get(0));
        assertEquals("B", permutations.get(4).get(1));
        assertEquals("A", permutations.get(4).get(2));

        assertEquals("C", permutations.get(5).get(0));
        assertEquals("A", permutations.get(5).get(1));
        assertEquals("B", permutations.get(5).get(2));

        System.out.println("permutations " + permutations);

    }

Thursday, April 24, 2014

මල්ලි

බබා අපි මේ මල්ලි දීල කඩේ මාමගේ මල්ලි ගම්මුද. මෙයා චූටියි නේ. 

නෑ මෙයත් ටික දවසකින් ලොකු වෙනවා. 

එහෙනම් අපි දෙන්නම එක්ක යමු. මල්ලි ලොකු උනාට පස්සේ හා පැටියව දෙන්න පුළුවන්නේ. 

එපා.. මට අම්මගේ බඩෙන් අපු මල්ලිව ඕනේ. 

Tuesday, April 22, 2014

කේක් දෙකක්


අදට 35 යි . කේක් දෙකක්ම එකට තියල කපන්න උන. සමන්මලිගෙන් එකක් .මැණිකේ, දිලාන්, දිලාන් නංගි එකක් ගෙනත්. 
රැට  කෑම red balloons  

Monday, March 24, 2014

අමුතු කතා



අත්තම්මා බබා නලවමින්.

බබා : අත්තම්මේ... මට කිරි අම්මලාගේ ගෙදරදී "පොඩි ප්‍රශ්නයක්" උන. 

අත්තම්මා : ඒ මොකද්ද සේතු ඒ. 

බබා : අප්පච්චි මගේ ඇස් දෙකටම ප්ලාස්ටරයක් දැම්ම 

--------------------

අපි : අපි මේ බඩු ටික ගිහින් දල අම්මව එක්ක යන්න එමු. 

බබා : මට අම්ම ඕනේ...

අපි : අපි අම්මව එක්ක යන්න එනවා, මේ බඩු ටික ගිහින් දල. නැත්නම් අම්මටයි මල්ලිට ඉඩ මදින්නේ 

බබා : එක තමයි අවුල 

Sunday, March 23, 2014

Saturday, March 15, 2014

රුසිය යුක්රේන අර්බුදය සහ අපේ ගෙදර යතුර



මම අල් ජසීරාව නරඹමින් සිටිමි. රුසිය යුක්රේන අර්බුදය ඉතා උණුසුම්. 

මේ ----, ලෝකේ ප්‍රශ්න විසදන්න කලින් ගෙදර ප්‍රශ්න විසදලා ඉන්න. ගෙදර යතුර නැතිවෙලා දැන් දවස් දෙකක්. 

Saturday, February 8, 2014

පිරිත්



අද සමනලිට පිරිත් කියනවා. අපි සිකුරාදා හවස යන්න පිටත් උන. අප්පච්චි චම්තුයි අපිත් එක්ක අව. (අප්පච්චි දවල් චැළියක් අවගෙන ඇවිත්)

අයියල අද හවස අව. 

වැඩේ හොදට කෙරුණා. හෙට හවස ආපසු. 

Tuesday, February 4, 2014

කාර්ටින්



අද නිදහස් දවස. අපිත් හිටියේ නිදහසින්. සමන්මලිගේ මල්ලිත් උදේ යන්න හිටියත් නවත්ත ගත්ත. ඩිලානුත්  අව. හවස දෙයක් කරන්න හිත හිත ඉන්නකොට එක පාරටම මතක් උන කාර්ටින් ගියොත් හොදයි කියල.

මැණිකෙයි දිලනුයි පස්ස ගහනවා. එත් අන්තිමට කැමති උන. යනකොටත් සැහෙන සෙනග. විනාඩි 10 ට  එක්කෙනෙකුට 1000. ප්‍රධානය සමන්මලී මල්ලි. private session එකක් ගන්න පොඩි fight එකක් දෙන්නත් උන. පව් එත් සමන්මලිට පදින්න හොද නැති හින්ද එයා නැවතුන. 

තරගය පටන් ගත්ත. මැණිකේ, ඩිලාන්, මම, අන්තිමට මල්ලි track එකට අව. තරගය මුලින්ම ඉවර කරනකොට මම, සමන්මලී මල්ලි, මැණිකේ දිලාන්. මම laps 10 යි. අනිත් අය 9 යි. හැබැයි පස්සේ සමහැරු කියන්න ගත්ත එයාල තරගෙට ආවේ අන්තිම lap එකේලු. 

පරාජය අවජාතකයි.

dinner එකට Baghdad Nights. මමයි දිලානුයි.

Nice experience ha ...



Monday, February 3, 2014

සමන්මලී ගේ මල්ලි


සමන්මලී ගේ මල්ලි මාස 9 කර පස්සේ ගෙදර අවා. පව් මිහිහටත් ප්‍රශ්න... ප්‍රශ්න කිව්වට එකයි, හැබැයි කොහොම විසදෙයිද දන්නේ නෑ. රැවුලයි කැදයි.

තෑගි - ගුටි

අම්මා : ඔයාට දෙන්න ඕනේ තෑගි නෙවෙයි ....
බබ    : ගුටි? 

Friday, January 24, 2014

පැපොල



සමන්මලිට පැපොල. වැඩ ඔක්කොම අවුල් උන. ලොකුම ප්‍රශ්නේ උනේ සෙතුව පරිස්සම් කරන එක. මුල් සතියේ සමන්මලිගේ අම්ම ඇවිත් හිටිය. අපි බයේ හිටියේ, අම්මට කලින් හැදිලා තිබුනත්, අම්මගේන් බබාට (හින්නි) බෝවෙයි කියල. ඊලග සතියේ ලොකු නිවාඩුවක් තිබුන. මමයි බබයි කරන්ගමු ගිය. සුමුදුයි බබයි එයාලගේ ගෙදර ගියා .මැණිකේ, ඩිලාන් දවස් 5ක් එහේ හිටිය. කොහොම හරි සති තුනම ඇදිල ගියා. මමයි අප්පච්චි අම්මයි බබයි ආපහු  ආවේ 22. සමන්මලී බබාට ලොකු තෑගි පෙට්ටියක් හදලා බලාගෙන හිටියා. බබා හිතාගෙන හිටියේ අම්ම හැමදාම එනවා ඇවිත් කලින්ම office යනව කියල. 

23. අද මැණිකේගේ wedding එකට ඉස්සරලම මටයි මල්ලිටයි ආරාධනා කලා . හවස ඇල්පිටියට, රෑ රත්මලානට.

Wednesday, January 1, 2014