කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, December 1, 2018

වැඩ කරලා....

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ 
කුමටද මා දුප්පත් වී ඉපදුනේ. 

සේතු මාත් එක්කම කියන්න ...

වැඩ කරලා....

කෑගහපු ටික අයින් කරොත් මම කරපු වැඩ වලින් සීයට දහයක් ඔයා කරන්න නැතුව ඇති. 

අනේ මගෙන් කුණු හරුප අහගන්න එපා 

වැඩ කරලා....

Saturday, November 24, 2018

සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ...

හැත්තෑ වසරක් දිවි මග ආවා 
හතලිස් වසරක් ලොකු පුතු වුවා
මතු මතු බවයෙත් ඔබේම පුතු වේවා..

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා ...........

සංසාරෙන්  සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක්‌ නොමැත දරුවෙකු හට මවක් සේ ලැදි
අම්මා යන සමාධියට සිටිමි සම වැදී
ඔබේ ගුණ කීමට හෝඩියේ  අකුරු මට මදි 

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ............

Sunday, November 18, 2018

I have nothing


Daddy, you have 2 laptops and a phone, mummy has a phone, and akka has a laptop but I have nothing.

PS. Bought a tablet for his birthday

Wednesday, November 7, 2018

කලිසම සහ කකුල


දුරින්  ඇසේ...


"කිසිම දෙයක් කල්පනාවෙන් නෙවෙනෙ මූ කරන්නේ. ඇදුම අන්දවන එකේ, එකවත් කල්පනාවෙන් කරන්න ඕනනේ. මම ෂර්ට් එක අත දික් කරනකොට මූ කකුල උස්සනවා."

Sunday, October 21, 2018

house-warming

සේතුගේ යාළුවන්ට house-warming පාර්ටි එක අද 

Saturday, October 20, 2018

අක්කයි මල්ලියි

මමයි මල්ලියි call එකක 

මල්ලි අක්කට කරදර කරනවා එහා පැත්තේ 
"හැබැයි අශ්වින් අක්කට disturb කරෝත්නම් මම punish කරනවා."

"අපේ ගෙදරත් ඕකමයි. හැබැයි අනිත් පැත්ත  "
"මල්ලිට disturb කරොත් punish කරනවා"

නෑ නෑ කෝල් එකක් නෙවෙයි

සමන්මලී කියපු කතාවක් 

"wish එකෙන් සමහර වෙලාවට මැසේජ් එනවනේ. මම හැරිලා බැලුව" 

"නෑ නෑ කෝල් එකක් නෙවෙයි " අශ්වින් කියන්නේ 

Sunday, October 7, 2018

මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ ඔබව ලබන්න ලූ


මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ ඔබව ලබන්න ලූ
ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලූ .....