කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, November 1, 2012

මැණිකේගේ උපන්දිනේ.



මැණිකේගේ උපන්දිනෙත් (26) ගෙදර අය එකතු වෙලා ගත්ත. එත් අපිටනම් එදා යන්න බැරි උන. වීක් එන්ඩ්  එකේ ගෙදර ගියාට පස්සේ කේක් නම් හම්බ උන.

ඔයාටත් සුබ උපන් දිනයක්.

Tuesday, August 21, 2012

මෙහෙමත් අන්තර් ජාල වේගයක්?



මට නිකමට මගේ (මේ දවස් වල ඉන්නේ සිඩ්නි) අන්තර් ජාල වේගය බලන්න හිතුන



අපිට මෙහෙම වේගයක් කවද ගන්න පුළුවන් වෙයිද 

Tuesday, August 7, 2012

අප්පච්චිට 64 යි



දවල් කෝල් කරලා විශ් කල. සුමුදු කිරි බත් හදල දුන්න කිවා. කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි හැදුව. අන්තිමට උපන් දිනේ දවසේ කිරි බත් කැල්ලක් දෙන්න හිටියේ  පොඩි ලේලි විතරයි 

අම්ම, මැණිකේ, සමන්මලී කොළඹ, 
මම නිව් කාසල් (ඔස්ට්‍රේලියාව)
මල්ලි අනුරාධපුර

සුබ උපන් දිනක් අප්පච්චි. 

Sunday, August 5, 2012

මූඩිය අරින්නේ කොහොමද?



(මම වගේ උයන්න දන්නෙ ම නැති කෙනෙකුට පමණයි)

ලංකාවේ අපි පිට රට ආවම මූණ දෙන එක ප්‍රශ්නයක් තමයි අපේ කෑම හොයා ගන්න එක. සමහර රටවල අපේ කෑම ඇත්තෙම නෑ. සමහර රටවලනම් අපිට ලගින් යන කෑම තියනවා. ඉන්දියන් කෑම වගේ. 
ලගකදී ඉදන් අපේම කෑම බෝතල් (වීදුරු) කරලා තියන හින්ද දැන් වැඩේ ගොඩක් ලේසියි. කොහෙන් හරි ප්ලේන් රයිස් ගත්ත. අපේ ටින් කරි එක එක්ක කව. 

එත් පොඩි ගැටළුවක් තියනවා. මම ලග දී පිට රට අපු අවස්ථා දෙකේදීම මූණ දුන්න. ඉතින් හිතුව මේක ලියල තියන එක හොදයි කියල. 

ප්‍රශ්නේ තමයි මේ වීදුරු බෝතල් අම්මේ මුත්තේ කිව්වත් මෙලෝ යකෙකුට අරින්න  බෑ. ගොඩක් වෙලාවට කරන්නේ අඩුවක් හරි පිහියක් හරි දල අල්ලන එක. ඊට පස්සේ වහන්න බෑ. හැබැයි පොඩ්ඩක් මොලෙන් (ඔලුවෙන් නැතුව) හිතුවනම් ඊට වැඩ ලේසි, ඒවගේම පියන අයෙත් වහන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. 

පියන ලෝහ හින්ද පියන රත් කරන්න. එක ඉක්මනින්  ප්‍රසාරණය වෙන හින්ද ගලවන්න ලේසියි. 
මේ ක්‍රමය බොහොම ප්‍රසිද්ද ක්‍රමයක්. එත් සමහර වෙලාවට මතෙකට එන්නේ නෑ 

ප්‍රවේසමින්. 
රත් වෙන වෙලාව තුල මූණ ඉවතට හරවන්න. (වීදුරුව පිපිරෙන්න පුළුවන්)
විදුරු බෝතලය නොව ලෝහ මූඩිය රත් කරන්න 

මට මෙතෙක් හමු වූ ටින් කරන ලද ලංකාවේ කෑම
  1. සීනි සම්බෝල
  2. කට්ට සම්බෝල
  3. උම්බලකඩ සම්බෝල
  4. පොල් සම්බෝල (ක්ෂණික)
  5. හල මැස්සන් බැදුම
  6. පොලොස් කාරිය 
  7. අඹ චට්ට්නි 
  8. අම්බරැල්ල චට්ට්නි 
  9. අච්චාරු
  10. චිලි පේස්ට්

Monday, July 30, 2012

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට


දැනට වැඩ කරන කොම්පැනියේ වැඩකට සිඩ්නි වලට එන්න උන. ඊයේ උදේ පාන්දර 00.55 ට තමයි ෆ්ලිට් එක තිබ්බේ. මම, සමන්මලී, මැණිකේ, බබා, නුවන් ආවා. (සමන්මලී එන ගමන් ගණන් හදල බැලුව, බබා හැම මස දෙකට සැරයක්ම එයාර් පොර්ට් ඇවිත් තියනවා. කවුරුහරි බස්සන්න, නැත්නම් ගන්න). කටුනායක ඉදල ක්වාලාලම්පූර් වලට, පැය 3 යි මිනිත්තු 40 ක් ගුවනේ. එපාම උනේ ඉතුරු ටික ක්වාලාලම්පූර් සිට සිඩ්නි වලට පැය 8 ක්. බහින කොට රෑ 7.00 යි. ආගමන විගමන වැඩ ටික ඉවර වෙලා හෝටලේට (ibis) එනකොට 9.30 යි. දැනටනම් කියන්න තියෙන්නේ, පට්ට සීතලයි (8c .). බඩු පට්ට ගන්නන්, කිලෝමීටර් 15 ක් විතර ටැක්සි එකක ආවා ඩොලර් 126 ක් රුපිරල් 17, 000 ක් විතර. අය්යෝ සල්ලි....

Friday, July 27, 2012

මල්ලිත් සුමුදුත් බැංකොක්

27 වෙනිදා උදේ පිටත් උන. 29 රෑ වෙනකොට ගෙදර එයි. 

Thursday, July 26, 2012

ඔය තියන සද්දේ තමයි මහත්තයා



බබා හින්ද ගෙදර ෆෝන් එකේ රිගින්ග් වොලියුම් පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. එත් ඕකට ගොඩක් අය  දෝෂාරෝපණ එක එක කතා කියා කියා තිබුනේ 


ඔහොම තියෙද්දී දවසක් අප්පච්චි ගෙදර ෆෝන් එකට කෝල් එක අරන්. අපි කවුරුවත් හිටියේ නෑ. වැඩට ඉන්න ගැණු  කෙනා (නම සිංහලෙන් ලියන්න අමාරුයි) තමයි ෆෝන් එක අරන් තියෙන්නේ. 


අප්පච්චි ඔක්කොටම අන්වර්ත් නම් දන වගේ බබාටත් නමක් දල. නම තමයි "සද්ද". මොකද හැම වෙලාවේම සද්ද දන හින්ද. 

ඉතින් අප්පච්චි අහල කෝ දැන් "සද්ද" කියල. බබා කෝ කියල අහල තියෙන්නේ. 

වැඩට ඉන්න ගැණු කෙනා ගත කටටම කියල තියනවා 

"ඔය තියන සද්දේ තමයි මහත්තයා"

 





Sunday, July 8, 2012

සමන්මලිගේ 34 වෙනි උපන් දිනය.




සමන්මලිගේ බර්ත් ඩේ  එක මේ පර දීල තිබුනේ ඉරිදට. එත් අපි සිකුරාදා රෑ  ඇල්පිටි ගිය. මේ සතිය duty තිබුනේ සමන්මලිගේ අම්මට. එක හින්ද එයත් හිටිය. මල්ලිත් අපිත් එක්ක ගිය.


රඹුටන් පිරිලා. එපා වෙනකල් කෑව. ඉරිදා එන්න කලින් පලිතයලගේ ගෙදර ගිය. හයි වේ එක ගෙන අව. පටන් ගන්න සතියේ වැඩ බර ගන්න අම්ම මැණිකෙත් එක්ක ඇවිත් හිටිය. 

අපු ගමන් මමයි මැණිකෙයි මල්ලියි බබයි  පිළියන්දල ගිය. කේක් එක ඕඩර් කරලා තිබ්බ ෂොප් එක වහල. නම ගහන්න තැනක් හැම තැනම හොයල හොයල බැරිම තැන අපිට පුළුවන් විදිහට ඩෙකරේට් කල. 

ඔබට සුබ උපන් දිනයක් 

 

 
 
 
 
 
 

Sunday, July 1, 2012

ලෝකයේ දේශීය බැංකුව සහ ලංකාවේ දේශීය බැංකුව




අද අප්පච්චි එක්ක ගැටුමක් ඇති උන. ගැටුමක් කිව්වට මත ගැටුම් දෙකක්. අද උදේ ඇති උණු සිද්දියක් හින්ද එක්තරා රාජ්‍ය ආයතනයක කාර්යක්ෂම භාවය ගැන අප්පච්චි දෙස් දෙවොල් තියන්න ගත්ත. 

"අපි නම් කවදාවත් මහජනයා මේ විදිහට රස්තියාදු කරන්නේ නෑ. තමන්ගේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් ඒ මිනිහ මොකටද" 
 
සුපුරුදු විදිහට අප්පච්චි ලංකා බැංකුවේ ගුණ වර්ණනාව පටන් ගත්ත. මටත් ටිකක් විරුද්දව කතා
කරන්න හිතුන.


"මොන පිස්සුද? ලංකා බැංකුවේ පෝලිම කොච්චර දිගද? පැය  කීයක් හිටගෙන ඉන්න ඕනෙද? එහෙමද අපේ බැංකු. අපිටම වෙන් උණු ඒජන්ට් එකෙක්. අපිටම් වෙන් උණු පෝලිමක්. පෝලිමේ කවුදුවත් නේ. උපරිම එක්කෙනයි. අනික අපි අපේ වැඩේ කරගන්නේ බොහොම ගාම්භීර විදහට වාඩි  වෙලා. ඔයාල එහෙමද " මම HSBC එක ගැන කිව්වා. 

"ඔව් HSBC එකේ එක කස්ටමර් කෙනෙකුට 5 ක් 6 ක් වෙන්න කට්ටිය ඉන්නව. ඉතින් එකකොට එහෙම කරන්න පුළුවන්. අපේ එහෙමද?"

"ඉතින් එකට වරද අපේද? ස්ටාෆ් එක මදිනම් එක කියන්න ඕනේ කස්ටමර් ද?"


"HSBC එකට එහෙම කරන්න පුළුවන් මොකද ඔයාලගෙන් සුර කනවා"


"මොන පිස්සුද. ඔයාලයි මගෙන් සුර කෑවේ. මම සල්ලි එවන හැම පාරම  ඔයාල රුපියල් 6000k  කපා  ගත්ත . එත් HSBC එක ගත්තේ 400 යයි. එක අමතක කරමු. අප්පච්චි ATM එකෙන් සල්ලි ගන්න හැම පාරම රුපියල් 5 ක් කපනවා. වෙන බැංකුවක ATM එකකින් ගත්තොත් 75 යයි . එත් මට.. ලංකාවේ ඕනෑම බැංකුවකින කීපාරක් සල්ලි ගත්තත් සත 5 ක් වත් ගන්නේ නෑ. කවුද මව සුරගෙන කල තියෙන්නේ ලංකා බැංකුවද HSBC එකද "
"


"අපි ඉන්නේ රටේ සාමාන්‍ය මහජනයාට සේවය කරන්න. අපේ ලබයේ හැම සතයක්ම යන්නේ මහා භාණ්ඩාගාරයට. එත් ඔය HSBC එකේ ලාබෙ  යන්නේ පිටරට සුද්දන්ගේ සාක්කුවට"


"ඉතින් මට එක ප්‍රශ්නයක් නේ. මට සාමාන්‍ය මහජනයා හිටියත් එකයි නැතත් එකයි. මට මගේ වැඩේ ලාබෙට ඉක්මනට වෙනවනම් එච්චරයි"


"මොන දේ කරන්නත් කලින් රට ට ආදරේ වෙලා ඉන්න ඕනේ. ඔය ප්‍රිවට් බැංකුවලට යන්නේ රට ගැන හිතන්නේ නැති  නරුමයෝ "

සංවාදේ ඔහොම ඇදිල ගිය.. 

...

මොනවා උනත් ලංකා බැංකුව නිසා තමයි අපි 5 , 6 දෙනෙක් කල ඇදල  හිටියේ.   

ජාතියේ මහා පහන් ටැඹ, ඔබට මගේ උත්තමාචාරය..
 

Saturday, June 30, 2012

සුමුදු මැඩම්ටත් අවුරුදු 30 යි





සුමුදු එග්සම් එකකට රෙදි වෙන හින්ද මල්ලිත් මේ දවස් වල කස්බවේ.

සිකුරාදා හවස මල්ලියි මැණිකෙයි මගේ කාර්  එකෙන් ගෙදර ගිය. මමයි අම්මයි සමන්මලියි බබා යි මල්ලිගේ කාර් එකෙන් වෙන පාදුක්ක පැත්තෙන් ගෙදර ගිය. ගමන පටන් ගන්නකොටම කාර් එකේ පච් එකක් හින්ද අපි පරක්කු උන. කොම හරි කාර් දෙකම නරම්මලදී හම්බ උන. අපි ඔක්කොම යන්න විශේෂ හේතුවක් තිබ්බ. සුමුදුටත් දැන් වයස අවුරුදු 30 ක් වෙන්න එනවා. 

ජුනි 30 සෙනසුරාදා. අප්පච්චි හිටියේ ගෙදරම. සුමුදුගෙ අම්මයි අය්යත් අව. මල්ලි පොඩි කේක්  එකක් ගෙනත් තිබ්බ. පොඩියට පාර්ටි එක ගත්ත. 




 සුබ උපන් දිනක් වේවා.

මේ තියෙන්න මල්ලිගේ 30 වෙනි උපන් දිනේ දවස. 

Monday, June 25, 2012

දුවගේ පලවෙනි උපන් දිනය.



ජුනි 23. අපේ සෙතූ බබාගේ පලවෙනි උපන්. උදේම පන්සල් ගිය. මමයි සමන්මලියි, අම්මයි (සමන්මලිගේ) බබා යි . රෑ පාටිය. අපේ ගෙදරින් අම්ම අප්පච්චි මල්ලි, මැණිකේ, සමන්මලී ගේ  ගෙදරින් අම්ම තාත්ත හින්නි, හින්නි නෝනා මහත්තය. ලොකු අය්ය, ශාම අක්ක. චමත මෙතුක, අන්කල් ඇන්ටි. නුවන් ඇවිත් හිටිය. තෑගිත් ගොඩක් හම්බ වෙලා තිබ්බ. :)

24 වෙනිදා උදේ සංගමිත්ත ළමා නිවාසයට දානයක් දුන්න. 

උදව්වට ඉන්න ඤානාත් ගොඩක් මහන්සි උන.

සෙතූ  බබා.. ඔබට සුබ උපන්දිනයක් , සුබ අනාගතයක්

ස්ටීම් බෝට් එකේ ඩිනර් පාර්ටි එක

ඉතාම සුබ සතියක්. බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට උන.

මොරටුවේ ස්ටීම් බෝට්  එකේ ඩිනර් පාර්ටි එකක් ලෑස්ති කල. හිටියේ මමයි සමන්මලියි බබයි, අම්මයි මල්ලයි නංගියි 






Monday, June 18, 2012

යාපනයට බසයෙන්


මගේ ව්‍යාපාරික :) වැඩකට යාපනේට යන්න ඕනේ උන. පොඩි ට්‍රිප් එකක් විදිහට යන්න තමයි සැලසුම් කලේ එත් තිබුණු වෙලාව මදි. එක හින්ද මම විතරක් යන්න තීරණය කල. මල්ලි ටිකට් එක බූක් කරලා තිබුන. සෙනසුරාදා  රෑ 9.30 බස් එක වෙල්ලවත්තෙන් පිටත් වෙන්න තිබ්බේ. නුවන් මාව ගෙනත් දැම්ම. බස් එකේ ගාස්තුව 1335. මොනවා උනත් සැප බස් එක. ඇත්තටම අධි සුකොපබෝගී කියල ගහගෙන තියන එකේ එතරම් වරදක් නේ. එපාම උණු දේ තමයි දල තිබුණු දෙමල ෆිල්ම් එක.
මුල ඉදලම නිදා ගත්තු එක තමයි කලේ. තැන දෙකක මමත් බැස්ස. මීගමුවෙයි කිලිනොච්චියෙයි. යාපනෙන් බහින කොට උදේ 6.30 විතර උන. ඊටපස්සේ ඉතින් මගේ වැඩ ටික කර ගත්ත. මල්ලිගේ යාළුවා (ඉන්දික) ත් එක්ක මිනිහගේ සයිට් එකට ගිය. එතන සේවකයෝ වගයක් පොලව හරනකොට සජීවී ජොනි බට්ටෙක් හම්බ වෙලා තිබ්බ. මොන තරම් ක්ලියර් කිව්වත් තාමත් ඕනේ තරම් මේවා හම්බ වෙනවලු.

රේ 7.30 තමයි බස් එක එන්න පිටත් වෙනවා කියල තිබුනේ. වෙලාවටම පිටත් උන. සදුදා උදේ 5.00 වෙද්දී කොළඹ. ගෙදරට එනකොට 6.10 සම්පුර්ණ දුර 950 කි.මි විතර. නරක නේ.

Monday, May 28, 2012

ගෙවෙමින් තිබෙන්නේ පිලිපීනයේ ගෙවෙන අවසාන දින කිහිපයි

ගෙවෙමින් තිබෙන්නේ පිලිපීනයේ ගෙවෙන අවසාන දින කිහිපයි. වෙලාව ගතවෙන්නේ ඉතාම සෙමිනි. කලයුතු විශේෂ වැඩක්ද නැත. තිබුනත් මම ඊට සුදානම් නැත. මෙවර මට පිලිපීනයට එන්නට සිදුවූයේ නොසිතු අවස්ථාවකය. යන්නට සුදුවන්නෙත් නොසිතු මොහොතකය. නමුත් යා යුතුය.

ගෙවුණු මාස හය තුල ජීව්තයට ඉතා සතුටු දායක දේවල් මෙන්ම නැවත ලැබිය නොයුතු අමිහිරි දේවල්ද එකතු උනි.
ඒ ජීවිතයේ ස්වභාවයයි. සිහින සියල්ල ඉටු නොවේ. සියල්ලම සිහිනම පමණක්ද නොවේ.

බොහෝවිට මම මේ මගේ පිලිපීනයේ අවසාන සංචරයි. (මීට පෙර අවස්ථාවේ සිතුවෙත් එසේමය )
මේ කාලය තුල සමන්මලී සහ දුව සමග ගතකල මස දෙකත්, මිතුරන් වූ අලිස්ටේයර්,  ඊන, බනි, ස්පිරෝ, අනෙස්ටේසිය, ඩේවිඩ්, එරික්, පිලාම් ලයිෆ් බිල්ඩිම, සීටෝම්, මකාටි වීදිය, අයාල ට්‍රිඅන්ගල් පාර්ක්, අයාල, ග්‍රීන් හිල්ස් , ප්ලාසා ෆෙයාර් (සමන්මලිගේ ලාබ කඩ.) බර්ජය හෝටලය,ඉන්ටර්නැෂනල් ඉන්න හෝටලයේ 402 කාමරය, සිටඩෙල් හෝටලය 1502 කාමරය,  මිලේනියම් ප්ලාස 1606 කාමරය, රතු විදුලි බුබුළු වීඩිය (බුරුගොස්
), ඉන්දියානු මිතුරන් වූ සුරේෂ්, සෙල්වා, පකිස්තානු මිතුරා මොහොමඩ්. එ. අ . එ මිතුර ෆහඩ්
අවසාන දිනවල හමුඋනු එංගලන්ත මිතුර රිචඩ් (ලංකාව සිලෝන් කාලයේ ලංකාවේ හැදී වැදුනෙකි ) කිසිදා මතකයෙන් ඉවත් නොවනු ඇත.

පැමිණියේ 2011 නොවැම්බර් 09 බදාදා ,
පිටවන්නේ 2012 මැයි 30 බදාදා


29, 12.36 කෑම බෙදන ගැණු ළමයාගෙන් අවසාන කෑම එක ගෙන අත වන ආපසු හැරුනෙමි.
29, 13.48 බොර්ඩින් පාස් ඇබි ප්‍රින්ට් කරලා දුන්න. ස්තුතියි ඇබි.

Friday, May 25, 2012

සලමන් ඛාන් ට ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයෙන් උපදී දේශනයට ඇරයුම්



මේ ටයිටල් එක දකපුවම ගොඩක් අය හිතන්නේ මෙය ගැන



එත් මම කිව්වේ මෙය ගැන.




කව්ද මේ සලමන් ඛාන්. මෙය තමයි ඛාන් ඇකඩමිය පටන් ගත්තේ.


http://www.khanacademy.org/

හොයල බලන්න


රයිස් විශ්වවිද්‍යාලයේ කරපු දේශනය මෙතන

http://www.khanacademy.org/new-and-noteworthy/v/salman-khan-at-rice-university-s-2012-commencement

Tuesday, May 22, 2012

ගත්තු වෙලාව ෆොටෝ එකට



මේක මම ගොඩක් කාලෙකට ඉස්සර ලියපු පොඩි ටූල් එකක්. සමහර විට මේක තව කෙනෙකුටත් ඕනේ වෙන්න පුළුවන් හින්ද ලියල දන්නා හිතුන.

මම මගේ කැමරාව ගත්තේ මීට අවුරුදු 4කට විතර කලින්. සෝනි Cybershot T70. මට තිබුනේ ටච් පිස්සුවක්නේ. ගන්නකොට ලංකාවේ ගානෙන් 65,000 ක් විතර උන. දැන්නම් හිතෙනවා කරපු මෝඩකම් කියල. මොනවා උනත් කියන්න තරම් වරදක් නැ . එකක් ඇරෙන්න.

කැමරාවේ මොන තරම් ෆීචර්ස් තිබුනත් මේකේ ගත්ත වෙලාව ෆොටෝ එකට දන්නා ක්‍රමයක් නේ. පිකාස වගේ ටූල් වල වෝටර් මාර්ක් වගේ දන්නා පුළුවන් උනාට මේ වැඩේ කරන්න බෑ


ඉතින් එකට විසදුමක් විදිහට මේ පොඩි ටූල් එක ලිව්වා.
නියමෙට වැඩ. මතක තියා ගන්න ගත්තු වෙලාව ඉමෙජ් එකේ මෙටා ඩේට එකක් විදිහට තියෙන්නේ. හැබැයි නැත්නම් ලාස්ට් updated ටයිම් එක ගන්නත් මේකට පුළුවන්. ඕනේ නම් තනි file එකක් නැත්නම් ෆෝල්ඩර් එකක් උනත් ඉන්පුට් එක විදිහට දෙන්න පුළුවන්.

මගේ දුව ආවට පස්සේ තව පොඩි ෆීචර් එකක් එකතු උන. ඒතමයි කිසියම් දවසක ඉදල ගත්තු දවසට අවුරුදු , මස, දින, ගණන. මට ඕනේ උනා එයා ඉපදුණු
වෙලාවේ ඉදලා පොටෝ එක ගත්තු දවසට එයාගේ වයස දන්නා. දැන් ඒ ෆීචර් එකත් තියනවා.

ඔය තමයි දැනට කරන්න පුළුවන් වැඩ.

පෙර


පසු (2007 නොවැම්බර් 1 සිට කාලය )



මේක පාවිච්චි කරන්න තිතනවානම්

  • ජාවා 5 හරි 6 හරි ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. 7 වැඩ කරන්නේ නැ 
  • මෙවන් තිබුනොත් වැඩේ ලේසියි.  (නැත්නම් ඉතින් ඩවුන් ලෝඩ් කරගන්න)
  • මෙතෙන්ට ගිහින් සෝස් එක ගන්න 
  • cham.open.InfoAppender.gui.MainFrame එක රන් කරන්න
  • මේ තියෙන්නේ ඉන්ටෙර්ෆෙස් එක 

  

*** ඔරිජිනල් ෆොටෝ එක බැකුප් කර ගන්න මොකද ටෙක්ස්ට් එක කෙලිම ලියවෙන්නේ සෙලෙක්ට් කරන ෆයිල් එකට.

ප . ලි 
වෙලාවක් තිබුනොත් මීට වඩා ලේසියෙන් රන් කරන්න විදිහක් දැන්නම්
 

Thursday, May 10, 2012

මමද යමි



මීට ටික දිනකට පෙර ඔවුහු ගියෝය සටහන තැබුවෙමි දැන් මටද යන්නට කාලය පැමිණ ඇත. බොහෝවිට මම මගේ ඔෆිසියට පැමිණෙන අවසාන දවස අදය. 

මතක සටහනක් ලෙස මේ පින්ත්රුරය තබමි . 

Wednesday, May 9, 2012

How to get xpaths of an xml

xpath ගන්නේ කොහොමද ?

මගේ ඔෆිස් එකේ වැඩකට මට ඕනේ උන xml file එකක තියන ඔක්කොම xpath ටික ගන්න. එත් මේකට හරියටම ටූල් එකක් නේ

එක හින්ද මමම පොඩි ටූල් එකක් ලිව්වා.

maven application එකක්. කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න test case ටික බලන්න.


In English,

This is a FOS tool which is capable to get all the xpaths of an xml / and some other info like no of child elements, no of text child element / complex elements etc.

Getting Start: See the test cases. Use default ListHolderListener or PrintListener or write your own Listener.

To run test cases: mvn test.

Need this as a maven (or maven like eg. gradel) dependency? :  Easy. add following lines (or relevant) to your pom


    group:chams.open
    archeytype: xpath-tracker
    version:1.0

........

      repository url : http://code.google.com/p/chams-sandbox/source/browse/trunk/xpath-tracker/m2/releases




PS: tags are not rendering in here, 

   

Saturday, May 5, 2012

වෙසක්

අද වෙසක් පෝයයි.

අම්මල දෙන්න සිල් අරන් තිබුනොය.

සමන්මලිත් මැණිකෙත් නුවනුත් එකතු වී අදපට්ටම් දෙකක් දෙකක් එල්ල තිබුනේය. 

සමන්මලී අපේ ගෙදර යන්න හිතාගෙන තිබුනත් මල්ලිත් සුමුදුත් එන නිසා එක වලකුනේය. 

මැණිකේ ගෙදර ගියාය. 

සමන්මලී මල්ලි අලුත් නැවකට යන්න ඩුබායි බල පිටත් උනේය. සමන්මලිත්, දුවත්, නුවන් පුතත් මල්ලි සමග කටුනායක ගියෝය. 

මල්ලිත් නංගිත් නංගිලාගේ අක්කලාගේ ගෙදර ගොස්  රෑ  කමට  අපේ ගෙදර ආවෝය.

මම ඒවා තිබුණු sky lanterns පත්තු කර යවා  තිබුනේය. 

මම පිලිපීන තානාපති කාර්යාලයේ තිබුණු බණ  ඇසීමට ගියෙමි. ජීවිතේ පලවෙනි වතාවට ඉංග්‍රීසියෙන් බණක් ඇසුවෙමි. හමුදුරුවෝ සිංහල උනාට වියට්නාම, කාම්බෝජ අයත් හිටිය එක නිසා බන කිව්වේ ඉංගිරිසියෙන්. මොනවා නැතත් අපිට දුන්නු දනයටම තානාපති තුමාට (නාවලගේ බැනට් කුරේ) අනෙක වාරයක් පින් දිය යුතුය. 



මීට පෙර වෙසක් දවසක් ගැන තිබුණු සටහනක් මේ





 

Friday, May 4, 2012

වෙනස

ඒ මිලේනියම් ප්ලාස  හි 16 වෙනි තට්ටුවයි. 1606 නිවසයි. විදුලි සීනුවක් තිබුනත් මට ම අවේනික තාලයකට  දොරට තට්ටු කරන්නට වීමි. 

"අන්න අප්පඡ්චි ඇවිල්ලා...  අන්න අප්පඡ්චි ඇවිල්ලා... මගේ අප්පච්චි... බබාගේ අප්පච්චි නෙවෙයි... මගේ අප්පච්චි..."

කෙතරම් වෙහෙසට පත්වී සිටියත් සතුටු සිනා ඇදෙන්නේ නිරායාසයෙනි. 

දොර විවර වේ.

සුපුරුදු සිනහවෙන් ඇය  මා  පිලිගන්නීය. 


"පේනවද ඔයාව හරිය පෙන්නේ නැති නිසා නැවිලත්  බලාගෙන ඉන්නේ"


දුවට තාමත් නිසි ලෙස හිටගන්නටවත් නොහැකිය. අම්ම නිසා මා හරි හැටි නොපෙනෙන බැවින්  ඉදිරියට නෑවී මා බල ගැනීමට උත්සහ දරන්නීය

මාදුටු විගස මුව පුර සිනා සෙමින් ද හිස ඉහළටත් පහළටත් සොලවමින් ද තලු මරමින්ද ඇස පුංචි කරමින්ද ඇයගේ සතුට ද පල කරන්නීය. 

ඇයව වඩාගෙන හුරතල් කරමින් ඇදෙ වැඩි උනෙමි.


"ඔය අදත් පරක්කුයි. චූටි බබයි  මමයි තුන් පාරක්ම පහලට ගිය ඔය එනවද බලන්න. දැන් මෙයට හොදට තේරෙනවා. වෙන ගෙවල් වල දොරවල් වල සද්ද වලටත් හැරිලා බලනවා ඔය එනවද කියල."

..........

මම දොර අරගනිමින් පලු කාමරයට ඇතුල් උනෙමි.

Tuesday, May 1, 2012

අහිංසක අන්තර් ජාල සේවා සැපයුම් කරු.


මගේ හොටෙල් එකේ ඉන්ටෙර්නෙට් සර්විස් provider අමුතුම සෙල්ලමක් දානවා ඒ තමයි, මම අයිඩල් උනොත් කොනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දානවා. 



එහෙම කරන්නේ unlimited download නැති කරන්න. 

මුලින් හිතුව මිනිහ මේක ගන්නේ power savings settings වලින් කියල. එත් එහෙම වෙන්න විදිහකුත් නෑ. මොකද security හින්ද.

පස්සේ තමයි හිතුනේ මේක කරන්නේ mouse movements and keypress අරගෙන කියල.

ඒ කියන්නේ කොහොම හරි මවුස් එක මූ කර ගන්න විදිහක් තිබනම් හරි. ටිකක් හොයන කොට මේ ලින්ක් එක හම්බ උන. 


xte 'mousermove 1 1'

ඔය තියෙන්නේ ඕනේ කරන දේ. ඉතින් ඕක කෝල් වෙන්න පොඩි ලූප් එකක් දැම්ම. 

මේ තියෙන්නේ එක. 

while (true); do (for n in {10..20}; do echo $n; xte 'mousermove $n $n'; sleep 5;done;); done;


වැඩිය විස්තර කියන්න ඕනේ නෑ නේ. මේක mouse pointer එක තැනින් තැනට අරන් යනවා infinite ලූප් එකක. (බැරි වෙලාවත් කවුරු හරි මේක බැලුවොත් සහ තේරුම් ගන්න අමාරු තැනක් තිබ්බොත් කොමෙන්ට් එකක් දන්නා.). එතරම්ම හොද code එකක් නෙවෙයි එත් මගේ වැඩේට ඇති. 
 

අද  උදේ නැගිටලා බැලුව. මාරු!!! තාමත් ඉන්ටෙර්නෙට් වැඩ. මවුසත් එහාට මෙහාට යනවා. 

පව් අහිංසක අන්තර් ජාල සේවා සැපයුම් කරු. 


තව දෙයක්, cx.com ගිහින් බලන්න. 10gb ෆ්‍රී දෙනවා, ෆොටෝ, මුසික්, ඔ වට එවර්. මගේ ෆොටෝ ටික බකුප් කරගන්න තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දිගටම තිය ගන්න උනේ. 

Linux  (Ubuntu) Rock
 
 


 

Saturday, April 21, 2012

ඔවුහු ගියෝය

මේ ලෝකයේ ඇත්තේ යාම් සහ ඊම් පමණි. කෙසේ හෝ ඔවුහුද අද ආපසු ගියෝය.
:(
  
ස්පිරෝ වාහනේ එවල තිබුන. හවස 4.50 ට තිබුණු සිංගප්පුරු ගුවන් යානයෙන් මැනිලා සිට සින්ගප්පුරුවටත්, සින්ගප්පුරුවෙන් කටුනයකටත් යනවා. 

මම නැවතත් මෙහෙ තනි උන. 


Tuesday, April 17, 2012

දුව හිටගත් වගයි

අද දුව පලවෙනි වතාවට තනියම හිට ගත්ත.

Tuesday, April 10, 2012

ලොව කුඩාම ගිනි කන්ද බැලීමට ගියෙමු.

මේක ලියන්නේ අද උනාට මේ ගමන ගියේ 2012 අප්‍රේල් 07. අප්‍රේල් 5, 6, 7, 8, 9, එක දිගට දවස් 5 ක් නිවාඩු. මුල් දවස් දෙකේ ලග පත ඇවිදින්න ගිය.ටිකක් ඇත යන්න හිතාගෙන හිටියේ, එත් අපි පරක්කු වැඩියි. හෝටෙල්ස් ඔක්කොම බූක්. :(

7 ත් වෙනිදා උදේම යන්න පිටත් උන. මන්දලුයෝන්ග් වලට ටැක්සි එකක ගිහින්, එතනින් වෑන් 
 එකක් ගත්ත. පැය  2 ක විතර ගමන. එත් ට්රෆික් උපරිමේට. එක හින්ද ටිකක් වෙලා ගිය. ගිහින් බැස්සේ තගේතයි වලින්. පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන. ආයේ ගමන පටන් ගත්ත. එතන කාක්කෝ ඉන්නවා බෝඩ් අල්ලාගෙන. 

එතනින් බයිසිකලේක ගමන. පැය 1 /2 ක් විතර ගිය. බහින කොට ඇග  රිදෙනව.  

මෙතෙක් ගමන් මග


View Larger Map

අයෙත් පොඩි රෙස්ට් එකක්. 

මෙතනින් පස්සේ යේ පැය 1 / 2 ක් බෝට්ටුවේ. බෝට්ටුවටම අපි තුන් දෙනයි මග පෙන්වන්නෝ දෙන්නයි විතරයි. බෝට්ටුවත් රවුම් තුන හතරක් ගහල තමයි නවත්තන්න තැනක් හොයා ගත්තේ. සමහර විට එදා රුෂ් එක වැඩි හින්ද වෙන්න ඇති. 

යනකොටම කට්ටිය මාස්ක් විකුනනවා. දුවිල්ල වැඩි හින්ද දාගන්න ඕනේ. අපිත් දෙකක් ගත්ත. බබාට අරන් වැඩක් නෑ. කිලෝමේටර් 4 ක් ගමන පයින් යන්නත් අමාරුයි. ගත්ත අස්පයෝ දෙන්නෙක්.

බබත් කර ගහගෙන යන්න අමාරු හින්ද. අස්පයට නැග්ගට පස්සේ තමයි රගේ තේරුනේ. එහෙන් ඇත ඇරේයිද  කියල බය. අනිත් පැත්තෙන් බබා අඩනවා. එක අතකින් බබා අල්ල ගත්තොත් අනිත් අතින් අස්පයව අල්ල ගන්න ඕනේ. අනිත දුවිලි විමනේ. කොහොමින් කොහොම හරි යන්තන් උඩට ගිය. ඉල අට රිදෙනවා. විනොදෙට අස්සයෙක් පැදලා  තිබුනට මෙහෙම හැතැප්ම ගණන් පැදලා තිබුනේ නැනේ. උඩට ගියාම නිවන් දැක්ක වගේ. 

හ්ම්ම් ඔන්න ගිනි කන්ද මුදුනේ අපි දැන් ඉන්නේ. 

තාල් ගිහින් කන්ද තායි ලෝකේ කුඩාම ගිහින් කන්ද. මේකේ පිහිටීම හරිම පුදුමයි. දුපතක් මැද, විලක්, විලක් මැද දුපතක්, දුපත මැද විලක්, විලක් මැද දුපතක්. මේ පිහිටීම තියන ලෝකයේ ලොකුම තැන මෙතන. මේ අන්තිමට කියපු විලක් මැද දුපත හැදිලා තියෙන්නේ 1911 ඇති උණු පිපිරීමෙන්. ලෝකයේ අද්යනයට නම් කරපු ගිනි කදු 16 න එකක් මේක. මේක තාමත් නිතර සක්ක්රීය ගිනි කන්දක්.

මුලින්ම කියපු දුපත මැද විල (තාල් විල) විශේෂ විලක්. මේකේ තමයි ලෝකයේ එකම මිරිදිය සර්ඩින්  මසුන් ඉන්නේ. එක ඇත්තටම පරිණාමයක් ලු. 

මේ තියෙන්නේ මැප්  එක. බලන්න 1969 පිපිරුණු වෙලාවේ ලාව  ගලපු ෆ්ලොව් එක දල තියනවා.




View Larger Map





ගියානම් ඉතින් අපහු එන්නත් එපය්යි. බබා අතින් අතට, මගෙන් සමන්මලිට, අපහු මට මාරු කර කර අස්පය පිටේම අපහු අව. 

ඇත්තම  කිව්වොත්  අස්පයෝ ගැන  දුකයි. උන් හරිම අමාරුවෙන් තමයි අපිව තියාගෙන කන්ද බද ගවේ. එත්  ඉතින් මොනවා  කරන්නද ?

අපු විදිහටම ටගේතයි වලට අව. හොදටම බඩගිනි. ගිය yellow cab එකට බඩ 
 පලේනකල් කල එන්න පිටත් උන. 

රෑ  10 , 10.30. වෙනකොට යහතින් ගෙට ගොඩ උං. 

පහුවද බලනකොට මගෙයි බබගෙයි පිටිපස්ස තුවාල වෙලා, අස්පයගේ වැඩි වෙන කෑල්ලේ  අතිල්ලිලා. සමන්මලිගේ ඉල අට රිදෙනවා. 

මොනවා උනත් ෆන් ගමන.
 

පොටෝ ටිකක් පස්සේ දැන්නම්.



Friday, April 6, 2012

ලිපියක් තැපැල් කල යුත්තේ කෙසේද?

මේක ටිකක් "කාලෙකට ඉස්සර" සිද්ද වෙච්ච දෙයක්. කතාවේ ප්‍රධාන චරිතය අපේ මල්ලි.

මල්ලි ලංකාවේ ප්‍රදානම විශ්වවිද්‍යාලයකින් අවුරුදු 4 ක ඉංජිනේරු උපාදියක් අරගෙන මේ සිද්දිය වෙනකොට ආණ්ඩුවේ අධිකාරියක (තැන හරියට කිව්වේ නැත්තේ එකට කරන අගවුරවයක් හින්ද) ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරමින් හිටියේ. එකයි මේ කතාවේ තියන වැදගත් කම. 






අම්ම: අන්න චූටි පුතේ ලියුමක් ඇවිත් තිබ්බ. 
මල්ලි: ආ.. මේක කොහොමද මෙහාට අවේ? 
අම්ම: මම ඉතින් දන්නේ කොහොමද? 
මල්ලි: ඕක මමනේ දැම්මේ. මම ඕක කැම්පස් එකටනේ පොස්ට් කලේ ? මටම අවේ කොහොමද?
අම්ම: ලජ්ජා නැතුව කියනවනේ. මෙහෙමද යවන්නාගේ, ලබන්නාගේ ඇඩ්රස් දන්නේ?. තැපැල් දෙපාර්තුමේන්තුව හරියට වැඩේ කරලා තියනවා. 
මල්ලි: මටත් ලියන කොට සැක  හිතුන. මම පොස්ට් ඔපිස් එකේ මෑන්  ගෙනුත් ඇහුව අහල තමයි දැම්මේ. මිනිහ හරි කිව්වා. 
අම්ම: ඔය හරියට දල තියෙන්නේ. 
මල්ලි: හ්ම්ම් දැන් ඉතින් කරන්න දෙයක් නැනේ. වෙලාවට තව දවස් තියනවා. මම ගිහින් ආයේ දල එන්නම්. 
අම්ම: ආ මේකත් අරන් යනවා. ඔකේ තියන විදිහට නැතුව මාරු කරලා දල එනවා. 
මල්ලි: හ්ම්ම්. කාටවත් එහෙම කියන්න එපා. 
 




 

බූට් වෙනකොට රන් වෙන්න.

මට ඕනේ උන පොඩි ස්ක්‍රිප්ට් එකක් රන් කර ගන්න ලොග් වෙද්දීම. ඉතින් වැඩිය හොයන්නේ බලන්නේ නැතිව පුරුදු විදිහට .profile එකට දැම්ම. 

එත් වැඩ කරන්නේ නෑ. හේතුව තමයි ස්ක්‍රිප්ට් එකේ sudo කමාන්ඩ් එකක් තියන එක. ඉතින් එක හින්ද මේ ක රන් වෙන්න ඕනේ බූට් වෙද්දීම. එතකොට sudo නැතිව රන් කර ගන්න පුළුවන්. 

කරන්න තියෙන්නේ මෙච්චරයි 

/ect/rc.local එක ඇතුලේ ඕනේ එක රන් කරන්න. sudo  නැතිව. 


අවවාදයයි:
කරන දේ පිළිබවද නිසි අවබෝදයක් ඇතිව ප්‍රවේසමින් පරිහරණය කරන්න. 


 
 

Friday, March 23, 2012

අයි ෆෝනය නැති උනා.

ඇත්තටම නැති උනා නෙවෙයි, හොරු ගත්ත. මම මේක ගත්තේ මීට ඉස්සර වෙලා පිලිපීනට අපු වෙලාවේ. හොන්ග්කොන්ග් වලින් ගෙන්න ගත්තේ. iPhone  3G  මේ පර අවට පස්සේ එක නැති කර ගත්ත.

මම උදේ ජිප්නියක නැගල ඔපිස් අව. එනකොට porak ඕනෙවට වඩා මගේ අගට හේත්තු වෙනවා වගේ තේරුණා. බැහැල බලද්දී phone  එක නෑ. එගමන්ම අයේ  නැගල බැලුව. තිබුනේ නෑ.


 phone එක නැති උණු එකට වැඩ මට දුක එකේ තිබුණු බබාගේ ෆොටෝ ටික නැති උණු එකට. එකේ තිබුණු  contacts නම් ගොඩක් sync වෙලා ඇත්තේ. ෆොටෝ ටික තමයි. ඒවා එත් ඉතින් මොනවා කරන්නද?

මීට කලින් ලියපු පොස්ට් එකේ (පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.) මම edit කලේ, ෆොටෝ එක attach කලේ ඒ ෆොනේ එකෙන්.

සමන්මලී නම් කියන්නේ මල්ලිට පින නෑ කියල. මොකද එක මල්ලිට යවන්න හිටියේ එය අතේ.

iPhone 5 රිලීස් කරන කල්

Thursday, March 22, 2012

මල්ලිගේ බැකෝව

මල්ලි ගත්ත බැකෝව ඉස්සරලම වැඩකට යන්නේ අද. යාපනේ යනවා මස තුනකට.

අදම තමයි මැණිකේ ටයි, මල්ලිගේ නෑනා ටයි අලුත් රස්සාවට මහා ඇමතිගෙන් ලියුම් අවේ. අප්පච්චි තමයි ඉතින් වැඩේ කලේ.

Sunday, March 18, 2012

පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.

මේ සති අන්තයේ යන්න තැනක් හොයා හොයා හිටියේ. එහෙම ඉන්න කොට ලංකාවේ නුවර එලිය වගේ මේ ලස්සන town එක හම්බ උන. ඉන්දියාවේ සුරේෂ් තමයි මුලින්ම අදහස දැම්මේ.

සිකුරාදා රැ 9.30 අපර්ට්මෙන්ට් එකෙන් පිටත් උන. මුලින්ම සමන්මලී ට කිව්වේ නේ පැය 8 ක් බස් එකේ යන්න තියනවා කියල. එහෙම උනානම් බබා එක්ක යන්න බේ කියල අනිවා කචල් අදිනවා. ස්ටෂන් එකටත් ගිහින් ටිකටුත් ගත්තට පස්සේ තමයි කිව්වේ,

යන අතරේ තැන දෙකක බස් එක නතර කල. දුව එතරම් වදයක් දුන්නේ නෑ. අපේ හොද කෙල්ලනේ :).
උදේ 7 ට විත බැස්ස. හොටෙල් එකක් බුක් කල. ගිහින් වොෂ් එකක් දල pizza කව. මෙහෙදී කෝකටත් දෙය්ය තමයි pizza :)

දවස පුරාම එක එක තැන්වල ඇවිද්ද. පස්සේ පුළුවන් උනොත් ෆොටෝ ටිකක් දාන්නම්.



රැ බබා ව නිදි කරලා තිබ්බ විතරයි අයෙ ඇහැරුනා. නිදා ගන්නෙම නේ. පස්සේ අයෙ අන්දවාගෙන starbuck එකට ගිහින් coffee එකක් බිව්වා. සාමාන්යෙන් අපි ගන්නේ cool නේ එත් අද ගත්තේ hot . බබා වීරයා වගේ ෂර්ට් එකක් වත් නැතිව හිටියේ.

පහුවද උදේ පොඩ්ඩක් ඇවිදලා එන්න පිටත් උන. 10.20 බස් එක එහෙන් අද්දුවේ. තව ටිකෙන් මට බස් එක මිස් වෙනවා. සමන්මලී යන්තං බස් එක නවතාගෙන තිබුන.
යහතින් හවස 4.30 ට විතර අපහු නවාතැනට ආව.

ප. ලි.
අවට පස්සේ සමන්මලී ට ඇලගික් එකක් ආව.
දුවට හෙම්බිරිස්සාව හදුනා.

Thursday, March 8, 2012

මල්ලිගේ 30 වෙනි උපන්දින සාදය.


අපි හැමෝම වයසට යනවා.

18 පිරෙනකොට ලොකු සතුටක් හිතට අවේ. දැන් මම ස්වාදීන මිනිහෙක්. එහෙමයි අප්පච්චි අපේ හිතට කා  වද්දල තිබුනේ. 


18 න්  20 ට  - විශේෂයක් න


20 න් 30 - මුලින්ම හිතෙන්න ගත්ත දැන් අපි වයසක් මිනිස්සු කියල 


මල්ලිටත් එහෙම හිතෙන්න ඇති. 

මැණිකේ තමයි වැඩේ සංවිධානය කරලා තිබ්බේ. පාලිතයත්  ඇවිත් තිබ්බ. මේ තියෙන්නේ ගෙනත් තුබුණු කේක්  එක






සුබ උපන් දිනයක් වේවා. 











Saturday, February 4, 2012

සමන්මලීත් දුවත් පිලිපීනයේ

අද සමන්මලිත් දුවත් පිලිපිනෙට ආව.
දුවගේ පලවෙනි විදේශ සංචාරය. යන්තං මාස 7 යි .
ඊයේ තමයි ලකාවෙන් පිට උනේ. කටුනායකදී පොඩ්ඩක් අඬල තිබ්බ. එකට සමන්මලිත් අඬල.
එයාල මාස දෙකක් විතර මෙහෙ ඉදි.

Tuesday, January 31, 2012

ඊයේ සහ අද

ඊයේ තමයි සමන්මලී ගේ අය්යාගේ (හින්නිය) ගේ වෙඩින් එක. අප්පච්චි සදර්න් හයි වේ එකේ යන ගමන් මල්ලිගේ කාර් එකේ පිටිපස්සේ වීදුරුව පොලවේ ගහල තිබුන.

අද මැණිකේ (නංගි) ඉස්සරලම රස්සාවකට ගියා