කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, December 27, 2013

අමුතු වචන


කුක්කු අම්මි
ඩොකන්
සේමර
ඩඩාගන්ඩ
මොන්ටි
නීනී
ටීටී
කීකී
කුමි නැන්දි
ඩී (මාමා ....)
කීකී මුතු
කොක් කොක්
බඩේ චුටි
ඩොකා 
බුඩී(බුදු සරණයි)
ඩන් (1)

Monday, October 14, 2013

මොණරා


මස දෙක කට විතර පස්සේ wife ගේ ගෙදර ගිහින් එන්න ගියා .


උදේට ලොකු මොණරා පිල් විදහාගෙන ගේ ඉස්සරහ නටනවා. දැන් උන්ගේ ටීම් එකත් ලොකු වෙලා.

අම්මා : මේ ලගදී  බල්ලෝ වගයක් වට වෙලා එකෙක් මැරුවනේ. ඊට පස්සේ උගේ පිහාටු අරගෙන පැටා ගේ පොඩි එක වටහපොතක් වගේ හදාගෙන ඉස්සරහින් තියාගෙන ඉදල තියනවා. අර බල්ලෝ රන්චුවටම මූ ව මුරුච්චි වෙලා. බල්ලෝ හිතල මූත් මොනරුන්ගේ එකෙක් තමයි කියල, මුගේ අත කාලනේ.

Thursday, October 10, 2013

මහරාජා පැලස්

ඩොක්ටර් අපොයින්ට්මෙන්ට් එකක් තිබුණා. කොලබ එන්න උන. වැඩේ ඉවර වෙනකොට රැ උන. මහරාජා පැලස් එකෙන් ඩිනර් අරගෙන ගෙනද එනකොට 12 පහු උන. 

Wednesday, September 11, 2013

තුන් වෙනි පරම්පරාවේ, පලවෙනියගේ අකුරු කියවීම සහ දෙවෙනියගේ ආගමනය.


අප්පච්චි : සුමුදුට ටිකක් අමාරුයි වගේ, අපි දැන් මිරකල් එකට කෝල් කරා. දැන්මම එක්ක එන්න කිව්වා. මමයි අම්මයි, දුවලගේ අම්මයි දැන් යන ගමන්.
...

ඩොක්ටර් : බබා හොදින් ඉන්නවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ 
...

සමන්මලී: අම්මෝ.. මොනවා උනත් මම බයේ හිටියේ.. චූටි බබා.. ඔය දැක්කද චූටියව.. 
...

සමන්මලී: ආ... මැණිකේ... අපේ වැඩේ ඉවරයි. අපි දැන් ඔතෙන්ට එනවා, එලියට ඇවිත් ඉන්න. ඔයාව අරගෙන අකුරු කියවන එකට ඕනේ බඩු  ටික ගන්න යන්න ඕනේ. 
...

මැණිකේ : මෙන්න චූටි අය්යා හෙට උදේ එනවලු 11.15 ට ලු බහින්නේ. 

මම : අප්පා.. දැන් මොකද කරන්නේ.. මගෙත් වැඩ ගොඩ ගැහිලා. මොනවා කරන්නද මුළු රැ ම හරි ඇදල වැඩ ටික ඉවර කරන්න ඕනේ. 
....

අප්පච්චි: අපි ඔක්කොම නැවතුන. දැන් ඉතින් කමක් නැ . ඔයාල වැඩේ කරන්න. 
...

සමන්මලී : අනිවාර්යෙන්ම අනිද්දා හවස එනවනම් මමත් එනවා. 
...

සමන්මලී : මටනම් දැන් හරි මහන්ස්යි හෙට උදේම නැගිටලා ඉතුරු වැඩ ටික කරනවා. 
...

මුළු රැ ම ඇදල වැඩ ටික ඉවර කල. උදේම නාල, බුදුන් වැදලා අකුරු කියවන එකට ලැහැස්ති උන. 
ගෙදර හිටපු අය  ඇරෙන්න වෙන කවුරුවත් න. ඉස්සර වෙලා ආපු  කනට වඩා  පස්සේ ආපු  අන ලොකු උන කියන්නේ ඕකට තමයි. 

මම : good බබා, දැන් කියන්න අයන්න - අම්ම 
බබා : කුක්කු අම්ම.
....



මල්ලි : ආ... දැන් ඔයාල කොහෙද? මම ඇවිත් දැන් විනාඩි 20ක් විතර 
අපි : හරි හරි අපි දැන් මේ ලග, 
...

සුමුදු: දැන් ඔයාල කොහොද? 
මල්ලි : අපි දැන් මිනුවන්ගොඩ, අය්යල එන්න පරක්කු උනානේ. 
...

හොදටම බඩගිනියි කල යමු කමක් නැනේ. 
...

සුමුදු: දැන් ඔයාල කොහොද? 
මල්ලි : අපි දැන් කොටදෙනියාවේ , 
සුමුදු : දැන් කොච්චර වෙලාද  මිනුවන්ගොඩ කියල, තම ඔතනද? 
...

යන අතර මග meeting එකකටත් සෙට් උන. 
මම: Hi Guys, It is a very bad weather in here. No ADSL , No power,... I am on my phone. So I would not be able to join teamviewer sessions. voice only.
සුපුරුදු බොරුව ගැහුවා. 
...

අප්පච්චි : දැන් කොහෙද? දැන් දුවව ගන්නවා කිව්වා. 
අපි : හරි දැන් අපි ඔතනමයි ඉන්නේ. මග පර හදනවනේ 
...

කොහොම කොහොම හරි සුමුදුව ඇතුලට ගන්න කලින් අපි ගිය. 
...

මාස 10ක් බලාගෙන හිටියා.. මේ විනාඩි කීපය තමයි ඉන්න බැරි.. අම්මල දෙන්න ලේබර් රුම් එක ගාව . බැරිම තැන එයාලට පුට් දෙකකුත් හම්බ උන. ටිකක් වෙලා යන කොට ඔක්කොම ගිහින් එතන වට වෙලා ජනෙල් දොරවල් වලින් එබිකම් කර කර ඉන්නවා. ... 

අවසානයේ,
රෝස පාට තොප්පි මේස් ඇද, රෝස පාට රෙද්දක ඔත, රෝස පාට පුංචි ට්‍රොලියක, අංක 24 කාමරයට සැපත් වුවාය. 

Wednesday, June 12, 2013

බයි ද ගුටිද


අම්මා : චූටි බබා, මොකද කියන්නේ, මේ බයි ටික කනවද නැත්නම් මගෙන් ගුටි කනවද ?

දුව     : ගුටි 

Tuesday, April 9, 2013

බබාට නමක්


කොල්ලෙකුට "න" යන්නෙන් පටන් ගන්න නමක් අවශ්‍ය කර තිබේ.

Tuesday, March 19, 2013

මල්ලිගේ මෙඩිකල්

ඊයේ මල්ලිට විස හම්බුනා.
අද මල්ලිගේ මෙඩිකල් ටෙස්ට් එක


සමන්මලිගේ අම්ම අසනීපෙන්


සමන්මලිගේ අම්ම අසනීපෙන්

මේ දිනවල අපේ ගෙදර

Saturday, March 2, 2013

මල්ලි සිංගප්පුරුවේ

අද මල්ලි සිංගප්පුරු ගිය. 

මම සමන්මලී බබා, සමන්මලී මල්ලි , අම්ම අප්පච්චි සුමුදු සුමුදු අය්යා, එයාර් පොර්ට් යන්න අව. අපි කොළඹ අව . අම්මල ගෙදර ගිය




සුමුදුව තමයි පවු

Wednesday, February 27, 2013

දිලාන්ගේ පාර්ටිය

ඩිලාන්ට  ජොබ් එක හම්බ වෙලා මාසයකටත් කිට්ටුයි. අද තමයි පර්ටිය. නුගේගොඩ ඩොමිනොස් ගිය

මම මල්ලි මැණිකේ සමන්මලී බබා ඩිලන්, ඩිලාන්  නංගි  අවා

Wednesday, February 20, 2013

සමන්මලිගේ මල්ලිගේ උපන්දින සදයත් අපේ ගෙදර

අපේ ගෙදර හෙමෝම වගේ අසනීපෙන්. බබත් දිගටම අසනීපෙන් හින්ද සමන්මලිගේ අම්මත් සති 2 ක් ම අපේ ගෙදර. ඔය අතරේ සමන්මලී ගේ මල්ලිගේ උපන් දිනෙත් තිබ්බ. අපිට යන්න විදිහක් තිබ්බෙත් නේ. මල්ලියි සම්න්මලිගේ තාත්තයි අපේ ගෙදර අවා උපන්දිනේ සමරන්න. කේක් එක ගෙන එක තිබ්බේ මට. මම එක මල්ලිට delegate කලා. මල්ලි එක මැණිකේ අතේ එවල තිබ්බ. සාදයට ලොකු අය්යාලත් එන්න හිටියේ. එත් පස්සේ අපි එන එපා කිව්වා. මොකද අපි ඔක්කොටම උන හින්ද. තව අවුලක් උන. මම ගෙනත් තිබුනේ 33 එත් හරි එක 32. ඒ අවුලත් ලිහාගෙන පුංචියට උපන්දින උත්සවේ ගත්ත.

සුභ උපන් දිනයක්.

Monday, January 28, 2013

කැස්බවෙන්, ඇල්පිටියට ඇල්පිටියෙන්, කැස්බේවට, කැස්බවෙන් කටුපොතට, කටුපොතින් කැස්බෑවට



සමන්මලී ගේ අත්තම්ම නැතිවෙලා අවුරුදු 10ක්. එක සිහිකරලා ගෙදර දානයක්. අපි තුන් දෙන බ්‍රහස්පතින්දා හවස අල්පිටිගිය. දානේ තිබුනේ සෙනසුරාදා. ගෙදරත් ගොඩක් වෙනස් වෙලා. කට්ටිය බරටම වැඩ. සෙනසුරාදා අම්ම මල්ලි මැණිකේ සමන්මලිගේ අය්යාලත් එක්ක අව. සුමුදුවගේ සුබ ආරංචිය හින්ද එයට එන්න බැරි උන. දානේ වඩාත් හොදට කෙරුණා. අම්මල එදාම ආපහු අව. අපි තුන්දෙනා ඉරිදා හවස එන්න පිටත් උන. මට රන්මුතුගල ලොකු නංගිගේ wedding එකකට යන්න තිබ්බ. ගමන පිටත් වෙලත් හිතාගෙන හිටියේ මම විතරක් යන්න. එත් පස්සේ ඔක්කොම යන්න තීරණය උන. ඉරිදා හවසම කටුපොත ඇද්ද. උදේ අප්පච්චි මමයි  බබයි කුරුණෑගල හරහා wedding එකට ඇවිත් කස්බෙවට එනකොට රේ 7 විතර උන. බබාට පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ. එත් අවුලක් නේ. ඔහේ චව් චව් ගග ඉන්න්නවා. ගමනේ මුළු දුර කොහොම උනත් 500 km  විතර.

Thursday, January 24, 2013

මෙහෙමත් අන්තර් ජාල වේගයක් - 2


මීට ටික කාලෙකට ඉස්සරමෙහෙමත් අන්තර් ජාල වේගයක්?  ලිව්වා. ඒ ඕස්ට්‍රේලියාවේ. දැන් ලංකාවත් නරකම නෑ. මේ අපේ ගෙදර ADSL සම්බන්ධතාවය.


Tuesday, January 1, 2013

2012 අවුරුද්දත් ගෙවුන.



අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලැබුවා. සමහරුනම් හිතුවේ නැවත අලුත් අවුරුද්දක් හම්බ වෙන එකක් නෑ කියල.

පවුලේ සමහරු ලංකාවට අව, ලංකාවෙන් ගිය. අලුත් රැකියා වලට ගිය. රැකියා නැති උන. නැති උනත් එකෙනුත් වාසි ගත්ත. සමහරු පලවෙනි උපන් දිනේ සමරුව, වාඩි උන. හිට ගත්ත. ඇවිද්ද. තවත් අය සමාජ සේවය. තව අය මාරුවෙන් මාරුවට බබල බල ගන්නවා. ඒ අතරේ සමහරු බබල එනකල් බලාගෙන ඉන්නවා. ඒ අතරේ සමහරු තෙල් බානවා. තවත් කෙනෙක් ඊලග මාසේ ඉදල ව්‍යාපාර වලින් ලාබ ගන්න බලාගෙන ඉන්නවා. ඔය වගේ සතුට සාමය විනෝදය දුක වේදනාව තරහ හැමදෙයකම අඩු වැඩියෙන් තිබුණු අවුරුද්දක දවස් 364ක් ම ගෙවුන.

30 වෙනිදා හවස අම්ම කෝල් කරලා දුමින්දලගේ අත්තා නැති උන කියල තිබුන. නොගිහිනුත් බෑ . කාර් එක කරකවන එකත් එපා වෙනවා වියදමත් වැඩියි. 31 උදේ ම බස් එකේ ගෙදර ඇද්ද . මළගෙදර ට ඔලුව දල හවස එන්න පිටත් උන. රෑ 10 විතර සමන්මලී මම බබා චමත් ඩිලාන් ඥාන කවුන්ට් ඩවුන් එකට යන්න අයේ කොළඹ අව. ගෝල්ෆේස් කවුන්ට් ඩවුන් එකනම් ගන්න දෙයක් න. මම හිතන්නේ ලංකාවේ පලවෙනි පාරට සාමාන්‍ය මිනිස්සුන්ට ස්ට්‍රීට් පාර්ටි එකක් ඔර්ගනයිස් කරලා තිබුන. නරකම නේ.

කොහොම හරි ඔක්කොම බස්සල ගෙදර එනකොට රැ 2.30 ට විතර ඇති. කොචර මහන්සි උනත් අපි දෙන්න කිරිත් උතුරලා නිදා ගත්තේ.

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.