කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න
Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts

Friday, January 9, 2015

දින 5ක් ලන්ඩනයේ


කාලය ඉගිල්ලෙනවා. මාස 6 කුත් ගෙදිල ගිය. අනිත් අයට  යන්න කාලේ ඇවිත්. ආපහු යන අතරේ දවස් 5 ක ලන්ඩන් සංචාරයක් දාගත්ත. අරන් යන්න බඩු ගොඩයි. අත පය දාල ආවත් මගේ නෝනා බඩුනම් දාල යන්නේ නෑ. ආවට පස්සේ කන්න මට කෑම ගොඩකුත් හදලා. 

3 වෙනිදා හවස Athlone වලින් එන්න පිටත් උන. මගේ යාලුවෝ චිරාග්-භූමිකා , සවුරව්-මායා  අපිව ඇරලවන්න bus station එකට ආවා. bus එකෙන් ඩබ්ලින් වලට එතනින් ෆෙරියේ එංගලන්තයට. නැවත bus එකෙන් ලන්ඩනයට. 

4 වෙනිදා උදේ අමාරුවෙන්, තරහ වෙවී යාලු වෙවී  හෝටලයට ආවා 

ලන්ඩන් අයි, වෙස්මිනිස්ටේර් ඇබේ, බිග් බෙන්, තේම්ස් නදියේ බෝට්ටු සංචාරය, ලන්ඩන් කුලුන, කෞතුකාගාරය, වෙලින්ටන් අරුක්කුව, බකිංහම් මාලිගය අවට, රාජකීය ඇල්බට් ශාලාව, කෙනිස්ග්ටන් මාලිගය හා උද්‍යානය, මඩමි ටුසඩ්, ලංකාවේ සේකරගේ ලන්ඩනයේ රෙස්ටුරන්ට් එක අපේ සිත් ගත් තැන් උන. 

8 වෙනිදා රෑ 8.50 ට (තරහ වෙවී යාලු වෙවී ) UL 504 යානයේ නෝනත් දුවත් පුතත් ලංකාව බල පිටත් උන. මම ආපසු හෝටලයට.

Saturday, July 12, 2014

අයර්ලන්තයට

අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි. කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා. එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි. මොනවා වෙයිද මන්ද? 


Sunday, August 5, 2012

මූඩිය අරින්නේ කොහොමද?



(මම වගේ උයන්න දන්නෙ ම නැති කෙනෙකුට පමණයි)

ලංකාවේ අපි පිට රට ආවම මූණ දෙන එක ප්‍රශ්නයක් තමයි අපේ කෑම හොයා ගන්න එක. සමහර රටවල අපේ කෑම ඇත්තෙම නෑ. සමහර රටවලනම් අපිට ලගින් යන කෑම තියනවා. ඉන්දියන් කෑම වගේ. 
ලගකදී ඉදන් අපේම කෑම බෝතල් (වීදුරු) කරලා තියන හින්ද දැන් වැඩේ ගොඩක් ලේසියි. කොහෙන් හරි ප්ලේන් රයිස් ගත්ත. අපේ ටින් කරි එක එක්ක කව. 

එත් පොඩි ගැටළුවක් තියනවා. මම ලග දී පිට රට අපු අවස්ථා දෙකේදීම මූණ දුන්න. ඉතින් හිතුව මේක ලියල තියන එක හොදයි කියල. 

ප්‍රශ්නේ තමයි මේ වීදුරු බෝතල් අම්මේ මුත්තේ කිව්වත් මෙලෝ යකෙකුට අරින්න  බෑ. ගොඩක් වෙලාවට කරන්නේ අඩුවක් හරි පිහියක් හරි දල අල්ලන එක. ඊට පස්සේ වහන්න බෑ. හැබැයි පොඩ්ඩක් මොලෙන් (ඔලුවෙන් නැතුව) හිතුවනම් ඊට වැඩ ලේසි, ඒවගේම පියන අයෙත් වහන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. 

පියන ලෝහ හින්ද පියන රත් කරන්න. එක ඉක්මනින්  ප්‍රසාරණය වෙන හින්ද ගලවන්න ලේසියි. 
මේ ක්‍රමය බොහොම ප්‍රසිද්ද ක්‍රමයක්. එත් සමහර වෙලාවට මතෙකට එන්නේ නෑ 

ප්‍රවේසමින්. 
රත් වෙන වෙලාව තුල මූණ ඉවතට හරවන්න. (වීදුරුව පිපිරෙන්න පුළුවන්)
විදුරු බෝතලය නොව ලෝහ මූඩිය රත් කරන්න 

මට මෙතෙක් හමු වූ ටින් කරන ලද ලංකාවේ කෑම
  1. සීනි සම්බෝල
  2. කට්ට සම්බෝල
  3. උම්බලකඩ සම්බෝල
  4. පොල් සම්බෝල (ක්ෂණික)
  5. හල මැස්සන් බැදුම
  6. පොලොස් කාරිය 
  7. අඹ චට්ට්නි 
  8. අම්බරැල්ල චට්ට්නි 
  9. අච්චාරු
  10. චිලි පේස්ට්

Monday, July 30, 2012

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට


දැනට වැඩ කරන කොම්පැනියේ වැඩකට සිඩ්නි වලට එන්න උන. ඊයේ උදේ පාන්දර 00.55 ට තමයි ෆ්ලිට් එක තිබ්බේ. මම, සමන්මලී, මැණිකේ, බබා, නුවන් ආවා. (සමන්මලී එන ගමන් ගණන් හදල බැලුව, බබා හැම මස දෙකට සැරයක්ම එයාර් පොර්ට් ඇවිත් තියනවා. කවුරුහරි බස්සන්න, නැත්නම් ගන්න). කටුනායක ඉදල ක්වාලාලම්පූර් වලට, පැය 3 යි මිනිත්තු 40 ක් ගුවනේ. එපාම උනේ ඉතුරු ටික ක්වාලාලම්පූර් සිට සිඩ්නි වලට පැය 8 ක්. බහින කොට රෑ 7.00 යි. ආගමන විගමන වැඩ ටික ඉවර වෙලා හෝටලේට (ibis) එනකොට 9.30 යි. දැනටනම් කියන්න තියෙන්නේ, පට්ට සීතලයි (8c .). බඩු පට්ට ගන්නන්, කිලෝමීටර් 15 ක් විතර ටැක්සි එකක ආවා ඩොලර් 126 ක් රුපිරල් 17, 000 ක් විතර. අය්යෝ සල්ලි....

Friday, July 27, 2012

මල්ලිත් සුමුදුත් බැංකොක්

27 වෙනිදා උදේ පිටත් උන. 29 රෑ වෙනකොට ගෙදර එයි. 

Monday, June 18, 2012

යාපනයට බසයෙන්


මගේ ව්‍යාපාරික :) වැඩකට යාපනේට යන්න ඕනේ උන. පොඩි ට්‍රිප් එකක් විදිහට යන්න තමයි සැලසුම් කලේ එත් තිබුණු වෙලාව මදි. එක හින්ද මම විතරක් යන්න තීරණය කල. මල්ලි ටිකට් එක බූක් කරලා තිබුන. සෙනසුරාදා  රෑ 9.30 බස් එක වෙල්ලවත්තෙන් පිටත් වෙන්න තිබ්බේ. නුවන් මාව ගෙනත් දැම්ම. බස් එකේ ගාස්තුව 1335. මොනවා උනත් සැප බස් එක. ඇත්තටම අධි සුකොපබෝගී කියල ගහගෙන තියන එකේ එතරම් වරදක් නේ. එපාම උණු දේ තමයි දල තිබුණු දෙමල ෆිල්ම් එක.
මුල ඉදලම නිදා ගත්තු එක තමයි කලේ. තැන දෙකක මමත් බැස්ස. මීගමුවෙයි කිලිනොච්චියෙයි. යාපනෙන් බහින කොට උදේ 6.30 විතර උන. ඊටපස්සේ ඉතින් මගේ වැඩ ටික කර ගත්ත. මල්ලිගේ යාළුවා (ඉන්දික) ත් එක්ක මිනිහගේ සයිට් එකට ගිය. එතන සේවකයෝ වගයක් පොලව හරනකොට සජීවී ජොනි බට්ටෙක් හම්බ වෙලා තිබ්බ. මොන තරම් ක්ලියර් කිව්වත් තාමත් ඕනේ තරම් මේවා හම්බ වෙනවලු.

රේ 7.30 තමයි බස් එක එන්න පිටත් වෙනවා කියල තිබුනේ. වෙලාවටම පිටත් උන. සදුදා උදේ 5.00 වෙද්දී කොළඹ. ගෙදරට එනකොට 6.10 සම්පුර්ණ දුර 950 කි.මි විතර. නරක නේ.

Monday, May 28, 2012

ගෙවෙමින් තිබෙන්නේ පිලිපීනයේ ගෙවෙන අවසාන දින කිහිපයි

ගෙවෙමින් තිබෙන්නේ පිලිපීනයේ ගෙවෙන අවසාන දින කිහිපයි. වෙලාව ගතවෙන්නේ ඉතාම සෙමිනි. කලයුතු විශේෂ වැඩක්ද නැත. තිබුනත් මම ඊට සුදානම් නැත. මෙවර මට පිලිපීනයට එන්නට සිදුවූයේ නොසිතු අවස්ථාවකය. යන්නට සුදුවන්නෙත් නොසිතු මොහොතකය. නමුත් යා යුතුය.

ගෙවුණු මාස හය තුල ජීව්තයට ඉතා සතුටු දායක දේවල් මෙන්ම නැවත ලැබිය නොයුතු අමිහිරි දේවල්ද එකතු උනි.
ඒ ජීවිතයේ ස්වභාවයයි. සිහින සියල්ල ඉටු නොවේ. සියල්ලම සිහිනම පමණක්ද නොවේ.

බොහෝවිට මම මේ මගේ පිලිපීනයේ අවසාන සංචරයි. (මීට පෙර අවස්ථාවේ සිතුවෙත් එසේමය )
මේ කාලය තුල සමන්මලී සහ දුව සමග ගතකල මස දෙකත්, මිතුරන් වූ අලිස්ටේයර්,  ඊන, බනි, ස්පිරෝ, අනෙස්ටේසිය, ඩේවිඩ්, එරික්, පිලාම් ලයිෆ් බිල්ඩිම, සීටෝම්, මකාටි වීදිය, අයාල ට්‍රිඅන්ගල් පාර්ක්, අයාල, ග්‍රීන් හිල්ස් , ප්ලාසා ෆෙයාර් (සමන්මලිගේ ලාබ කඩ.) බර්ජය හෝටලය,ඉන්ටර්නැෂනල් ඉන්න හෝටලයේ 402 කාමරය, සිටඩෙල් හෝටලය 1502 කාමරය,  මිලේනියම් ප්ලාස 1606 කාමරය, රතු විදුලි බුබුළු වීඩිය (බුරුගොස්
), ඉන්දියානු මිතුරන් වූ සුරේෂ්, සෙල්වා, පකිස්තානු මිතුරා මොහොමඩ්. එ. අ . එ මිතුර ෆහඩ්
අවසාන දිනවල හමුඋනු එංගලන්ත මිතුර රිචඩ් (ලංකාව සිලෝන් කාලයේ ලංකාවේ හැදී වැදුනෙකි ) කිසිදා මතකයෙන් ඉවත් නොවනු ඇත.

පැමිණියේ 2011 නොවැම්බර් 09 බදාදා ,
පිටවන්නේ 2012 මැයි 30 බදාදා


29, 12.36 කෑම බෙදන ගැණු ළමයාගෙන් අවසාන කෑම එක ගෙන අත වන ආපසු හැරුනෙමි.
29, 13.48 බොර්ඩින් පාස් ඇබි ප්‍රින්ට් කරලා දුන්න. ස්තුතියි ඇබි.

Saturday, April 21, 2012

ඔවුහු ගියෝය

මේ ලෝකයේ ඇත්තේ යාම් සහ ඊම් පමණි. කෙසේ හෝ ඔවුහුද අද ආපසු ගියෝය.
:(
  
ස්පිරෝ වාහනේ එවල තිබුන. හවස 4.50 ට තිබුණු සිංගප්පුරු ගුවන් යානයෙන් මැනිලා සිට සින්ගප්පුරුවටත්, සින්ගප්පුරුවෙන් කටුනයකටත් යනවා. 

මම නැවතත් මෙහෙ තනි උන. 


Tuesday, April 10, 2012

ලොව කුඩාම ගිනි කන්ද බැලීමට ගියෙමු.

මේක ලියන්නේ අද උනාට මේ ගමන ගියේ 2012 අප්‍රේල් 07. අප්‍රේල් 5, 6, 7, 8, 9, එක දිගට දවස් 5 ක් නිවාඩු. මුල් දවස් දෙකේ ලග පත ඇවිදින්න ගිය.ටිකක් ඇත යන්න හිතාගෙන හිටියේ, එත් අපි පරක්කු වැඩියි. හෝටෙල්ස් ඔක්කොම බූක්. :(

7 ත් වෙනිදා උදේම යන්න පිටත් උන. මන්දලුයෝන්ග් වලට ටැක්සි එකක ගිහින්, එතනින් වෑන් 
 එකක් ගත්ත. පැය  2 ක විතර ගමන. එත් ට්රෆික් උපරිමේට. එක හින්ද ටිකක් වෙලා ගිය. ගිහින් බැස්සේ තගේතයි වලින්. පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන. ආයේ ගමන පටන් ගත්ත. එතන කාක්කෝ ඉන්නවා බෝඩ් අල්ලාගෙන. 

එතනින් බයිසිකලේක ගමන. පැය 1 /2 ක් විතර ගිය. බහින කොට ඇග  රිදෙනව.  

මෙතෙක් ගමන් මග


View Larger Map

අයෙත් පොඩි රෙස්ට් එකක්. 

මෙතනින් පස්සේ යේ පැය 1 / 2 ක් බෝට්ටුවේ. බෝට්ටුවටම අපි තුන් දෙනයි මග පෙන්වන්නෝ දෙන්නයි විතරයි. බෝට්ටුවත් රවුම් තුන හතරක් ගහල තමයි නවත්තන්න තැනක් හොයා ගත්තේ. සමහර විට එදා රුෂ් එක වැඩි හින්ද වෙන්න ඇති. 

යනකොටම කට්ටිය මාස්ක් විකුනනවා. දුවිල්ල වැඩි හින්ද දාගන්න ඕනේ. අපිත් දෙකක් ගත්ත. බබාට අරන් වැඩක් නෑ. කිලෝමේටර් 4 ක් ගමන පයින් යන්නත් අමාරුයි. ගත්ත අස්පයෝ දෙන්නෙක්.

බබත් කර ගහගෙන යන්න අමාරු හින්ද. අස්පයට නැග්ගට පස්සේ තමයි රගේ තේරුනේ. එහෙන් ඇත ඇරේයිද  කියල බය. අනිත් පැත්තෙන් බබා අඩනවා. එක අතකින් බබා අල්ල ගත්තොත් අනිත් අතින් අස්පයව අල්ල ගන්න ඕනේ. අනිත දුවිලි විමනේ. කොහොමින් කොහොම හරි යන්තන් උඩට ගිය. ඉල අට රිදෙනවා. විනොදෙට අස්සයෙක් පැදලා  තිබුනට මෙහෙම හැතැප්ම ගණන් පැදලා තිබුනේ නැනේ. උඩට ගියාම නිවන් දැක්ක වගේ. 

හ්ම්ම් ඔන්න ගිනි කන්ද මුදුනේ අපි දැන් ඉන්නේ. 

තාල් ගිහින් කන්ද තායි ලෝකේ කුඩාම ගිහින් කන්ද. මේකේ පිහිටීම හරිම පුදුමයි. දුපතක් මැද, විලක්, විලක් මැද දුපතක්, දුපත මැද විලක්, විලක් මැද දුපතක්. මේ පිහිටීම තියන ලෝකයේ ලොකුම තැන මෙතන. මේ අන්තිමට කියපු විලක් මැද දුපත හැදිලා තියෙන්නේ 1911 ඇති උණු පිපිරීමෙන්. ලෝකයේ අද්යනයට නම් කරපු ගිනි කදු 16 න එකක් මේක. මේක තාමත් නිතර සක්ක්රීය ගිනි කන්දක්.

මුලින්ම කියපු දුපත මැද විල (තාල් විල) විශේෂ විලක්. මේකේ තමයි ලෝකයේ එකම මිරිදිය සර්ඩින්  මසුන් ඉන්නේ. එක ඇත්තටම පරිණාමයක් ලු. 

මේ තියෙන්නේ මැප්  එක. බලන්න 1969 පිපිරුණු වෙලාවේ ලාව  ගලපු ෆ්ලොව් එක දල තියනවා.




View Larger Map





ගියානම් ඉතින් අපහු එන්නත් එපය්යි. බබා අතින් අතට, මගෙන් සමන්මලිට, අපහු මට මාරු කර කර අස්පය පිටේම අපහු අව. 

ඇත්තම  කිව්වොත්  අස්පයෝ ගැන  දුකයි. උන් හරිම අමාරුවෙන් තමයි අපිව තියාගෙන කන්ද බද ගවේ. එත්  ඉතින් මොනවා  කරන්නද ?

අපු විදිහටම ටගේතයි වලට අව. හොදටම බඩගිනි. ගිය yellow cab එකට බඩ 
 පලේනකල් කල එන්න පිටත් උන. 

රෑ  10 , 10.30. වෙනකොට යහතින් ගෙට ගොඩ උං. 

පහුවද බලනකොට මගෙයි බබගෙයි පිටිපස්ස තුවාල වෙලා, අස්පයගේ වැඩි වෙන කෑල්ලේ  අතිල්ලිලා. සමන්මලිගේ ඉල අට රිදෙනවා. 

මොනවා උනත් ෆන් ගමන.
 

පොටෝ ටිකක් පස්සේ දැන්නම්.



Saturday, September 4, 2010

බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4 කි

බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4 කි 

බුදු රජනවහන්සේගේ 
  1. ඉපදීම 
  2. බුදුවීම 
  3. ප්‍රථම දර්මදේශනය 
  4. ප්රිනිවන පෑම
යන කරන සිදු වූ ස්ථානයි. 

මේ කියන දේ එතරම් සාධාරණ නෑ  කියලයි මට හිතෙන්නේ. මොකද ලෝකේ ඉන්න හැම බෞද්ධයටම ඉන්දියාවට යන්න පුළුවන් කමක් නැති හින්ද. 

මොනවා උනත් අපේ අම්මයි අප්පච්චියි දඹදිව වන්දනාවේ ගිය. මේ පොස්ට් එක ලියන්නේ ටිකක් පස්සේ. එත් එයාල ලංකාවට අපු දිනේට පුබ්ලිෂ් කරනවා. 

වන්දනාව පටන් ගත්තේ අගෝස්තු 13 වෙනිදා 2010 යේ. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, අම්ම අප්පච්චි, බාප්පා, පුංචි අම්ම, රන් උපාසක මහත්තය ඇතුළු ලොකු නඩයක්  ගිය. 


සාමාන්‍ය දින ගානට වැඩ දින ගානක් අම්මයි අප්පච්චි ඉන්දියාවේ හිටිය. මොකද මැණිකේ එතකොට ඉන්දියාවේ. එයාගේ යුනිවෙසිටියටත් ගිහින් සැප්තැම්බර් 4 වෙනිදා හවස 3 ට විතර ලංකාවට අපහු අව. 

මම සමන්මලී, එයාපෝර්ට් එකට ගිය එයාලව එක්ක එන්න. 

ගමන ගිහින් එනකොට රන් උපාසක මහත්තය අප්පච්චි බාප්පා එක්ක තරහ වෙලා. හික්. එය එක්ක හිටියේ නෑ කියල.