කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, January 10, 2015

මගේ brush එක මොන පාටද



පහුගිය ගිය දින තුනේදීම උදේ දත් මැදීමට පෙර 

"මගේ brush එක මොන පාටද"

"කොළ පාට "

අද උදේ බුරුසු තුන තියන තැනට ගියෙමි. කාගෙන් අහන්නද ?


---------
සටහන 

මේ ලෝකයේ හොදම සැමියා මම නොවෙමි. හොදම බිරිදද ඔබ නොවේ. නමුත් මට ඔබ නැතිව බැරි බව මට වඩා හොදින් ඔබ දන්නා බව දනිමි. 

අප්පච්චි, I love you so much, please come


Athlone වලින් bus එකට නැගල සේතුට seat belt දැම්ම. සෑහෙන වෙලාවක් මගේ දිහා බලාගෙන හිටිය. "Good Bye අප්පච්චි". ඇස් කදුළු කැට මතු වෙනවා. (එය හිතල තියෙන්නේ මම මෙතනින් නවතිනවා කියල )

"අප්පච්චි අපිත් එක්ක එනවනේ. දැම්ම යන්නෙ නැනේ". නෝනා කදුළු පිහ දැන ගමන් කිව්වා. 

මමත් මගේ දුවගේ නළල ඉබින අතරේ හොරෙන් කදුළු පිහදා ගත්ත . 

"OK Daddy". කට පුරවල අයෙත් හිනා වෙනවා 


-------

ගමන අතරේ ආයේ දවසක් 

අප්පච්චි, I love you so much, please come (with us)

-------
මේක ලියන්න කොච්චර කාලයක් ගත්තද? කීපාරක් අප්පච්චි ඇඩුවද කියල  ඔය දන්නේ නෑ මගේ දුවේ. අප්පච්චිත් ඔයාට ගොඩක් ආදරෙයි 

Friday, January 9, 2015

දින 5ක් ලන්ඩනයේ


කාලය ඉගිල්ලෙනවා. මාස 6 කුත් ගෙදිල ගිය. අනිත් අයට  යන්න කාලේ ඇවිත්. ආපහු යන අතරේ දවස් 5 ක ලන්ඩන් සංචාරයක් දාගත්ත. අරන් යන්න බඩු ගොඩයි. අත පය දාල ආවත් මගේ නෝනා බඩුනම් දාල යන්නේ නෑ. ආවට පස්සේ කන්න මට කෑම ගොඩකුත් හදලා. 

3 වෙනිදා හවස Athlone වලින් එන්න පිටත් උන. මගේ යාලුවෝ චිරාග්-භූමිකා , සවුරව්-මායා  අපිව ඇරලවන්න bus station එකට ආවා. bus එකෙන් ඩබ්ලින් වලට එතනින් ෆෙරියේ එංගලන්තයට. නැවත bus එකෙන් ලන්ඩනයට. 

4 වෙනිදා උදේ අමාරුවෙන්, තරහ වෙවී යාලු වෙවී  හෝටලයට ආවා 

ලන්ඩන් අයි, වෙස්මිනිස්ටේර් ඇබේ, බිග් බෙන්, තේම්ස් නදියේ බෝට්ටු සංචාරය, ලන්ඩන් කුලුන, කෞතුකාගාරය, වෙලින්ටන් අරුක්කුව, බකිංහම් මාලිගය අවට, රාජකීය ඇල්බට් ශාලාව, කෙනිස්ග්ටන් මාලිගය හා උද්‍යානය, මඩමි ටුසඩ්, ලංකාවේ සේකරගේ ලන්ඩනයේ රෙස්ටුරන්ට් එක අපේ සිත් ගත් තැන් උන. 

8 වෙනිදා රෑ 8.50 ට (තරහ වෙවී යාලු වෙවී ) UL 504 යානයේ නෝනත් දුවත් පුතත් ලංකාව බල පිටත් උන. මම ආපසු හෝටලයට.