කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, December 29, 2016

දින දෙකක් බෙල්ෆාස්ට්

27 පටන් ගත්තා. 
28 ආපසු අවා. කි. මී 500 කට වැඩි දුරක් දින දෙක තුල ධාවනය කලා 

Tuesday, December 27, 2016

බ්රූම්

දුව ඉස්කෝලේ කල  වැඩ, අම්මා පරික්ෂා කරමින් සිටී. 

හිස්තැන් පිරවීම 

br--m
broom 

සුපුරුදු පරිදි ඇය නිවැරදිව කාර්ය කර තිබිණි. 

"මොකද්ද සෙතූ broom කියන්නේ.?"
"Yes. I already know"
"මොකද්ද?"

"The one witch uses to fly"


ගම් හතක් සලිත කල ඈ අවසන් ගමන් ගියාය.



බ්ලැකී ඔබට නිවන් සුව 


Sunday, October 2, 2016

මහිස් එකක් දේ නම් ඔබේ නමට කිමා

ප්‍රමිලා:
සක්මන් කරන මළුවේදී බැදි                හාද 
සිත් සන්තොසින් දුන් මුව මී බී               වාද 
ඉක්මන් ගමන් හිමියනි ඔබ යන           වාද 
දස්කොන් මගේ නමට ජීවිත දෙන         වාද 

දස්කොන්:
විසෙස් කමලා ව  රස පහස නොවිද      මා
දසිස් දුනි පොරන ඇස දුටු පමණට        මා 
වෙසෙස් ඔබේ අමයුරු පහස ලද මෙ     මා
මහිස් එකක් දේ නම් ඔබේ නමට කි      මා 

Monday, April 18, 2016

දුප්පත් කම

සමන්මලී : ඇයි ඔය පැනමා වල සල්ලි ගිහින් දාන්නේ. 
මම: පැනමා වලදි කළු සල්ලි සුදු කරන්න පුළුවන්, ටැක්ස් නැතුව. 
සමන්මලී: පොඩ්ඩක් පෙන්නන්නකො පැනමා කොහොද තියෙන්නේ කියල.
ආර්ථික, ඉතිහාස, භූගෝ, විෂය ඔස්සේ කතාව ඇදිල යනවා 
සමන්මලී: ටිකක් හොද රටක් නේද 
මම: හ්ම්ම්, කොස්ටරිකා ත් හොදයි, හොන්ඩුරාස්, එල් සැල්වදෝර් හොදටම දුප්පත්.

දුව: අප්පච්චි what do you mean by දුප්පත්?

සමන්මලී : උබලට එක තේරෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. 

Sunday, November 29, 2015

සිටිසන්ශිප්

අය්යෝ සිටිසන්ශිප් නෙවෙයි රජ්ජයම දෙනවා කිව්වත් මට නම් මේ ජිවිතෙ නම් එපා.

Thursday, October 1, 2015

කට්ටිය තායිලන්තයේ

අම්ම අප්පච්චි, මැණිකේ දිලාන්, දිලාන් නංගි ආන්ටි අන්කල් දින 6ක් තායිලන්තයේ. දිලාන්ගේ බර්ත් ඩේ පාර්ටි එකත් අරන් තිබුනේ එහෙදි. 

මැණිකේ එහෙ ඉදල වයිබර් family group එකට message එකක් දාල තිබුන "ලොකු ඔයාලත් එන්න මේ දෙන්න ටිකක් ලොකු උනාම." 

අපිට කොහෙන්ද බූල් පූසෝ කීවලු.
අපි කන හැටි ලිපා දනී.

අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ

"අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ".

"ඇයි බබා. හා දැන් නිදාගන්න."

"මම ඒක හිතල කලේ නෑ. බැරි වීමකින් උනෙ. කාටවත් කියන්න එපා."

"මොකද්ද."

"මගෙ අතින් මල්ලිගෙ ඇගිල්ල කැඩුන. අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ"

සමන්මලිත් බය වෙලා නැගිටල බැලුවා. මල්ලි එහා පැත්තෙ සැපට නිදි.

"මම ආදරේට මල්ලිගෙ ඇගිල්ල ඇල්ලුව උම්ම එකක් දෙන්න. එතකොට තමයි කැඩුනෙ."

"නෑ බබා. මේ මල්ලි නිදාගෙන ඉන්නෙ. එයට මොකුත් වෙලා නෑ."

"එයා පොඩි හින්දා ආයෙ ඇගිල්ල එනවා නේද? මොකුත් වෙන්නෙ නැති වෙයි නේද?"

"නෑ. සුදු බබා ඔයා බය වෙන්න එපා. මල්ලි මේ හොදට නිදාගෙන ඉන්නෙ. ඉන්න මම ඔයට මල්ලිගෙ ඇගිලි පෙන්නන්න."

නිදාගෙන ඉන්න මල්ලිගේ අත් දෙකම ප්‍රවේසමෙන් ගෙන අක්කාට දුන්නාය.

ඇගිලි එකෙන් එක පරීක්ශා කලා. අන්තිමට නිදා සිටින මල්ලිගෙ අත් දෙකම අල්ලා උම්ම එකක් දී අක්කා නැවතත් කොට්ටයට බර වූවය.

"මට ඒ වෙලාවෙනම් ගොඩාක් දුක හිතුනා. සෙතූ නම් මල්ලිට හරීම ආදරෙයි. "

සමන්මලී දවසේ විස්තරය කීවාය.

"හ්ම් ම්. අපේ හොදම කෙල්ලනෙ ඉතින්. එහෙනම් මම තියන්නම්. ටිකක් බිසි. බායි."

"බායි. බබා අප්පච්චිට බායි කියන්න".
"බායි ඩැඩී."
"බායි බබා."

Sunday, September 20, 2015

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.

ඔවුන් අනිකුන් කෙරේ කෙසේ සැලකුවත්, බෞද්ධ අපි මිනිසුන්ගේ පමණක් නොව සියලු සතුන් ගේ දුක වේදනා හොදින් හදුනන්නෝ වෙමු. 

මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්




තම ආදරණිය පියාණන්ගේ  දෑතේ ලූ මාංචු ගෙන දෙන වේදනාව ලෝකයේ සීමා මායිම් නොදන්නා මේ සිගිති දියණියට රිදුම් දුන්නා ය 

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.