කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, March 23, 2012

අයි ෆෝනය නැති උනා.

ඇත්තටම නැති උනා නෙවෙයි, හොරු ගත්ත. මම මේක ගත්තේ මීට ඉස්සර වෙලා පිලිපීනට අපු වෙලාවේ. හොන්ග්කොන්ග් වලින් ගෙන්න ගත්තේ. iPhone  3G  මේ පර අවට පස්සේ එක නැති කර ගත්ත.

මම උදේ ජිප්නියක නැගල ඔපිස් අව. එනකොට porak ඕනෙවට වඩා මගේ අගට හේත්තු වෙනවා වගේ තේරුණා. බැහැල බලද්දී phone  එක නෑ. එගමන්ම අයේ  නැගල බැලුව. තිබුනේ නෑ.


 phone එක නැති උණු එකට වැඩ මට දුක එකේ තිබුණු බබාගේ ෆොටෝ ටික නැති උණු එකට. එකේ තිබුණු  contacts නම් ගොඩක් sync වෙලා ඇත්තේ. ෆොටෝ ටික තමයි. ඒවා එත් ඉතින් මොනවා කරන්නද?

මීට කලින් ලියපු පොස්ට් එකේ (පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.) මම edit කලේ, ෆොටෝ එක attach කලේ ඒ ෆොනේ එකෙන්.

සමන්මලී නම් කියන්නේ මල්ලිට පින නෑ කියල. මොකද එක මල්ලිට යවන්න හිටියේ එය අතේ.

iPhone 5 රිලීස් කරන කල්

Thursday, March 22, 2012

මල්ලිගේ බැකෝව

මල්ලි ගත්ත බැකෝව ඉස්සරලම වැඩකට යන්නේ අද. යාපනේ යනවා මස තුනකට.

අදම තමයි මැණිකේ ටයි, මල්ලිගේ නෑනා ටයි අලුත් රස්සාවට මහා ඇමතිගෙන් ලියුම් අවේ. අප්පච්චි තමයි ඉතින් වැඩේ කලේ.

Sunday, March 18, 2012

පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.

මේ සති අන්තයේ යන්න තැනක් හොයා හොයා හිටියේ. එහෙම ඉන්න කොට ලංකාවේ නුවර එලිය වගේ මේ ලස්සන town එක හම්බ උන. ඉන්දියාවේ සුරේෂ් තමයි මුලින්ම අදහස දැම්මේ.

සිකුරාදා රැ 9.30 අපර්ට්මෙන්ට් එකෙන් පිටත් උන. මුලින්ම සමන්මලී ට කිව්වේ නේ පැය 8 ක් බස් එකේ යන්න තියනවා කියල. එහෙම උනානම් බබා එක්ක යන්න බේ කියල අනිවා කචල් අදිනවා. ස්ටෂන් එකටත් ගිහින් ටිකටුත් ගත්තට පස්සේ තමයි කිව්වේ,

යන අතරේ තැන දෙකක බස් එක නතර කල. දුව එතරම් වදයක් දුන්නේ නෑ. අපේ හොද කෙල්ලනේ :).
උදේ 7 ට විත බැස්ස. හොටෙල් එකක් බුක් කල. ගිහින් වොෂ් එකක් දල pizza කව. මෙහෙදී කෝකටත් දෙය්ය තමයි pizza :)

දවස පුරාම එක එක තැන්වල ඇවිද්ද. පස්සේ පුළුවන් උනොත් ෆොටෝ ටිකක් දාන්නම්.



රැ බබා ව නිදි කරලා තිබ්බ විතරයි අයෙ ඇහැරුනා. නිදා ගන්නෙම නේ. පස්සේ අයෙ අන්දවාගෙන starbuck එකට ගිහින් coffee එකක් බිව්වා. සාමාන්යෙන් අපි ගන්නේ cool නේ එත් අද ගත්තේ hot . බබා වීරයා වගේ ෂර්ට් එකක් වත් නැතිව හිටියේ.

පහුවද උදේ පොඩ්ඩක් ඇවිදලා එන්න පිටත් උන. 10.20 බස් එක එහෙන් අද්දුවේ. තව ටිකෙන් මට බස් එක මිස් වෙනවා. සමන්මලී යන්තං බස් එක නවතාගෙන තිබුන.
යහතින් හවස 4.30 ට විතර අපහු නවාතැනට ආව.

ප. ලි.
අවට පස්සේ සමන්මලී ට ඇලගික් එකක් ආව.
දුවට හෙම්බිරිස්සාව හදුනා.

Thursday, March 8, 2012

මල්ලිගේ 30 වෙනි උපන්දින සාදය.


අපි හැමෝම වයසට යනවා.

18 පිරෙනකොට ලොකු සතුටක් හිතට අවේ. දැන් මම ස්වාදීන මිනිහෙක්. එහෙමයි අප්පච්චි අපේ හිතට කා  වද්දල තිබුනේ. 


18 න්  20 ට  - විශේෂයක් න


20 න් 30 - මුලින්ම හිතෙන්න ගත්ත දැන් අපි වයසක් මිනිස්සු කියල 


මල්ලිටත් එහෙම හිතෙන්න ඇති. 

මැණිකේ තමයි වැඩේ සංවිධානය කරලා තිබ්බේ. පාලිතයත්  ඇවිත් තිබ්බ. මේ තියෙන්නේ ගෙනත් තුබුණු කේක්  එක






සුබ උපන් දිනයක් වේවා.