ගිය සතියේ ජෝක්කු කතාව මතකනේ. ප්‍රතිචාරත් ගොඩක් තිබ්බ. එක හින්ද අදත් හිනා යන කතාවක්ම ලියන්නම්.
මේ කතාව බලපුවම ඔක්කොම මට බනියි, මිනිස්සු රවට්ටලා හිනා වෙනවා කියල. එත් මට නම් පට්ටම කතාව, එක හින්ද කියන්නම්
අම්මගේ උදව්වට ගමේ ගැණු කෙනෙක් එනවා. නම "රානි" . අම්මගේ හොදම ගෝලය. අම්මගේ වචන වලින්ම කිව්වොත්, "වැඩට නම් කිසි හොරයක් නෑ. මම, කාල ටිකක් ඉම්මු කිව්වත් දිගටම වැඩ. අනික හරි උත්සහවන්ත් ගෑනි."
රානි නැන්දගෙන් තමයි මම ගමේ වෙන ඕපයක් එහෙමත් අහ ගන්නේ. (කොහොම උනත් අම්ම නම් රානි නැන්දට ඕප වලට තහංචි දාල තියෙන්නේ )
ඔය තමයි පුර්විකාව, මේකයි කතාව.
ඔන්න මම සුපුරුදු පරිදි සිකුරාදාවක (මහා රෑ) ගෙදර ගිය. සෙනසුරාදට එලි උණා. අම්ම කිව්වා
"ඔන්න ලොකු පුතේ ජෝකේ එකක් දානවනම් chance එකක් තියනවා. ඊයේ රාණිය ෆොනේ එකක් අරගෙන. ලනුවක් දෙනවනම් අන්න number එක තියනවා"
මටත් ඊට වැඩ දෙයක් නෑ. ගත්ත call එකක්. බඩු වැඩ. රින්ග් වෙනවා
රාණී: හලෝ..
මම: ආයුබෝවන් නෝනා මහත්මය
රාණී: ආ...
මම: නෝනා මහත්මය, මම (අහවල්) දුරකථන ආයතනයෙන් කතා කරන්නේ. ඊයේ සවිකරපු දුරකතනයේ තත්වය පරීක්ෂා කරන්නයි මේ ඇමතුම ලබා ගත්තේ. ඔබතුමියට දැන් විවේකයක් තිබෙනවද අපත් සමග මොහොතක් කතා කරන්න?
රාණී: ආ... ඔව් මහත්තය..
මම: දැන් කොහොමද දුරකථනය
රාණී: හොදයි මහත්තය ප්‍රශ්නයක් නෑ.
මම: ලබන ඇමතුම් හොදින් ඇහෙනවද?
රාණී: ඔව් මහත්තය
මම: එකකොට ලබා ගන්න ඇමතුම්?
රාණී: ඔව් මහත්තය මම call ටිකක් ගත්ත. හොදට ඇහුන.
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය තොරතුරැ වලට. අපිට දුරකතනයේ පැහැදිලි බව පරීක්ෂා කරන්න අවශ්යි. කරුණ කරලා මදක් උදව් කරන්න පුලුවන්ද?
රාණී: පුළුවං මහත්තය. මම මොකද කරන්න ඕනේ.
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය. කරුණාකර එකේ සිට දහයට පිලිවෙලින් ගණන් කරන්න.
රාණී: දැන්ද
මම: ඔව් නෝනා මහත්මය.
රාණී: එකයි, දෙකයි, ... දහයයි.
මම: බොහොම ස්තුත්යි නොනමහත්තය. කරුණ කරලා නැවතත් වැඩි හඩකින්, හෙමින් ගණන් කරන්න
රාණී: එකායි..., දෙකයි..., ....., දහයායි..
මම: බොහොම ස්තුතියි නෝනා මහත්මය. ආරෝහ ආකාරයට ගණන් කෙරීම ඉතාම පැහැදිලියි. කරුණ කරලා අවරෝහණ පිළිවෙලට ගණන් කරන්න පුලුවන්ද?
රාණී: ඒ කිව්වේ මහත්තය..
මම: කලින් ආකාරයටම, දහයේ සිට එකට, අඩුවන පිළිවෙලට ගණන් කරන්න.
රාණී: අනිත් පැත්තටද ?
මම: ඔව් නෝනා මහත්මය.
රාණී: දහයායි..., නවයායි..., ......, එකායි...
මම: හරි නෝනා මහත්මය. බොහොම ස්තුත්යි. ඔබගේ දුරකථනය ඉතාම පැහැදිලියි. නැවත අවශ්‍යතාවයක් උනොත් අපි ලබා දුන්නු අංකයට ඇමතුමක් ලබා දෙන්න.
රාණී: හොදයි මහත්තය.
මම: සුබ දවසක්
රාණී: හා.. හොදයි
මේ කතාවම දෙවෙනි කොටස පසුවට
කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.
ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි.
කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න
Showing posts with label කතා. Show all posts

Monday, July 12, 2010
Tuesday, July 6, 2010
යකෝ "ජොකා", "ජොකා"
මේක A /L කාලේ සිද්ද වෙච්ච වැඩක්. වැඩිය රේන්ද රැලි පටි නැතිව කියන්නම්. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. A /L කාලේ තමයි මිනිහෙකුගේ මිහිරිම කාලේ කියලයි මම හිතන්නේ. ඉස්කෝලේ mixed එකක් නම් තවත් මාරු. .අහ.. රැලි පටි ඕනේ නේ.
ඔන්න අපි කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ කට් කරලා යාලුවෙකුගේ ගෙදර ගිය. ගිහින් නාන්න ගිය උන්ගේ ගෙවල් ගව තියන වැවකට . දන්නවනේ ඉස්කෝලෙන් පැනල අවම යාළුවන්ට උනත් ගෙදරින් සැලකිලි නැනේ. ඉතින් නන ගියාට කිසිම ප්‍රතිපාදනයක් නේ. නාන්න අදින්න දෙයක් නැ. සබන් නේ. තුවා නේ. ඔහොමයි වැඩේ ගියේ. නාන්න ඇන්දේ ඇදගෙන ආපු "ජොකා මයි" . ජොකා කියන්නේ මොකටද කියල නොදන්නා කොල්ලෙක් ඉදියි කියල හිතන්න බෑ.
ඉතින් නාල, (යාළුවගේ ගෙදරින් කන්න නම් දුන්නද කොහෙද?) ලග තියන වෙන ඉස්කෝලයක් ඇරෙන වෙලාවට සෙට් උනා අපහු යන්න. කෙල්ලෙක් සෙට් වෙයි කියන යහපත් චේතනාව ඇතුව. ඔන්න ඉතින් බස් එකටත් නැග්ග. කෙල්ලෝ පිරිලා. ඔන්න ඉතින් අපිත් දෙන්න දෙන්න විසිරිලා එක එක තැනට සෙට් උනා. අමිලයි අනුරාධයි උන් දන්නා කෙල්ලෝ සෙට් එකකට ජෝඉන් උනා. වැඩේ නැගල යනවා. අපිත් ලග.
අමිලගේ පුරුද්දක් තිබුන දාඩිය තුබුණත් නැතත් කොයි වෙලාවෙත් මූණ පිහින එක. මූණ විතරක් නෙවෙයි. මුළු සරුවන්ගේම . අමිලය සුපුරුදු පරිදි කලිසම් සාක්කුවට අත දාලා ලේන්සුව අරන් මූණ පිස්සා.
ලග හිටපු අනුරාධය "යකෝ, ජොකා ජොකා" කියල හිමීට කෑ ගහනවා. කෙල්ලන්ගේ කිචි බිචිය කෙළවරක් නැ. අමිලය නෙවෙයි ගනකටවත් ගන්නේ. අමිලය මූණත් පිහදලා අත පිහිනන ගත්තට පස්සේ තමයි උට වැඩේ තේරුනේ.
අමිලය ඒ වෙලාවේම බස් එකෙන් බැස්ස. එදා ඉදල තමයි අමිලය "ජොකා" උනෙත් අනුරාධය "යකා" උනෙත. හැබැයි මුන් දෙනාවම දැකපු කාලයක් මතක නේ.
ප.ලි
තේරුනේ නැති අයට.
අමිලය ලේන්සුව කියල අරගෙන මූන පිස්සේ, ඌ නාන්න ඇදපු ජෝකගෙන්.

Saturday, June 26, 2010
පොසොන් දවසේ නත්තල්
ඊයේ පොස්සෝන් පොයනේ. පන්සලකටත් ගොඩ වෙලා දන්සක් හම්බුනොත් දන්සලත් වැදලා නැති උනොත් හොටෙල් එකකින් හරි කාල, එන්න කියල කිතාගෙන මමයි wife යි එලියට බැස්ස. ප්‍රදාන පාරට වැටෙන කොටම බත් දන්සක්. car එක පාර්ක් කරලා බහින කොටම එතන හිටපු කෙනෙක් (දන්සල් සංවිධායකයෙක් වෙන්න ඕනේ) කිව්වා,
"දැන් නම් ඉවරයි. ආයේ 6.00 විතර තමයි පටන් ගන්නේ කියල"
එහෙන්මම ටවුන් එකට ආව. වෙලාවට පොඩි බත් කඩයක් සෙට් උන. කෑම කල බිල ගෙවන්න counter එකට ගියාට පස්සේ එතන ඉන්නවා පොරක්, නස්පියට ගහල. ඇග නැවෙන්නේ නැති තැන්වලින් හිටන් නැවෙනවා.
"මු.. මුදලාලි, මට දෙන්න... සිගරට් 2 ක්, මෙන්න 40, ඉතුරු දෙක ටිප් එක.. "
මුදලාලි සිගරට් 2 දෙන ගමන් මෙහෙම කිව්වා.
"ආ.. අද බස් දුවන්නේ නැති හින්ද පාර්ක් එකේ ඔක්කොටම පොසොන් හින්ද නත්තල් නේද?"
කතාව සරල උනත් ටිකක් සංකීරනවා හිතන්න කියවන යට භාරයි.
මෙ කතාවටම ටිකක් සම්බන්ධ කතාවක් මතක් උනා. මේක කියන්නේ ආගමකට නිගරු කරන්න නෙවෙයි. එත් මේ තමයි ආගම් (බුදු සසුන අමගක් නෙවෙයි කියල තර්ක කෙරුවත්, අපි කියන්න හුරුවෙලා තියෙන්නේ බුද්ධාගම කියලනේ ) දෙකක වෙනස. ආගම් දෙකක වෙනස කෙසේ වෙතත් ආගම් දෙක අදහන වෙනස.
කතාව මේකයි
ඔන්න ලංකාවට ආව සංචාරකයෙක්, මිනිහගේ නිවාඩුවට. මිනිහ බීමට හරිම පෙරේතයි. ආගමක් දහමක් නෑ.
මේ සංචාරකයා අපු ගමන් බොන්න හොයන්න පටන් ගත්ත. යන යන තැන bar ඔක්කොම වහල. මිනිහට හරි පුදුමයි.
"අයි මේ ඔක්කොම බාර් වහල?" පාරේ හිටපු කෙනෙකුගෙන් මිනිහ විස්තරේ ඇහුව.
"ඇයි දන්නේ නැද්ද? අද වෙසක් පොයනේ. සතියක් බාර්, මස්කඩ වහල". අපේ යාළුවා මිනිහට පැහැදිලි කළා.
"ඉතින් ඇයි බාර් වහන්නේ?"
"වෙසක් පෝය දවසක තමයි සිදුහත් තවුසා බුදු උනේ. අපි එක සමරනවා. (අඩුම තරමින්) එදාට (වත්) බෞද්දයෝ බොන්නේ නෑ. එදාට රජය බාර් වහන්න නියෝග කරලා තියෙන්නේ ඒකයි"
සංචරකයට full upset .
සංචාරකයා මිනිහගේ නිවාඩුව ඉවර වෙලා අපහු ගිය.
ඊලග නිවාඩුවටත් මේ සංචාරකයා ලංකාවට ආව. බාර් එකකට යන්න කියල හිතාගෙන එලියට බැස්ස.
මෙන්න වැඩක්, හැම ගෙදරකින්ම අඩගහල බොන්න දෙනවා.
"ඇයි මේ?" සංචාරකයාට full ම upset
"අය්යෝ, එකවත් දන්නේ නැද්ද? අද වගේ දවසක් තමයි අපේ ජේසු තුමා, කුරුසේ ඇන ගහල මැරුවේ. අපි මේ එක තමයි සමරන්නේ"
"අපරාදේ ?"
"ඇයි ?"
"නෑ.... ඇන ගහන්න තිබුණු කෙනා බුදු උනා... බුදු වෙන්න තිබුණු කෙනාට ඇන ගැහුවා. "
ප.ලි
සංචාරකයා ආගමක් දහමක් නොදන්නා පුද්ගලයෙකු බැවින් ඔහුට හා ඔහුගේ වචන හැසිරීමට සමව දෙන්න.

Labels:
කතා
Monday, June 7, 2010
කතෝලික සිසුන්ගේ බුද්ධාගම ලකුණු
අද කියන්න යන්නේ මීට අවුරුදු 7, 8 කට කලින් වෙච්ච රසබර කතාවක්. මම කියල නැනේ, අපේ අම්ම ගුරුවරියක්. සිංහලෙන් කිව්වොත් teacher කෙනෙක්. මේ කතාව උනු දවසෙම තමයි අම්ම ඇවිත් කිව්වේ.
කතාවේ, කතා නායකයා අම්මලගේම ඉස්කෝලේ ගුරුතුමෙක්, සිංහලෙන් නම් සර් කෙනෙක්. අපි පහසුවට සිරිවර්ධන සර් කියමු. ඇත්ත නමනම් නෙවෙයි.
සිරිවර්ධන සර් ඉස්කෝලේ හිටපු ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඉගැන්නුවේ සිංහල, බුද්ධාගම විෂයන් සාමාන්‍ය පෙල, උසස් පෙල දෙකම. සිරිවර්ධන සර්, විභාග ලං උනාම පුනරීක්ෂණ පන්ති තියනවා ඉස්කෝලේ, නොමිලේම. ඒ තරන්ම කැපවීමෙන් උගන්වපු කෙනෙක්. මම 10 වසරේ ඉදිද්දී O/L ලිව්වනේ. ඒ වෙලාවේ මමත් එයාගෙන් ඉගෙන ගෙන තියනවා, අර පුනරීක්ෂණ පන්ති වලට ගිහින්. මම නම් ඒ ඉස්කෝලේ නෙවෙයි. එත් අම්ම හිටපු ඉස්කෝලේ හින්ද මටත් යන්න පුළුවන් උන. මෙයාගේ කැප වීම වගේමයි. උගන්වන්න තියන දක්ෂතාවය. මම 10 වසරේදී O/L ලියපු වෙලාවෙත් ඒ විෂයන් දෙකටම D. මේ වෙලාව සර් ට පින් දෙන්න අවස්ථාවකුත් කරගන්නවා
අම්ම කියන විදිහට, මොන තරම් කැපවීමක් තිබුනත්, උගන්වන්න දක්ෂ උනත්, මේ සර්ගේත් ලොකු අඩුවක් තිබ්බ. (අම්ම කියන විදිහට කියල වාක්‍ය පටන් ගත්තේ, මම ඒව අත් විදලා නැති හින්ද. මෙතනි පස්සේ කතාව අම්මගේ වචන වලින්.) අඩුව තමයි අමතක වීම සහ ඊටම බැදුණු නොසැලකිල්ල. පන්තියකට ගියොත් පොත් ටික එතන. wash room ගියොත් පොත් ටික එතන. බයිසිලකේ අවොත් ගෙදර යන්නේ බයිසිකලේ ඉස්කෝලේ තියෙද්දී, බයිසිකලේ ගෙදර තියල අවොත් යන්න ලැහැස්ති වෙලා මුළු ඉස්කෝලෙම දෙවනත් කරලා බයිසිකලේ හොයනවා. ඔයවගේ විස්තර ගොඩයි.
ඔන්න දවසක් ගුරුවරු ටික දවල් විවේකයේදී ගුරු විවේකගාරේ සතුටු සාමීචියේ ඉන්නවා. මේ කාලේ ඉස්කෝලේ වාර විභාග හින්ද වැඩත් ටිකක් අඩුයි. ඔන්න සිරිවර්ධන සරුත් ඔතෙන්ට ආවා කඩියා වගේ.
"ආ... සිරිවර්ධන සර්.. මම සර්ව හම්බ වෙන්න තමයි හිටියේ. මොකද්ද අර කරලා තියන විකාරේ." කතෝලික මිස් ටිකක් තරහින් වගේ ඇහුවලු.
"ඇයි මිස්". සිරිවර්ධන සර් බොහොම නිතමනීව ඇහුව.
"ඇයි කියන්නේ? මම උදේ 11 පන්ති වල ලකුණු ටික දාන්න record book එක ගත්ත. ඔයා කතෝලික ළමයින්ගේ හිටන් ලකුණු දාලනේ. මම දාන්නේ කොහෙද? "
"අනේ එහෙමද? මට වැරදිලා වෙන්න ඇති. ඉන්න මම හදල යන්නම්". සිරිවර්ධන සරුත් බය වෙලා උත්තර දුන්නලු.
පස්සේ වෙලාවක අම්ම සිරිවර්ධන සර් ගෙන් ඇහුවලු "සිරිවර්ධන මල්ලි මොකද මේ වෙලා තියෙන්නේ කියල"
"අනේ (අම්මගේ නම) අක්කේ. මර වැඩේනේ උනේ. 11 ළමයින්ගේ papers ටික මගේ අතින් නැති වෙලා. දැන් ඉතින් කරන්නම දෙයක් නැති හින්ද, පහුගිය වාර පරීක්ෂණ වල ලකුණු ටික අරගෙන සාමාන්‍ය අරගෙන මේ පර ලකුණු ටික දැම්ම. එත් මට අමතක උනානේ කතෝලික ළමයි ඉන්නවා කියල."
වැඩේ වැරදි කියල මේක බලන යට හිතෙයි. එත් සිරිවර්ධන සර් කරගෙන තියන දේවල් අනුව, ඕක සාමාන්‍ය දෙයක්. නැවතත් සිරිවර්ධන සර් ට පින් දීල කතාව ඉවරකලා.

Wednesday, June 2, 2010
වැළලීම හෙවත් වල ලැම...
වැළලීම හෙවත් වල ලැම
"මොකද්ද (මගේ surname එක) මේකේ තේරුම? වැඩ කියල කියන්නේ අනුන්ගේ ඕප දුප බලන එකද? ඔයාටත් කාගේ හරි රෙද්දක් අපුල්ලන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ."
මගේ wife ඊයේ මම බ්ලොග් බලනවා දැකල කියපු ආදරණීය වචන ටික ඔය.
"ඕප දුප නෙවෙයි. දැන් මාත් එකක් ලියනවා." ඉමිහිරි බව විද දරාගන්න බැරිම තැන මම කිව්වා.
"කෝ බලන්න පෙන්නන". wife ට මගේ බ්ලොග් එක පෙන්නුවා.
"කෝ.. එක joke එකක්වත් නැනේ... joke එකකුත් ලියන්න. අනික හැම තැනම අකුරු වැරිදියි, ව්‍යාකරණ වැරදයි. ඒවත් හදල හොඳ joke එකක් ලියන්න. මතක ඇතිව මමයි ලියන්න කිව්වේ කියලත් දාන්න"
"හ්ම්ම්... " මමත් අභියෝගය බාරගත්ත.
මෙන්න ඒ joke කතාව. කතා නායකයා wife ගේම තාත්ත. කතාව මට කිව්වේ ටික දවසකට කලින් wife ගේ අම්ම. මේ කතාවේ කොහේ හරි තාත්ත / අම්ම කියල තිබුනොත් ඒ wife ගේ තාත්ත / අම්ම.
"හම්මෝ.. අර පැත්තේ ඉන්න හිටින්න බෑ ගඳ. සතෙක් කුණු වෙලාද කොහෙද". එයාලගේ තේ වත්තේ වැඩට එන පැටා (අකුරු හරි. ඒක තමයි නම) wife ගේ අම්මට කියල තියනවා. අම්මත් පැටා එක්කම ගිහින් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න.
ඇත්ත නේන්නම්. පළාතම ගඳයි. එතකොටම අම්මට මතක් වෙලා තියනවා විස්තරේ. ටික දවසකට කලින් ගෙදරට මාළු වගයක් ගැනත් තියනවා. එදා මාළු ටික සුද්ද කරලා. ඉතිරි උණු රොඩු ටික bag එකක දල , වත්ත පහල ගහක එල්ල තියනවා පස්සේ වලලන්න හිතාගෙන. එයත් ඉතින් එසේ මෙසේ වැඩ කන්දරාවක් තියන කෙනෙක් නෙවේනේ. අරක වළලන වැඩේ අමතක උන. ඕක තමයි දැන් මේ දුර්ගන්ධයට හේතුව.
"එදා අර මාළු සුද්ද කරපු ඔලු කැලි ටික තාම ගහේ එල්ලලා තියනවා. දැන් නරක වෙලා පැත්තම ගඳයි. අර මිනිස්සුන්ට වැඩ කරන්නත් බෑ. ගිහින් ඒක වල දාල එන්නකෝ". තාත්ත (wife ගේ ) අවට පස්සේ අම්ම කිව්වා.
තාත්තත් පොළවත් එක්ක නයි වෛරයකින් ඉන්න කෙනෙක්. පොලව කොටන්න අවස්ථාවක් හම්බ වෙනවනම් ඊට වඩා දෙයක් නේ. ගත්ත උදැල්ල කෙලින්ම ගිය තේ කෑල්ලට (හොද කෑල්ල). පවරපු වැඩේ අකුරටම කල. ගෙදරආව.
"මම අරක වලලන්න කිව්වා". අම්ම හවස තේ අරන් ගිය වෙලාවේ කියල තියනවා.
"අම්මේ හාමිනේ තාමනං ගඳ එහෙම්මමයි "
"හ්ම්ම්.. ටිකක් වෙලා යනකොට ඇරිලා යයි" කියාගෙනම අම්මත් ආපහු ආව.
"හාමිනේ.. හාමිනේ... මම යන්න කියල". පැටා වඩා ඉවර වෙලා sign කරලා යන්න ආව.
"හාමිනේ මගේ මල්ල නැනේ. හාමිනේ හරි පොඩි මහත්තය (තාත්ත) හරි වහින්න අපු හින්ද ගැනත් තිබ්බද දන්නේ නේ.. " පැටා බොහොම අහිංසක විදිහට ඇහුව.
අම්ම ගෙනාවේ නෑ කියල එය දන්නවනේ. තාත්ත ගේනවද කියල ආයේ ගේ ඇතුලේ බැලුව. කිසි හෝඩුවාවක් නේ.
පැටා ත් එක්කම ආයේ වත්තට ගියා.
හපොයි.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවයි. කුණු මාළු bag ඒක යසට තාමත් ගහේ පාද්දී පාද්දී තියනවා. මිනියක් වළලුව වගේ කන්දත් හිටින්න පැටා ගේ මල්ල වළලලා. ඒ මදිවට කබරෝයෝ අදින හින්ද උඩින් ගල් තියල.
අම්ම ඉක්මනට දුවල ගිහින් උදැල්ල අරන් ඇවිත් පැටා ගේ මල්ල ගොඩ ගන්න පටන් ගත්ත. මුලින්ම ගල් ස්තරයක්. ඊට පස්සේ වැලි. ආයේ ගල්. අන්තිමට නිදානේ ගොඩ ගත්ත.
පිගන රොටියක් වගේ, කෝප්පේ "ආ" යන්න වගේ. ගොඩ ගන්න කොටත් සට සට ගනවලු. (දන්නවනේ බෙලෙක් බදු වලට ගහපුවම එන සද්දේ)

කතා,
ගෙදර තොරතුරු
Subscribe to:
Posts (Atom)