මේක A /L කාලේ සිද්ද වෙච්ච වැඩක්. වැඩිය රේන්ද රැලි පටි නැතිව කියන්නම්. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. A /L කාලේ තමයි මිනිහෙකුගේ මිහිරිම කාලේ කියලයි මම හිතන්නේ. ඉස්කෝලේ mixed එකක් නම් තවත් මාරු. .අහ.. රැලි පටි ඕනේ නේ.
ඔන්න අපි කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ කට් කරලා යාලුවෙකුගේ ගෙදර ගිය. ගිහින් නාන්න ගිය උන්ගේ ගෙවල් ගව තියන වැවකට . දන්නවනේ ඉස්කෝලෙන් පැනල අවම යාළුවන්ට උනත් ගෙදරින් සැලකිලි නැනේ. ඉතින් නන ගියාට කිසිම ප්‍රතිපාදනයක් නේ. නාන්න අදින්න දෙයක් නැ. සබන් නේ. තුවා නේ. ඔහොමයි වැඩේ ගියේ. නාන්න ඇන්දේ ඇදගෙන ආපු "ජොකා මයි" . ජොකා කියන්නේ මොකටද කියල නොදන්නා කොල්ලෙක් ඉදියි කියල හිතන්න බෑ.
ඉතින් නාල, (යාළුවගේ ගෙදරින් කන්න නම් දුන්නද කොහෙද?) ලග තියන වෙන ඉස්කෝලයක් ඇරෙන වෙලාවට සෙට් උනා අපහු යන්න. කෙල්ලෙක් සෙට් වෙයි කියන යහපත් චේතනාව ඇතුව. ඔන්න ඉතින් බස් එකටත් නැග්ග. කෙල්ලෝ පිරිලා. ඔන්න ඉතින් අපිත් දෙන්න දෙන්න විසිරිලා එක එක තැනට සෙට් උනා. අමිලයි අනුරාධයි උන් දන්නා කෙල්ලෝ සෙට් එකකට ජෝඉන් උනා. වැඩේ නැගල යනවා. අපිත් ලග.
අමිලගේ පුරුද්දක් තිබුන දාඩිය තුබුණත් නැතත් කොයි වෙලාවෙත් මූණ පිහින එක. මූණ විතරක් නෙවෙයි. මුළු සරුවන්ගේම . අමිලය සුපුරුදු පරිදි කලිසම් සාක්කුවට අත දාලා ලේන්සුව අරන් මූණ පිස්සා.
ලග හිටපු අනුරාධය "යකෝ, ජොකා ජොකා" කියල හිමීට කෑ ගහනවා. කෙල්ලන්ගේ කිචි බිචිය කෙළවරක් නැ. අමිලය නෙවෙයි ගනකටවත් ගන්නේ. අමිලය මූණත් පිහදලා අත පිහිනන ගත්තට පස්සේ තමයි උට වැඩේ තේරුනේ.
අමිලය ඒ වෙලාවේම බස් එකෙන් බැස්ස. එදා ඉදල තමයි අමිලය "ජොකා" උනෙත් අනුරාධය "යකා" උනෙත. හැබැයි මුන් දෙනාවම දැකපු කාලයක් මතක නේ.
ප.ලි
තේරුනේ නැති අයට.
අමිලය ලේන්සුව කියල අරගෙන මූන පිස්සේ, ඌ නාන්න ඇදපු ජෝකගෙන්.
