කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, February 8, 2014

පිරිත්



අද සමනලිට පිරිත් කියනවා. අපි සිකුරාදා හවස යන්න පිටත් උන. අප්පච්චි චම්තුයි අපිත් එක්ක අව. (අප්පච්චි දවල් චැළියක් අවගෙන ඇවිත්)

අයියල අද හවස අව. 

වැඩේ හොදට කෙරුණා. හෙට හවස ආපසු. 

Tuesday, February 4, 2014

කාර්ටින්



අද නිදහස් දවස. අපිත් හිටියේ නිදහසින්. සමන්මලිගේ මල්ලිත් උදේ යන්න හිටියත් නවත්ත ගත්ත. ඩිලානුත්  අව. හවස දෙයක් කරන්න හිත හිත ඉන්නකොට එක පාරටම මතක් උන කාර්ටින් ගියොත් හොදයි කියල.

මැණිකෙයි දිලනුයි පස්ස ගහනවා. එත් අන්තිමට කැමති උන. යනකොටත් සැහෙන සෙනග. විනාඩි 10 ට  එක්කෙනෙකුට 1000. ප්‍රධානය සමන්මලී මල්ලි. private session එකක් ගන්න පොඩි fight එකක් දෙන්නත් උන. පව් එත් සමන්මලිට පදින්න හොද නැති හින්ද එයා නැවතුන. 

තරගය පටන් ගත්ත. මැණිකේ, ඩිලාන්, මම, අන්තිමට මල්ලි track එකට අව. තරගය මුලින්ම ඉවර කරනකොට මම, සමන්මලී මල්ලි, මැණිකේ දිලාන්. මම laps 10 යි. අනිත් අය 9 යි. හැබැයි පස්සේ සමහැරු කියන්න ගත්ත එයාල තරගෙට ආවේ අන්තිම lap එකේලු. 

පරාජය අවජාතකයි.

dinner එකට Baghdad Nights. මමයි දිලානුයි.

Nice experience ha ...



Monday, February 3, 2014

සමන්මලී ගේ මල්ලි


සමන්මලී ගේ මල්ලි මාස 9 කර පස්සේ ගෙදර අවා. පව් මිහිහටත් ප්‍රශ්න... ප්‍රශ්න කිව්වට එකයි, හැබැයි කොහොම විසදෙයිද දන්නේ නෑ. රැවුලයි කැදයි.

තෑගි - ගුටි

අම්මා : ඔයාට දෙන්න ඕනේ තෑගි නෙවෙයි ....
බබ    : ගුටි?