කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, November 5, 2010

පොලිසිය

ජාවත්තෙන් මල්ලිත් ගෙන ටොරින්ටන් හරහා එන්නට පිටත් උනා. වාහනත් ටිකක් වැඩියි. ජාවත්ත පාරේ කලර් ලයිට් තියෙන්නේ හන්දියට ගොඩක් මෙහායින්. මම ජාවත්ත පාරෙන් මින් රෝඩ් එකට දද්දීම එහා පැත්තෙන් වාහන එන්න පටන් ගත්ත. හරවන කොටම හන්දියේ හිටපු කොස්සෙක් අත දැම්ම. වාහනේ අයින් කරලා නවත්තල වීදුරුව පහත කරා. කොස්ස අවා.



"මහත්තය කරපු වරද දන්නවනේ? "
"මොකද්ද? "
"රෙඩ් ලයිට් තියෙද්දී නේ දැම්මේ."
"පිස්සුද රාළහාමි. ගිහින් බලන්න කලර් ලයිට් එක තියෙන්නේ කොච්චර එහද කියල. මම දැම්මේ කොළ පත්තු වෙලා තියෙද්දී."

මිනිහටත් වැඩේ තේරෙන්න ඇති.

"ඩ්‍රයිවින් ලයිසන් දෙන්න"
මම ලයිසන් එක දික් කලා.
"අදායම් බලපත්තරෙයි, ඉන්ෂුවරන්ස් එකයි ගන්න."
මම එ දෙකත් දුන්න.
"මේකේ අදායම් බලපත්තරේ ගියමාසේ 31 න් ඉවරයි."
ශිහ්, අදායම් බලපත්තර ඉන්ෂුවරන්ස් කලේ ඉවර වේගන එන කොට පත්තු වෙන්න ඉන්දිකෙටර් එකක් නැනේ. මට හිතුන.
"මහත්තය බැහැල එන්නකෝ." නොන්දියට වගේ කියාගෙන කොස්සා මගේ ඩ්‍රයිවින් ලයිෂන් එක බලාගෙන මිනිහගේ පොතේ ලියන්නට පටන් ගත්ත.
මම බැහැල ගිය. මල්ලිත් එතෙන්ට අවා.
"රාළහාමි, මම මහවැලි එකේ වැඩ කරන්නේ. ඉංජිනියර්. දවස් 3 නේ පහුවෙලා තියෙන්නේ. මොකක් හරි කරලා දෙන්න". මල්ලි අනුකම්පා ස්වරයෙන් කියාගෙන යන්නට විය.
"නෑ. නෑ. රාළහාමි කැමති දෙයක් කරන්න."
රාළහාමි ලයිසම තියාගෙන කොලය දික්කළේය.
මම එකත් උදුරාගෙන එන ගමන් කොස්සට ඇහෙන්නට මල්ලිට බැන්න.

"තමුසෙට පිස්සුද? අට පාස් පරයන්ට වදින්නේ."


එන අතර මගදී
"ඔච්චර පණ්ඩිත ටෝක් දුන්නේ නැත්නම් අරුට කියල ෂේප් කරා ගන්නත් තිබ්බ. "
"තමුසෙට පිස්සුද ඕයි". මම නැවතත් මල්ලිට ඇත්තටම බන්නෙමි.

****************

"ලොකු පුතේ මතක තියාගන්න. හැම පොලිස් කාරයාම වැරදි නෑ. අනික පොඩ්ඩක් හිතන්න. හොදට හරි නරකට හරි පොලිසියක් තිබ්බේ නැත්තම් සමාජේ කොහොම වෙයිද? අනික මතක තියාගන්න  පොලිසිය ට ඕනෙනම් ගොරක දඩමස් කරන්නත් දඩමස් කොරන්නත් පුළුවන්. "

මීට කලින් පොලිසියේ එකෙක් එක්ක අරගත්තු වෙලාවේ අප්පච්චි කියපු දේ මට නැවත සිහිවිය.

3 comments:

  1. අප්පච්චි කියපු දේ හරියටම හරි.

    ReplyDelete
  2. රටේ නීතියට අවනත උනානම් තමා හොඳ.ඒ මනුස්සය අට පාස් හරි,පහ පාස් හරි මිනිහ කරන්නෙ නීතියනෙ.ඔයාල ඔයාලගෙ දේවල් ටික හරියට කරගෙන තිබුනනම් අට පාස් පොරට පීචං වෙන්න ඕනෙ නැහැනෙ.ඔය ලොකු මිනිස්සු කියල හිතාගෙන ඉන්න අයට තමා ගොඩක් වෙලාවට වරදින්නෙ.

    ReplyDelete
  3. If you think you don,t need to beg policeman because of you are more educated than him(as you think he only pass grade 8)I woud say you are not an educated man.MAy be that policeman is a university graduate.This is very common with Sri Lankan graduates because of they think having a degree they are above other citizens.

    ReplyDelete