කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, January 1, 2013

2012 අවුරුද්දත් ගෙවුන.



අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලැබුවා. සමහරුනම් හිතුවේ නැවත අලුත් අවුරුද්දක් හම්බ වෙන එකක් නෑ කියල.

පවුලේ සමහරු ලංකාවට අව, ලංකාවෙන් ගිය. අලුත් රැකියා වලට ගිය. රැකියා නැති උන. නැති උනත් එකෙනුත් වාසි ගත්ත. සමහරු පලවෙනි උපන් දිනේ සමරුව, වාඩි උන. හිට ගත්ත. ඇවිද්ද. තවත් අය සමාජ සේවය. තව අය මාරුවෙන් මාරුවට බබල බල ගන්නවා. ඒ අතරේ සමහරු බබල එනකල් බලාගෙන ඉන්නවා. ඒ අතරේ සමහරු තෙල් බානවා. තවත් කෙනෙක් ඊලග මාසේ ඉදල ව්‍යාපාර වලින් ලාබ ගන්න බලාගෙන ඉන්නවා. ඔය වගේ සතුට සාමය විනෝදය දුක වේදනාව තරහ හැමදෙයකම අඩු වැඩියෙන් තිබුණු අවුරුද්දක දවස් 364ක් ම ගෙවුන.

30 වෙනිදා හවස අම්ම කෝල් කරලා දුමින්දලගේ අත්තා නැති උන කියල තිබුන. නොගිහිනුත් බෑ . කාර් එක කරකවන එකත් එපා වෙනවා වියදමත් වැඩියි. 31 උදේ ම බස් එකේ ගෙදර ඇද්ද . මළගෙදර ට ඔලුව දල හවස එන්න පිටත් උන. රෑ 10 විතර සමන්මලී මම බබා චමත් ඩිලාන් ඥාන කවුන්ට් ඩවුන් එකට යන්න අයේ කොළඹ අව. ගෝල්ෆේස් කවුන්ට් ඩවුන් එකනම් ගන්න දෙයක් න. මම හිතන්නේ ලංකාවේ පලවෙනි පාරට සාමාන්‍ය මිනිස්සුන්ට ස්ට්‍රීට් පාර්ටි එකක් ඔර්ගනයිස් කරලා තිබුන. නරකම නේ.

කොහොම හරි ඔක්කොම බස්සල ගෙදර එනකොට රැ 2.30 ට විතර ඇති. කොචර මහන්සි උනත් අපි දෙන්න කිරිත් උතුරලා නිදා ගත්තේ.

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

No comments:

Post a Comment