හෙට පුතාගේ උපන්දිනේ. කිරි අම්මයි අත්තම්මයි දෙන්නම කස්බවේ. පොඩි උන් එයල එක්ක උපරිමේට විනෝද වෙනවා. පොඩි උන්ට අම්ම අප්පච්චි, ඇත්ත කිරි අම්ම නැති ජීවිත මොකටද කියල හිතෙනවා. මම මෙහෙ තට්ට තනියම. තව මස දෙක තුනකින් ස්තිරෙටම මෙහෙට එන්න තමයි plan එක තිබ්බේ. එත් දැන්නම් එයාලව ගෙන්න ගන්න දුකයි වගේ. මෙහෙ අවොත් ගෙට හිර වෙලා ඉදියි.
මල්ලි දැන් සිගප්පුරුවට ගිහින් අවුරුදු 2 කටත් වැඩි. සුමුදුයි බබයි අම්මයි අප්පච්චි එක්ක. තව ටික දවසකින් මල්ලි එයි. ඇවිත් ඔස්ට්‍රේලියාවට යයි ස්ථිර පදිංචියට. ඒ පිටි පස්සෙන් මැණිකෙයි ඩිලානුත් යයි.
අපේ මේ දුරස් වීම් හිත ගන්න බැරි තරම් අමාරුයි. අපේ දරුවෝ තමන්ගේ සහෝදරයෝ ඇරෙන්නේ වෙන කිසිම සම්බදයක් නැති උන් පිරිසක් වෙයි. මීට අවුරුදු 5 කට විතර කලින් අපි කොච්චර හොදට එක පවුලක් විදිහට හිටියද? සේතු මෙහෙ ඇවිත් මාස 6යි හිටියේ. එයට දෙව් ගේ නම අමතක උනා . ඉතින් ඉදිරියට කොහොම වෙයිද?
ඇත්තටම මොනවද මේ අපේ ජීවිත?
එකම පලාතේ හිටියත් පරම්පරා ගණනක් ගතවෙන කොට අළුත් පරපුරේ අය අඳුනන්නේ නැති වෙනවා.
ReplyDeleteඔබේ පියාගේ, පියාගේ, පියාගේ, සහෝදරයින් ගේ මුණුපුරු මිනිපිරියන් ගේ දරුවන් සියළු දෙනා ඔබ දන්නවාද? මං නං මගේ සීයාගේ පියාගේ නමවත් දන්නේ නෑ. මොකද ඔහු මිය ගොස් තියෙන්නේ තාත්තා ඉපදෙන්නත් කලින්.