කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, April 12, 2015

pk


මම අද pk මූවි එක බැලුවා.

ඒක බැලුවාම මට ගන්න තිබුනේ මම දන්න අදහන දෙයක්.

"ලෝකේ හොදම තැන ගෙදර"

සේතුගේ preschool එකේ අවුරුදු උත්සවේ තිබුනේ ඊයේ. ගිය සැරේ එකටම මැණිකෙයි දිලනුත් ආව. දැන් සේතු ටිකක් පරණ හින්ද එයාල ඇවිත් තිබුනේ නේ. උත්සවෙන් පස්සේ මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා හැමෝම එකතු වෙලා අපේ ගෙදර (කටුපොත) ගිහින්. මැණිකෙයි දිලනුයි අශ්විනුයි එයාලගේ කාර්  එකේ, සමන්මලී, සේතු, මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා අපේ කාර්  එකේ. 

මට මල්ලි නැතුව happy නෑ. මට පුළුවන් මල්ලි මෙතන තියා ගන්න. 

---

අම්ම, අප්පච්චි, සුමුදු, දෙව්, මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් හැමෝම අවුරුදු වලට එකට. මමයි මල්ලි නෑ. අවුරුද්දට ගෙදර ඉන්නේ නැති පලවෙනි පාර  මේක නෙවෙයි. ඒත් දැන් දැන් මට මහා පාළුවක් දැනෙන්න අරන්.  

"ලෝකේ හොදම තැන ගෙදර"

1 comment:

  1. ඔව් ලෝකයේ හොදම තැන ගෙදර

    ReplyDelete