කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, November 24, 2018

සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ...

හැත්තෑ වසරක් දිවි මග ආවා 
හතලිස් වසරක් ලොකු පුතු වුවා
මතු මතු බවයෙත් ඔබේම පුතු වේවා..

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා ...........

සංසාරෙන්  සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක්‌ නොමැත දරුවෙකු හට මවක් සේ ලැදි
අම්මා යන සමාධියට සිටිමි සම වැදී
ඔබේ ගුණ කීමට හෝඩියේ  අකුරු මට මදි 

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ............

No comments:

Post a Comment