අම්මයි අප්පච්චි ඕස්ට්‍රලියාවේ මැණිකෙ ලත් එක්ක. කොරෝන කෙස් එක හින්ද අප්පච්චි මල්ලිලාගේ ගෙදර නැවතුන ටික දවසකට. විස්තර කතා කරන ගමන්.
මම: මොකද දෙන්න අවුලක් නැතුව ඉන්නවද?
අප්පච්චි: පොඩි පොඩි ජරමර දානවා.. එක ඉතින් සාමාන්‍යයි,
මම : ලැන්වෙජ් ප්‍රශ්න එහෙම නැද්ද.
අප්පච්චි: මොකද නැත්තේ. දෙව්ජා නම් සිංහලෙනුත් කතා කරනවා. ඉංග්‍රීසියෙන් කතා කලත් තේරුම් ගන්න පුළුවන්. තිසෙව් කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ .
මම: ම්ම්ම් ඉතින් අවුලක් නෑ නේ. දෙව්ජට කියල අහගන්න.
අප්පච්චි:
එහෙම තමයි කරන්න පටන් ගත්තේ එත් ඒ වැඩේ හරි යන්නේ නැ.
මම: ඇයි
අප්පච්චි: දෙව්ජා බොරු කියනවා.
මම: ඒ කියන්නේ
අප්පච්චි: ඊයේ මම දෙන්නටම කෑම බෙදල දුන්න. තිසෙව් ටික වෙලාවකින් කෑගහන්න ගත්ත. මට කියන දෙයක් තේරෙන්නේ නැ . දෙව්ජගෙන් අහපුවම කිව්වා අල ඕනේ කියල කියන්නේ කියල. මම අල අරන් ගිහින් බෙදුවා.
මිනිහ උඩ තිරින්ගේ තියල හූ කියන්න ගත්තේ.
එහෙම දෙව්ජ හිනා වෙනවා. පස්සේ කොහොම හරි එහෙම මෙහෙන් සෙප්පඩ විජ්ජ දාල තමයි හොයාගත්තේ මිනිහට ඕනේ වෙලා තියෙන්නේ මාළු. මාළු ඉල්ලන කොට අල බෙදාපුවම කව්ද ඉවසන්නේ .