කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Wednesday, June 2, 2010

වැළලීම හෙවත් වල ලැම...

වැළලීම හෙවත් වල ලැම

"මොකද්ද (මගේ surname එක) මේකේ තේරුම? වැඩ කියල කියන්නේ අනුන්ගේ ඕප දුප බලන එකද? ඔයාටත් කාගේ හරි රෙද්දක් අපුල්ලන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ."

මගේ wife  ඊයේ මම බ්ලොග් බලනවා දැකල කියපු ආදරණීය වචන ටික ඔය.

"ඕප දුප නෙවෙයි. දැන් මාත් එකක් ලියනවා." ඉමිහිරි බව විද දරාගන්න බැරිම තැන මම කිව්වා.

"කෝ බලන්න පෙන්නන". wife ට මගේ බ්ලොග් එක පෙන්නුවා.

"කෝ.. එක joke එකක්වත් නැනේ... joke එකකුත් ලියන්න. අනික හැම තැනම අකුරු වැරිදියි, ව්‍යාකරණ වැරදයි. ඒවත් හදල හොඳ joke  එකක් ලියන්න. මතක ඇතිව මමයි ලියන්න කිව්වේ කියලත් දාන්න"

"හ්ම්ම්... " මමත් අභියෝගය බාරගත්ත.

මෙන්න ඒ joke කතාව. කතා නායකයා wife ගේම තාත්ත. කතාව මට කිව්වේ ටික දවසකට කලින් wife ගේ අම්ම. මේ කතාවේ කොහේ හරි තාත්ත / අම්ම  කියල තිබුනොත් ඒ wife ගේ තාත්ත / අම්ම.

"හම්මෝ.. අර පැත්තේ ඉන්න හිටින්න බෑ ගඳ. සතෙක් කුණු වෙලාද කොහෙද". එයාලගේ තේ වත්තේ වැඩට එන පැටා (අකුරු හරි. ඒක තමයි නම) wife ගේ අම්මට කියල තියනවා. අම්මත් පැටා එක්කම ගිහින් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න.

ඇත්ත නේන්නම්. පළාතම ගඳයි. එතකොටම අම්මට මතක් වෙලා තියනවා විස්තරේ. ටික දවසකට කලින් ගෙදරට මාළු වගයක් ගැනත් තියනවා. එදා මාළු ටික සුද්ද කරලා. ඉතිරි උණු රොඩු ටික bag එකක දල , වත්ත පහල ගහක එල්ල තියනවා පස්සේ වලලන්න හිතාගෙන. එයත් ඉතින් එසේ මෙසේ වැඩ කන්දරාවක් තියන කෙනෙක් නෙවේනේ. අරක වළලන වැඩේ අමතක උන. ඕක තමයි දැන් මේ දුර්ගන්ධයට හේතුව.

"එදා අර මාළු සුද්ද කරපු ඔලු කැලි ටික තාම ගහේ එල්ලලා තියනවා. දැන් නරක වෙලා පැත්තම ගඳයි. අර මිනිස්සුන්ට වැඩ කරන්නත් බෑ. ගිහින් ඒක වල දාල එන්නකෝ". තාත්ත (wife ගේ ) අවට පස්සේ අම්ම කිව්වා.

තාත්තත් පොළවත් එක්ක නයි වෛරයකින් ඉන්න කෙනෙක්. පොලව කොටන්න අවස්ථාවක් හම්බ වෙනවනම් ඊට වඩා දෙයක් නේ. ගත්ත උදැල්ල කෙලින්ම ගිය තේ කෑල්ලට (හොද කෑල්ල). පවරපු වැඩේ අකුරටම කල. ගෙදරආව.

"මම අරක වලලන්න කිව්වා". අම්ම හවස තේ අරන් ගිය වෙලාවේ කියල තියනවා.

"අම්මේ හාමිනේ තාමනං ගඳ එහෙම්මමයි "

"හ්ම්ම්.. ටිකක් වෙලා යනකොට ඇරිලා යයි" කියාගෙනම අම්මත් ආපහු ආව.


"හාමිනේ.. හාමිනේ... මම යන්න කියල". පැටා වඩා ඉවර වෙලා sign කරලා යන්න ආව.
"හාමිනේ මගේ මල්ල නැනේ. හාමිනේ හරි පොඩි මහත්තය (තාත්ත) හරි වහින්න අපු හින්ද ගැනත් තිබ්බද දන්නේ නේ..  " පැටා බොහොම අහිංසක විදිහට ඇහුව.

අම්ම ගෙනාවේ නෑ කියල එය දන්නවනේ. තාත්ත ගේනවද කියල ආයේ ගේ ඇතුලේ බැලුව. කිසි හෝඩුවාවක් නේ.

පැටා ත් එක්කම ආයේ වත්තට ගියා.

හපොයි.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවයි. කුණු මාළු bag ඒක යසට තාමත් ගහේ පාද්දී පාද්දී තියනවා. මිනියක් වළලුව වගේ කන්දත් හිටින්න පැටා ගේ මල්ල වළලලා. ඒ මදිවට කබරෝයෝ අදින හින්ද උඩින් ගල් තියල.
අම්ම ඉක්මනට දුවල ගිහින් උදැල්ල අරන් ඇවිත් පැටා ගේ මල්ල ගොඩ ගන්න පටන් ගත්ත. මුලින්ම  ගල් ස්තරයක්. ඊට පස්සේ වැලි. ආයේ ගල්. අන්තිමට නිදානේ ගොඩ ගත්ත.
පිගන රොටියක් වගේ, කෝප්පේ "ආ" යන්න වගේ. ගොඩ ගන්න කොටත් සට සට ගනවලු. (දන්නවනේ බෙලෙක් බදු වලට ගහපුවම එන සද්දේ)

12 comments:

  1. අනේ පවු අර අහිංසකයගේ පිඟානයි කෝප්පෙයි

    ReplyDelete
  2. අයියේ ඔයාගේ බ්ලොග් එකට අනම් මනම් කියපු නිසාත් එයාම කතාවක් දාන්න කිව්ව නිසාත් මාමණ්ඩි කරපු වැඩක් ගැනම් කිව්වා නේද ?

    අනුන්ගේ දේ ගැන කතා කරනවාට "කෝප්ප හෝදනවා" කියලත් පාවිච්චි වෙනවා :)

    ReplyDelete
  3. අය්යෝ හී..............හී...............හී

    ReplyDelete
  4. අයිති කාරයා

    @ all
    comments වලට ගොඩක් ස්තුතියි

    @ හසිත
    comments දල තිබුණු හැමෝගෙම බ්ලොග් වලට ගිහින් බැලුව. හසිත, අම්මෝ ඔය follow කරන බ්ලොග් කන්දරාව. යුනි එකේ වැඩ කරන්න වෙලාවක් තියනවද?

    ReplyDelete
  5. අයිතිකාරයා

    @ යුත් මැක්ස්
    ඇතුගල්පුර කොල්ලෙක් එහෙනම්

    @ all
    මට ඔයාලව formally follow කරන්නනම් විදිහක් නෑ. එත් පුළුවන් හැම වෙලාවේම බෝල්ග්ස් බලනවා.

    ReplyDelete
  6. මම යන්නේ කැලණි කැම්පස් එකට අයියේ. මේ දවස්වල අපි නිවාඩු සුවයෙන් පසු වෙන්නේ.

    ඒක නිසා ඉස්සර වගේ හන්දි ගානේ බස් හෝල්ට් ගානේ කරක් ගහන්නේ නැතිව අන්තර්ජාලේ කරක් ගහනවා. විශේෂයෙන් බ්ලොග් අවකාසේ :)

    ReplyDelete
  7. හොඳා හොඳා කතාව.
    බිරින්දෑ මොකදෑ ඉතින් කීවෙ.(
    අපේ ගෙදර උන්දෑත් ඔය බ්ලොග් බලන වැඩේට හරියට සවුත්තුව දැම්ම කාලෙකට ඉස්සර.

    ReplyDelete
  8. අයිතිකාරයා

    @ උන්නැහේ
    දැන්නම් අපේ උන්දැත් වැඩේට මනාපයි වගේ

    @ හසිත
    එල එල. ඔහොම යං.

    ReplyDelete
  9. මරු කතාව :)) මොනා වුණත් බ්ලොග් ලියන්න ගිහිං පවුල අවුල් කොරගන්ට එපා උන්නැහේ!!! :)))

    ReplyDelete