කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, June 7, 2010

කතෝලික සිසුන්ගේ බුද්ධාගම ලකුණු

අද කියන්න යන්නේ මීට අවුරුදු 7, 8 කට කලින් වෙච්ච රසබර කතාවක්. මම කියල නැනේ, අපේ අම්ම ගුරුවරියක්. සිංහලෙන් කිව්වොත් teacher  කෙනෙක්. මේ කතාව උනු දවසෙම තමයි අම්ම ඇවිත් කිව්වේ.

කතාවේ, කතා නායකයා අම්මලගේම ඉස්කෝලේ ගුරුතුමෙක්, සිංහලෙන් නම්  සර්  කෙනෙක්. අපි පහසුවට සිරිවර්ධන සර් කියමු. ඇත්ත නමනම් නෙවෙයි.

සිරිවර්ධන සර් ඉස්කෝලේ හිටපු ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඉගැන්නුවේ සිංහල, බුද්ධාගම විෂයන් සාමාන්‍ය පෙල, උසස් පෙල දෙකම.  සිරිවර්ධන සර්, විභාග ලං උනාම පුනරීක්ෂණ පන්ති තියනවා ඉස්කෝලේ, නොමිලේම. ඒ තරන්ම කැපවීමෙන් උගන්වපු කෙනෙක්. මම 10 වසරේ ඉදිද්දී O/L ලිව්වනේ. ඒ වෙලාවේ මමත් එයාගෙන් ඉගෙන ගෙන තියනවා, අර පුනරීක්ෂණ පන්ති වලට ගිහින්. මම නම් ඒ ඉස්කෝලේ නෙවෙයි. එත් අම්ම හිටපු ඉස්කෝලේ හින්ද මටත් යන්න පුළුවන් උන. මෙයාගේ කැප වීම වගේමයි. උගන්වන්න තියන දක්ෂතාවය. මම 10 වසරේදී O/L ලියපු වෙලාවෙත් ඒ විෂයන් දෙකටම D. මේ වෙලාව සර් ට පින් දෙන්න අවස්ථාවකුත්  කරගන්නවා

අම්ම කියන විදිහට, මොන තරම් කැපවීමක් තිබුනත්, උගන්වන්න දක්ෂ උනත්, මේ සර්ගේත් ලොකු අඩුවක් තිබ්බ. (අම්ම කියන විදිහට කියල වාක්‍ය පටන් ගත්තේ, මම ඒව අත් විදලා නැති හින්ද. මෙතනි පස්සේ කතාව අම්මගේ වචන වලින්.) අඩුව තමයි අමතක වීම සහ ඊටම බැදුණු නොසැලකිල්ල. පන්තියකට ගියොත් පොත් ටික එතන. wash room ගියොත් පොත් ටික එතන. බයිසිලකේ අවොත් ගෙදර යන්නේ බයිසිකලේ ඉස්කෝලේ තියෙද්දී, බයිසිකලේ ගෙදර තියල අවොත් යන්න ලැහැස්ති වෙලා මුළු ඉස්කෝලෙම දෙවනත් කරලා බයිසිකලේ හොයනවා. ඔයවගේ විස්තර ගොඩයි.

ඔන්න දවසක් ගුරුවරු ටික දවල් විවේකයේදී ගුරු විවේකගාරේ සතුටු සාමීචියේ  ඉන්නවා. මේ කාලේ ඉස්කෝලේ වාර විභාග හින්ද වැඩත් ටිකක් අඩුයි. ඔන්න සිරිවර්ධන සරුත් ඔතෙන්ට ආවා කඩියා වගේ.

"ආ... සිරිවර්ධන සර්.. මම සර්ව හම්බ වෙන්න තමයි හිටියේ. මොකද්ද අර කරලා තියන විකාරේ." කතෝලික මිස් ටිකක් තරහින් වගේ ඇහුවලු.

"ඇයි මිස්". සිරිවර්ධන සර් බොහොම නිතමනීව ඇහුව.

"ඇයි කියන්නේ? මම උදේ 11 පන්ති වල ලකුණු ටික දාන්න record book එක ගත්ත. ඔයා කතෝලික ළමයින්ගේ හිටන් ලකුණු දාලනේ. මම දාන්නේ කොහෙද? "

"අනේ එහෙමද? මට වැරදිලා වෙන්න ඇති. ඉන්න මම හදල යන්නම්". සිරිවර්ධන සරුත් බය වෙලා උත්තර දුන්නලු.

පස්සේ වෙලාවක අම්ම සිරිවර්ධන සර් ගෙන් ඇහුවලු "සිරිවර්ධන මල්ලි මොකද මේ වෙලා තියෙන්නේ කියල"

"අනේ (අම්මගේ නම) අක්කේ. මර වැඩේනේ උනේ. 11 ළමයින්ගේ papers ටික මගේ අතින් නැති වෙලා. දැන් ඉතින් කරන්නම  දෙයක් නැති හින්ද, පහුගිය වාර පරීක්ෂණ වල ලකුණු ටික අරගෙන සාමාන්‍ය අරගෙන මේ පර ලකුණු ටික දැම්ම. එත් මට අමතක උනානේ කතෝලික ළමයි ඉන්නවා කියල."


වැඩේ වැරදි කියල මේක බලන යට හිතෙයි. එත් සිරිවර්ධන සර් කරගෙන තියන දේවල් අනුව, ඕක සාමාන්‍ය දෙයක්. නැවතත් සිරිවර්ධන සර් ට පින් දීල කතාව ඉවරකලා.

4 comments:

  1. අයියෝ හික් ...... හික්.......... මටත් වෙලා තියෙනව ඔය වගේ වැඩක් මම උගන්නපු 9 වසර පංතියේ ඉතිහාසය පේපර්ස් ටික වැරදිලා වෙන ටීච කෙනෙක් අරන් ගිහින් මම මම ඉතින් හතර වටේම පේපර් ටික හොයල හොයල බැරිම තැන ලොකු සර්ටත් කියල ටික දවසක් බලන් හිටිය. පස්සෙ දවසක අර ටීච මෙන්න මිස් ඔයාගෙ පේපර්ස් ටික කියල මට ගෙනත් දුන්න.

    ReplyDelete
  2. ගුරු වෘත්තියේ රස බර අත්දැකීම් වගේ :) ඉසිඹුවටත් මේ වගේ කතා ගොඩාක් ඇති මට හිතෙන විදිහට.......

    ReplyDelete
  3. අයිතිකරු

    @ඉසිඹුව,
    ඉසිඹුව කියන එකේ තේරුම මොකද්ද?

    @හසිත
    හසිත හරි, අම්ම කියනවා, මේ තරම් රසවත් වුර්තියක් වෙන නේ කියල. හැමදම ජීවිතේ අලුත් ලු.

    ReplyDelete
  4. ඉසිඹුව කියන්නෙ විවේකයට.

    ReplyDelete