කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, August 7, 2010

බුදු රැස් විහිදීම, දුෂ්ටි මායාව හා ආලෝකය

සමහරුන්ට මතක ඇති කාලෙකට ඉස්සර බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවා කියල මහා කලබගනියක් ගිය. ඒ දවස් වලම ආචාර්ය චන්දන ජයරත්න මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දල තිබුන. ඉතින් ඔය සිද්දිය මේ site  දාල තිබුන. මමත් ඕකට චොම්මෙන්ට් එකක් ලිව්වා. ආචාර්ය චන්දන ජයරත්න ගේ පැහැදිලි කිරීම සම්බන්දව. මේ තියෙන්නේ ඒක.

මුලුන්ම කියන්න තියෙන්නේ මේක (බුදු රැස් විහිදීම ක් ලෙස ගැනීම ) බුද්ධාගමේ හෝ බුදුහාමුදුරුවන්ගේ අශ්චර්යකට අනුව වෙන දෙයක් නෙවෙයි. මේක ඔයගොල්ලන්ට චොම්පුටෙර් එක ඉස්සරහ ඉදගෙනම අත් විදින්න පුළුවන්,

ඔයාලගේ paint application  එක (ms paint වගේ ) ඔපෙන් කරලා, කොටුවක් අද ගන්න. කොටුවේ ඉහල වම කෙලවර සහ දකුණු පහල කෙලවර යකරන් විකරණය තැබිලි පාටින් අද ගන්න . දැන් දකුණු කොටස තැබිලි පට කරන්න. දැන් සුදු සහ තැබිලි යැවෙන තැන (විකරණය අසල) එක එල්ලේ බලාගෙන ඉන්න. මේ කියන රැස්  බලන්න පුළුවන්.

දැන් අපි බලමු දුෂ්ටි මායාවක් (optical illusion ) කියන්නේ මොකද්ද කියල. දුෂ්ටි මායාවක් (optical illusion) කියන්න, කිසියම් දෙයක් දිහා බල කොට, එහි තිබෙන නියම ස්වරුපගෙන් වෙනස්ව තේරුම් ගැනීම. මේක අපේ මොලය හා සම්බන්ද දෙයක්. මොලයේ තිබෙන බුද්ධිමත් භාවය (හෝ එසේ  නොවීම ).

මේ පින්තුරේ බලන්නකෝ.



මේකේ තියන තිරස්  රේඛා  සියල්, තනි රේඛා, සමන්තරයි. ආනතියෙන්  තොරයි. හැම කොටුවක් ම සම චතුරශ්‍රයක්. එත් අපිට බලාගෙන ඉන්න කොට හිතෙනවා, රේකා සමාන්තර නැති බව. රේඛ අනත බව, කොටු එකිනෙකට සමාන නෑ කියල,. එත් ඇත්තටම එහෙම නෙවෙයි. ඔන්න ඔය වගේ අවස්ථා වලට කියනවා දුෂ්ටි මායාවක්.

හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මිරුගුව කියන්නේ දුෂ්ටි මායාවක් නෙවෙයි. මොකද මිරිගුව ඇත්තටම තියනවා. වතුර විදිහට නෙවෙයි. සෙවනැල්ල විදිහට. වතර වීදුරුවකට පැන්සලක් දාපුවම ඇදවී පෙනීම. මේකත් දුෂ්ටි මායාවක් නෙවෙයි. මේවා ආලෝකයේ සන්සිද්දෙන්. ඇසට එන නිවැරදි කිරණ නිවැරිදි අයුරින් තේරුම් ගැනීම. එත් දුෂ්ටි මායාවක දී, ඇසට එන නිවැරදි කිරම මොලය මගින් වැරිදි ලෙස තේරුම් ගැනීම දුෂ්ටි මායාවක්. ඉහල පින්තුරයේ වගේ.

මට පොඩි ගැටළුවක් තියනවා. Dr චන්දන කියන විදිහට අපි දැක්කේ දුෂ්ටි මායාවක් ද? නැත්නම් වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීයක්ද ?

ඇයි මම එහෙම කියන්නේ. ඔය බුදු රැස් විහිදෙනව කියල ආරංචිය ගියාට පස්සේ. ඒ අවස්ථාවේ ගත්තු පින්තුර (still images) ඕනේ තරම් තිබුන. මගේ යාළුවොත් අරන් තිබුන. පත්තර වලත් තිබුන. මේ පින්තුර වල අපි දකින වර්ණ වෙනස පින්තුරය බලපු සැනින් පේනවා. ඒක දිගටම, එකම විදිහට පේනවා. එත් බුදු පිළිමය දිහා බලාගෙන ඉන්න කොට මේ වරණ වෙනස පෙනෙන්නේ වරින් වර. බුදු පිළිමයේ වර්ණ වෙනස නොපෙනෙන අවස්ථාවල ගත්තු පින්තුර වල වර්ණ වෙනස පෙනෙන්නේ නෑ. පින්තුරයේ වර්ණ වෙනස පෙනෙන්නේ බුදු පිළිමයේ වර්ණ වෙනස පෙනෙන අවස්ථාවේදී ගත්තු එකක්නම් විතරයි.

මගේ තර්කය මේකයි. අපි හිතමු වරණ වෙනස නොදකින පින්තුර වර දුෂ්ටි මායාව නොපෙනෙන්නේ පින්තුරයේ අපහදිලිබව නිසා කියල, එත් වර්ණ වෙනස පෙනෙන පින්තුරයේ, වර්ණ වෙනස දකින්නේ දුෂ්ටි මායාවක් නිසානම්, නම් එය පින්තුරයේද දුෂ්ටි මායාවක් ලෙසම පෙනිය යුතුයි. (වරින් වර).

මගේ නිගමනය. මෙය කිසියම් අස්චර්යක් නම් නොවේ. නමුත් මෙය දුෂ්ටි මායාවක් ද නොවේ. එය දුෂ්ටි මායාවක් සහ වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීnගේ එකතුවක්

කතිකාවතට  විවුර්තයි

10 comments:

  1. ඒ අවස්ථාවේ ගත්තු පින්තුර ඕනේ තරම් තිබුන කිව්වේ. කීපයක් post කරන්න බැරිද? මමත් ඕක දැක්කා හැබැයි වර්ණ වෙනස මිසක් වෙන දෙයක් නෙවෙයි. පින්තූර දැක්කොත් නම් මොනවහරි ඒ ගැන කියන්න පුළුවන්. මටත් ඕක මහ ප්‍රශ්නයක්.

    ReplyDelete
  2. මේක දෟෂ්ටි මායාවක් කියමුකෝ ‍ඒත් මේක දැක්ක කට්ටියත් ඉන්නවනේ වී‍ඩියෝ ත් තියෙනවනෙ.

    ඒත් මේ ලෝකෙ නොපෙපෙන දෙවිවරු අදහන ජීවිතේට දැකල නැති දෙවිවරු න් ගේ ජේසුන් ගේ ‍පට්ටපල් බොරු දහන කොච්චර මොඩයෝ ඉන්නවද???

    ReplyDelete
  3. බුදුරජානන්වහන්සේ යනු මිනිස් ඉතිහාසයේ පහල වූ ආශ්චයවත්ම මනුෂ්‍යරත්නය.. ඒ පිළිබඳ අබමල් රේණුවකවත් පැහදීමක් තිබුනා නම් විද්‍යාවක් සමඟ සැසඳීමක් වෙන්නෙ නෑ..

    ReplyDelete
  4. හැබෑව , හැබෑව!

    මේක ඇත්ත කියල නලින් ද සිල්ව තුමා කීවා නේ. තව මොන කතා ද? කොටින් ට ගහන කොට ලු බුදු රැස් විහිදෙන්නෙ. බලන්ඩකෝ යු ටුබ් එකේ නලින් තුමාගේ කතාව. ඔව් අනික , නොපෙනෙන දෙයියො විස්වාස කරන එක ගොන් කම, බුදු රැස් දැකපු එකනේ- ඒක ඇත්ත. ඒත් සමහරු දෙවියන් වහන්සේ දකිනව, කතා කරනවා කියල තියෙනවානෙ? එහෙනං ඒකත් ඇත්ත. විද්යාව තමා අලි බොරුව.

    ReplyDelete
  5. බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය ගැන කථාකරන්නට සමකරන්නට හෝ උපකල්පනය කරන්නට සමතෙක් නැවත පහළවේ නම් ඒ තවත් බුදුවරයෙක් පමණක් විය යුතුයි. එහෙත් ආකාරවතී ශ්‍රද්දාවෙන් යුක්ත අවබෝධයෙන් තෙරුවන් සරන ගිය අයෙක් හෝ විශ්වය විශ්වයේ පැවැත්ම සහ විශ්වයේ නැතිවීම යන නියාම ධර්මය තේරුම් ගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය යම් පමණකට හෝ වටහාගත් අයෙක් නම් බුද්ධරූප වලින් චෛත්‍යය වලින් විහිදෙන බුදුරැස් දැක ආශ්වාදයෙන් ඇලී නිවන් මාර්ගයෙන් බැහැරව කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ගෙනදෙන අන්තවාදී ආමිසයට ඇද වැටෙන්නේ නැත. බැලිය යුත්තේත් අවබෝධ කල යුත්තේත් හටගැනීම පැවතීම නැතිවීම කියන නාමරූප ධර්ම ප්‍රවාහයේ යථාස්වභාවයයි.

    ReplyDelete
  6. Hane me post eka liyapu meeharakata me tikawat terenne nati hati

    ReplyDelete
  7. Mu me wage post liyala pora wenna hadala nikan paw purawa gannawa. niyama harak !

    ReplyDelete
  8. @ Sajith,

    Mokadda mama liyapu eke waradda? Mama buddhagamata hari, budu hamuduruwanta hari banala nane.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete