මේක ටිකක් "කාලෙකට ඉස්සර" සිද්ද වෙච්ච දෙයක්. කතාවේ ප්‍රධාන චරිතය අපේ මල්ලි.
මල්ලි ලංකාවේ ප්‍රදානම විශ්වවිද්‍යාලයකින් අවුරුදු 4 ක ඉංජිනේරු උපාදියක් අරගෙන මේ සිද්දිය වෙනකොට ආණ්ඩුවේ අධිකාරියක (තැන හරියට කිව්වේ නැත්තේ එකට කරන අගවුරවයක් හින්ද) ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරමින් හිටියේ. එකයි මේ කතාවේ තියන වැදගත් කම.
අම්ම: අන්න චූටි පුතේ ලියුමක් ඇවිත් තිබ්බ.
මල්ලි: ආ.. මේක කොහොමද මෙහාට අවේ?
අම්ම: මම ඉතින් දන්නේ කොහොමද?
මල්ලි: ඕක මමනේ දැම්මේ. මම ඕක කැම්පස් එකටනේ පොස්ට් කලේ ? මටම අවේ කොහොමද?
අම්ම: ලජ්ජා නැතුව කියනවනේ. මෙහෙමද යවන්නාගේ, ලබන්නාගේ ඇඩ්රස් දන්නේ?. තැපැල් දෙපාර්තුමේන්තුව හරියට වැඩේ කරලා තියනවා.
මල්ලි: මටත් ලියන කොට සැක හිතුන. මම පොස්ට් ඔපිස් එකේ මෑන් ගෙනුත් ඇහුව අහල තමයි දැම්මේ. මිනිහ හරි කිව්වා.
අම්ම: ඔය හරියට දල තියෙන්නේ.
මල්ලි: හ්ම්ම් දැන් ඉතින් කරන්න දෙයක් නැනේ. වෙලාවට තව දවස් තියනවා. මම ගිහින් ආයේ දල එන්නම්.
අම්ම: ආ මේකත් අරන් යනවා. ඔකේ තියන විදිහට නැතුව මාරු කරලා දල එනවා.
මල්ලි: හ්ම්ම්. කාටවත් එහෙම කියන්න එපා.
අපේ තැපැල් කන්තෝරුවෙ නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත... මමයි මල්ලියි ඒ කාලේ චිත්‍ර තරඟවලට යවන යවන චිත්‍රය එන්නෙ ගෙදරට.. එහෙමත් නැත්නම් ඉස්කෝලෙට.. කොච්චර උන්ට ගිහින් බැන්නත් වැඩක් නෑ...
ReplyDelete