මේක ලියන්නේ අද උනාට මේ ගමන ගියේ 2012 අප්‍රේල් 07. අප්‍රේල් 5, 6, 7, 8, 9, එක දිගට දවස් 5 ක් නිවාඩු. මුල් දවස් දෙකේ ලග පත ඇවිදින්න ගිය.ටිකක් ඇත යන්න හිතාගෙන හිටියේ, එත් අපි පරක්කු වැඩියි. හෝටෙල්ස් ඔක්කොම බූක්. :(
7 ත් වෙනිදා උදේම යන්න පිටත් උන. මන්දලුයෝන්ග් වලට ටැක්සි එකක ගිහින්, එතනින් වෑන්
එකක් ගත්ත. පැය 2 ක විතර ගමන. එත් ට්රෆික් උපරිමේට. එක හින්ද ටිකක් වෙලා ගිය. ගිහින් බැස්සේ තගේතයි වලින්. පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන. ආයේ ගමන පටන් ගත්ත. එතන කාක්කෝ ඉන්නවා බෝඩ් අල්ලාගෙන.
එතනින් බයිසිකලේක ගමන. පැය 1 /2 ක් විතර ගිය. බහින කොට ඇග රිදෙනව.
මෙතෙක් ගමන් මග
View Larger Map
අයෙත් පොඩි රෙස්ට් එකක්.
මෙතනින් පස්සේ යේ පැය 1 / 2 ක් බෝට්ටුවේ. බෝට්ටුවටම අපි තුන් දෙනයි මග පෙන්වන්නෝ දෙන්නයි විතරයි. බෝට්ටුවත් රවුම් තුන හතරක් ගහල තමයි නවත්තන්න තැනක් හොයා ගත්තේ. සමහර විට එදා රුෂ් එක වැඩි හින්ද වෙන්න ඇති.
යනකොටම කට්ටිය මාස්ක් විකුනනවා. දුවිල්ල වැඩි හින්ද දාගන්න ඕනේ. අපිත් දෙකක් ගත්ත. බබාට අරන් වැඩක් නෑ. කිලෝමේටර් 4 ක් ගමන පයින් යන්නත් අමාරුයි. ගත්ත අස්පයෝ දෙන්නෙක්.
බබත් කර ගහගෙන යන්න අමාරු හින්ද. අස්පයට නැග්ගට පස්සේ තමයි රගේ තේරුනේ. එහෙන් ඇත ඇරේයිද කියල බය. අනිත් පැත්තෙන් බබා අඩනවා. එක අතකින් බබා අල්ල ගත්තොත් අනිත් අතින් අස්පයව අල්ල ගන්න ඕනේ. අනිත දුවිලි විමනේ. කොහොමින් කොහොම හරි යන්තන් උඩට ගිය. ඉල අට රිදෙනවා. විනොදෙට අස්සයෙක් පැදලා තිබුනට මෙහෙම හැතැප්ම ගණන් පැදලා තිබුනේ නැනේ. උඩට ගියාම නිවන් දැක්ක වගේ.
හ්ම්ම් ඔන්න ගිනි කන්ද මුදුනේ අපි දැන් ඉන්නේ.
තාල් ගිහින් කන්ද තායි ලෝකේ කුඩාම ගිහින් කන්ද. මේකේ පිහිටීම හරිම පුදුමයි. දුපතක් මැද, විලක්, විලක් මැද දුපතක්, දුපත මැද විලක්, විලක් මැද දුපතක්. මේ පිහිටීම තියන ලෝකයේ ලොකුම තැන මෙතන. මේ අන්තිමට කියපු විලක් මැද දුපත හැදිලා තියෙන්නේ 1911 ඇති උණු පිපිරීමෙන්. ලෝකයේ අද්යනයට නම් කරපු ගිනි කදු 16 න එකක් මේක. මේක තාමත් නිතර සක්ක්රීය ගිනි කන්දක්.
මුලින්ම කියපු දුපත මැද විල (තාල් විල) විශේෂ විලක්. මේකේ තමයි ලෝකයේ එකම මිරිදිය සර්ඩින් මසුන් ඉන්නේ. එක ඇත්තටම පරිණාමයක් ලු.
මේ තියෙන්නේ මැප් එක. බලන්න 1969 පිපිරුණු වෙලාවේ ලාව ගලපු ෆ්ලොව් එක දල තියනවා.
View Larger Map
ගියානම් ඉතින් අපහු එන්නත් එපය්යි. බබා අතින් අතට, මගෙන් සමන්මලිට, අපහු මට මාරු කර කර අස්පය පිටේම අපහු අව.
ඇත්තම කිව්වොත් අස්පයෝ ගැන දුකයි. උන් හරිම අමාරුවෙන් තමයි අපිව තියාගෙන කන්ද බද ගවේ. එත් ඉතින් මොනවා කරන්නද ?
අපු විදිහටම ටගේතයි වලට අව. හොදටම බඩගිනි. ගිය yellow cab එකට බඩ
පලේනකල් කල එන්න පිටත් උන.
රෑ 10 , 10.30. වෙනකොට යහතින් ගෙට ගොඩ උං.
පහුවද බලනකොට මගෙයි බබගෙයි පිටිපස්ස තුවාල වෙලා, අස්පයගේ වැඩි වෙන කෑල්ලේ අතිල්ලිලා. සමන්මලිගේ ඉල අට රිදෙනවා.
මොනවා උනත් ෆන් ගමන.
පොටෝ ටිකක් පස්සේ දැන්නම්.
No comments:
Post a Comment