කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Wednesday, September 11, 2013

තුන් වෙනි පරම්පරාවේ, පලවෙනියගේ අකුරු කියවීම සහ දෙවෙනියගේ ආගමනය.


අප්පච්චි : සුමුදුට ටිකක් අමාරුයි වගේ, අපි දැන් මිරකල් එකට කෝල් කරා. දැන්මම එක්ක එන්න කිව්වා. මමයි අම්මයි, දුවලගේ අම්මයි දැන් යන ගමන්.
...

ඩොක්ටර් : බබා හොදින් ඉන්නවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ 
...

සමන්මලී: අම්මෝ.. මොනවා උනත් මම බයේ හිටියේ.. චූටි බබා.. ඔය දැක්කද චූටියව.. 
...

සමන්මලී: ආ... මැණිකේ... අපේ වැඩේ ඉවරයි. අපි දැන් ඔතෙන්ට එනවා, එලියට ඇවිත් ඉන්න. ඔයාව අරගෙන අකුරු කියවන එකට ඕනේ බඩු  ටික ගන්න යන්න ඕනේ. 
...

මැණිකේ : මෙන්න චූටි අය්යා හෙට උදේ එනවලු 11.15 ට ලු බහින්නේ. 

මම : අප්පා.. දැන් මොකද කරන්නේ.. මගෙත් වැඩ ගොඩ ගැහිලා. මොනවා කරන්නද මුළු රැ ම හරි ඇදල වැඩ ටික ඉවර කරන්න ඕනේ. 
....

අප්පච්චි: අපි ඔක්කොම නැවතුන. දැන් ඉතින් කමක් නැ . ඔයාල වැඩේ කරන්න. 
...

සමන්මලී : අනිවාර්යෙන්ම අනිද්දා හවස එනවනම් මමත් එනවා. 
...

සමන්මලී : මටනම් දැන් හරි මහන්ස්යි හෙට උදේම නැගිටලා ඉතුරු වැඩ ටික කරනවා. 
...

මුළු රැ ම ඇදල වැඩ ටික ඉවර කල. උදේම නාල, බුදුන් වැදලා අකුරු කියවන එකට ලැහැස්ති උන. 
ගෙදර හිටපු අය  ඇරෙන්න වෙන කවුරුවත් න. ඉස්සර වෙලා ආපු  කනට වඩා  පස්සේ ආපු  අන ලොකු උන කියන්නේ ඕකට තමයි. 

මම : good බබා, දැන් කියන්න අයන්න - අම්ම 
බබා : කුක්කු අම්ම.
....



මල්ලි : ආ... දැන් ඔයාල කොහෙද? මම ඇවිත් දැන් විනාඩි 20ක් විතර 
අපි : හරි හරි අපි දැන් මේ ලග, 
...

සුමුදු: දැන් ඔයාල කොහොද? 
මල්ලි : අපි දැන් මිනුවන්ගොඩ, අය්යල එන්න පරක්කු උනානේ. 
...

හොදටම බඩගිනියි කල යමු කමක් නැනේ. 
...

සුමුදු: දැන් ඔයාල කොහොද? 
මල්ලි : අපි දැන් කොටදෙනියාවේ , 
සුමුදු : දැන් කොච්චර වෙලාද  මිනුවන්ගොඩ කියල, තම ඔතනද? 
...

යන අතර මග meeting එකකටත් සෙට් උන. 
මම: Hi Guys, It is a very bad weather in here. No ADSL , No power,... I am on my phone. So I would not be able to join teamviewer sessions. voice only.
සුපුරුදු බොරුව ගැහුවා. 
...

අප්පච්චි : දැන් කොහෙද? දැන් දුවව ගන්නවා කිව්වා. 
අපි : හරි දැන් අපි ඔතනමයි ඉන්නේ. මග පර හදනවනේ 
...

කොහොම කොහොම හරි සුමුදුව ඇතුලට ගන්න කලින් අපි ගිය. 
...

මාස 10ක් බලාගෙන හිටියා.. මේ විනාඩි කීපය තමයි ඉන්න බැරි.. අම්මල දෙන්න ලේබර් රුම් එක ගාව . බැරිම තැන එයාලට පුට් දෙකකුත් හම්බ උන. ටිකක් වෙලා යන කොට ඔක්කොම ගිහින් එතන වට වෙලා ජනෙල් දොරවල් වලින් එබිකම් කර කර ඉන්නවා. ... 

අවසානයේ,
රෝස පාට තොප්පි මේස් ඇද, රෝස පාට රෙද්දක ඔත, රෝස පාට පුංචි ට්‍රොලියක, අංක 24 කාමරයට සැපත් වුවාය. 

No comments:

Post a Comment