කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, December 17, 2017

අයලින්



ඉරිදා දිනයක් වූ බැවින් අශ්වින් ගේ පාසලේ විදුහල් පතිනියගෙන් ලැබෙමින් තිබෙන  ඇමතුමෙන් තරමක් විමතියට පත්වීමි.  

පාසල් බස් රථයේ පාලන කටයුතු සිදු කරන "අයලින්" අද උදසන මිය ගිය බවත්, හෙට දිනයේ පාසැල් බස් රථය ක්‍රියාත්මක නොවන බවත්, පාසැල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් දන්වා සිටියාය. සැබවින්ම එය දුක්ඛ දායක ආරංචිය විය. 

මම සමන්මලිට මේ බව දැන්වුවෙමි 

"මේ Friday ත් අශ්වින් බස්සල, මට Happy Weekend කියල ගියෙ. ඔන්න ඉතින් එයාගේ Happy Weekend එක"

"ඔව් ඉතින් ඇත්තටම Happy මරණයක්. ඉන්න ඕනේ කලේ ජීවත් වෙලා, grandchildren ල දැකල, අවසාන දවස වෙනක වැඩ කරලා, යන්න ගියා"


මේ සිදු වීම කණගාටු දායක උවත් මීට මාස කිහිපයක පෙර මම නිවැරදි තීරණයක් නිසා, මෙම මරණය ජීවිත කාලයටම වද දෙන මරණයක් නොවිණි. 

 මීට මාස කිහිපයක පෙර ඇය අතින් සිදු වූ අතපසු වීමක් නිසා, මට ඇයටත්  පාසලටත් විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණි. එසේ කරන ලෙස බොහෝ දෙමව්පියෝ අපට බලපෑම් ද කළහ. එසේ කලේනම් විශාල වන්දි මුදලක් ද ලබා ගැනීමට හැකියාව තිබුණි. එසේ උනිනම් ඇයගේ රැකියා ද අහිමි වී යන්නේය. මම එදා ගත්  තීරණය පිලිබදව මම සැබවින් සතුටු වෙමි. 

සමහර විට අප ගන්න නිවැරදි තීන්දු වල ප්‍රතිපල දැනෙන්නට ඇත්තෙම නැත, නැතහොත් පමාවී ලැබේ.

මීට වසර කිහිපයකට පෙර අප්පච්චි සභාපති ලෙස සේවය සපයන සණස බැංකුවේ ලිපි කරිනියාන් ඔවුන්ව නිසි වැටුප් තලයේ පිහිටුවා නැති බව පවසමින් නඩු පවරන බව පවසමින් එන්තර වාසි එවුහ. ඒ සදහා ප්‍රධාන ශකාවේ සමහර නිලධාරීන් ද ඔවුන්ව පොළබව තිබුණි. මෙයට විරෝධ පාමින් අප්පච්චි තනතුරින් ඉල්ලා අස්වුනි. ලිපි කරිනියාන් අප්පචිගෙන් පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේ මාසික රැස්වීමේ දී ත් සමව ඉල්ලා සිටි අතර, මෙය සභාපති වරයට විරුද්දව කරන ලද්දක් නොවන බවත්, සමිතියෙන් ලැබිය යුතු වරප්‍රසධ ලබා ගැනීමට ගත් උත්සහයක් බවත් දන්වමින්, නැවත සභාපති ධූරය බාර ගන්න ලෙසත් ඉල්ලා සිටියහ. 

එතෙක් නොතිබුණු රැකියාවක්, නිසි වැටුප් පුහුණුව, pension සහිතව ලබා දීමට කටයුතු කලේ තමන් බවත්, කිසියම් අසාධාරණයක් සිදු වී ඇත්නම් පළමුව තමාට දැන්වීමට යුතුකම තිබුණු බවත්, තාම සභාපතිත්වය දරන කාලයේ සිදුවීම් වලට වග කිව යුත්ත තම බැවින් මෙය මට විරුද්ධ සිදු කල දෙයක් සලකා, ඉදිරි නීති කටයුතු වලට පහසුවක් වන සේ, නැවත ධූරයේ වැඩ භාර නොගන්න බවත් අප්පච්චි දැන්ව සිටියේය . 

ලිපිකරිනියන්ට සාමාජිකයන්ගේ දෝෂාරෝපණය, බලපෑම් එල්ල වන්නන්ට විය. සාමාජිකයෝ බොහෝ දෙනෙක් පැමිණ මේසේ නොකරන ලෙසත් ඉල්ලා සිටියහ. 

අප්පච්චි තීරණ වෙනස් කර නැවත  ධූරය බාර ගන්න බව අප ට දැන්වුවා. මේ තීරණය ගැන අපි එතරම් පුදුම නොවූ අතර මමත් මල්ලිත් නංගිත් එක හෙලම කියා සිටියේ ලිපි කරිනියාන් තමාට විරුද්ධව ක්‍රියා කර ඇති බැවින්, නැවත ඔවුන් සමග විශ්වාසයෙන් කටයුතු කල නොහැකි බැවින්, ඔවුන් ඉල්ලා අස්වන්නේනම් පමණක්  නැවත  ධූරය බාර ගත යුතු බවයි. 

"මම ම වෙකන්සි හදල, මම ම ට්‍රෙන් කරලා, මම ම රස්සාව අරන් දීල, මම ම ස්ථිර කරලා දීල, අන්තිමට මම ම  අයින් කරලා දාල, ලබන සතුට මොකක්ද. අනික මේක ඒ ළමයින් ගේ අදායම් මාර්ගය, මම මේකෙන් සත පහක් අරගෙන නෑ. අඩුම තරමින් බස් ගාස්තු, කාර් එකට පෙට්‍රල් ගහන ඒවා, ඔයාල දන්නවනේ... "

"ඉතින් එකනේ එහෙම කරලත්, වැරදි කරපු උන්ට කිසි දඩුවමක් නැනේ.. "

"දඩුවම... උන්ගේ හර්ද සාක්ෂිය දෙන දඩුවම්... "


අප්පචි එදා නිවැරදි බව මට අද වැටහේ..


No comments:

Post a Comment