කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, June 27, 2015

සති දෙක ගියේ සුටුස් ගාන කොට

සති දෙකටට ලංකාවට (Jun 27th to July 12th). 

ලංකාවට අඩිය තිබ්බම පුදුම සතුටක්  නිදහස් බවක් දැනෙන්නේ. 

 සමන්මලී මල්ලිත් මිනිහගේ වෙඩිමට ගෙදර ඇවිත්. ගොඩක් කාලෙකට පස්සේ පවුලේ ඔක්කොම එකතු වෙනවා. මිය ගිය සියලු දෙනා  සිහි කරලා පිරිතකුත් දනයකුත් දෙන්න ගෙදර ලැහැසති කරලා. හාමුදුරුවරු 15ක් වැඩමවෙව්වා. 

එක බැග් එකක් airport එකේ අමතක වෙලා අව. ඩී නැන්දගේ වෙන්න මහත්තය ගේ පිහිටෙන් බැග් එක හොයා ගත්තා .

ඇසළ පෝයත් ආවා. ගමේ දන්සලටත් සහභාගී උන. 

දවස් 4ක් කරන්ගමුවේ. 

කසබේවට අවේ. ගොඩක් කාලෙකට පස්සේ wife office එකටත් sethu මොන්ටියටත් ගිහින් දැම්ම.  හවසට එක්ක අව. මොනවා උනත් ඉස්සර කොච්චර ලස්සන අතීතයක් තිබ්බද? 

ඊලග වීකෙන්ඩ් එක ඇල්පිටිය. 

සති දෙක ගියේ සුටුස් ගාන කොට

පුදුමේ කියන්නේ එනකොටත් බැග් එකක් නැති උනානේ. පස්සේ එකත් හම්බුනා.



Monday, May 11, 2015

දරුණු වෛරසයක් ... ගාමිණී කොරතොටට බිබිලි දාල...

බබාට මීටරේ බලන්නත් ඕඕනේ 
කිරි අම්මට දෙකකක් දෙන්න හිතෙනවා 

Sunday, April 12, 2015

pk


මම අද pk මූවි එක බැලුවා.

ඒක බැලුවාම මට ගන්න තිබුනේ මම දන්න අදහන දෙයක්.

"ලෝකේ හොදම තැන ගෙදර"

සේතුගේ preschool එකේ අවුරුදු උත්සවේ තිබුනේ ඊයේ. ගිය සැරේ එකටම මැණිකෙයි දිලනුත් ආව. දැන් සේතු ටිකක් පරණ හින්ද එයාල ඇවිත් තිබුනේ නේ. උත්සවෙන් පස්සේ මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා හැමෝම එකතු වෙලා අපේ ගෙදර (කටුපොත) ගිහින්. මැණිකෙයි දිලනුයි අශ්විනුයි එයාලගේ කාර්  එකේ, සමන්මලී, සේතු, මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා අපේ කාර්  එකේ. 

මට මල්ලි නැතුව happy නෑ. මට පුළුවන් මල්ලි මෙතන තියා ගන්න. 

---

අම්ම, අප්පච්චි, සුමුදු, දෙව්, මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් හැමෝම අවුරුදු වලට එකට. මමයි මල්ලි නෑ. අවුරුද්දට ගෙදර ඉන්නේ නැති පලවෙනි පාර  මේක නෙවෙයි. ඒත් දැන් දැන් මට මහා පාළුවක් දැනෙන්න අරන්.  

"ලෝකේ හොදම තැන ගෙදර"

Monday, March 23, 2015

පුතාගේ පලවෙනි උපන්දිනේ

පුතාගේ පලවෙනි උපන්දිනේ 

අක්කට වාසිය. no monti today. ලංකාවේ හිටපු නෑදෑ පරපුර හැමෝම ඇවිත් හිටිය. සංවිධානය තනිකරම සමන්මලී. ඒක  නිසා මොකද උනේ කියල මම දන්නේ . මම නැ. කොල්ල බාප්පා වගේලු. එත් බාප්පත් නැ. චූටි මාමත් නෑ.

pizza hut එකෙන් ඕඩර් කරලා ළමා නිවාසෙට දානයකුත් දුන්න. 

පසු සටහන 
ඩී නැන්දා ෆොටෝ දල facebook එකට. පස්සේ දවසක් call කර. 

අය්යෝ මොකද්ද අය්යේ මම comment එකකුත් දැම්ම  ... ayya, we miss you a lot කියල. oya එකටවත් reply ekak දැම්මේ නැනේ. 

Sunday, March 22, 2015

මොනවද මේ අපේ ජීවිත?

හෙට පුතාගේ උපන්දිනේ. කිරි අම්මයි අත්තම්මයි දෙන්නම කස්බවේ. පොඩි උන් එයල  එක්ක උපරිමේට විනෝද වෙනවා. පොඩි උන්ට අම්ම අප්පච්චි, ඇත්ත කිරි අම්ම නැති ජීවිත මොකටද කියල හිතෙනවා.  මම මෙහෙ තට්ට තනියම. තව මස දෙක තුනකින් ස්තිරෙටම මෙහෙට එන්න තමයි plan එක තිබ්බේ. එත් දැන්නම් එයාලව ගෙන්න ගන්න දුකයි වගේ. මෙහෙ අවොත් ගෙට හිර වෙලා ඉදියි. 

මල්ලි දැන් සිගප්පුරුවට ගිහින් අවුරුදු 2 කටත් වැඩි. සුමුදුයි බබයි අම්මයි අප්පච්චි එක්ක. තව ටික දවසකින් මල්ලි එයි. ඇවිත් ඔස්ට්‍රේලියාවට යයි ස්ථිර පදිංචියට. ඒ පිටි පස්සෙන් මැණිකෙයි ඩිලානුත් යයි. 

අපේ මේ දුරස් වීම් හිත ගන්න බැරි තරම් අමාරුයි. අපේ දරුවෝ තමන්ගේ සහෝදරයෝ ඇරෙන්නේ වෙන කිසිම සම්බදයක් නැති උන් පිරිසක් වෙයි. මීට අවුරුදු 5 කට විතර කලින් අපි කොච්චර හොදට එක පවුලක් විදිහට හිටියද? සේතු මෙහෙ ඇවිත් මාස  6යි හිටියේ. එයට දෙව් ගේ නම අමතක උනා . ඉතින් ඉදිරියට කොහොම වෙයිද? 

ඇත්තටම මොනවද මේ අපේ ජීවිත?

Friday, February 27, 2015

office සහ school අතර වෙනස

දුව      : ඇයි අම්මා ඔයා එන්න ලේට් වෙන්නේ. 
අම්ම   : අම්මට office එකේ වැඩ තියනවනේ. ඒවා ඉවර කරලා එනකොට පරක්කු වෙනවා. 
දුව      : මම ලොකු වෙන්න ආස නෑ. 
අම්මා : ඇයි 
දුව      : ලොකූ උනාම office යන්න වෙනවනේ. school යන එක හොදයි. ඉක්මනින් ගෙදර එන්න පුළුවන්.




Saturday, January 10, 2015

මගේ brush එක මොන පාටද



පහුගිය ගිය දින තුනේදීම උදේ දත් මැදීමට පෙර 

"මගේ brush එක මොන පාටද"

"කොළ පාට "

අද උදේ බුරුසු තුන තියන තැනට ගියෙමි. කාගෙන් අහන්නද ?


---------
සටහන 

මේ ලෝකයේ හොදම සැමියා මම නොවෙමි. හොදම බිරිදද ඔබ නොවේ. නමුත් මට ඔබ නැතිව බැරි බව මට වඩා හොදින් ඔබ දන්නා බව දනිමි. 

අප්පච්චි, I love you so much, please come


Athlone වලින් bus එකට නැගල සේතුට seat belt දැම්ම. සෑහෙන වෙලාවක් මගේ දිහා බලාගෙන හිටිය. "Good Bye අප්පච්චි". ඇස් කදුළු කැට මතු වෙනවා. (එය හිතල තියෙන්නේ මම මෙතනින් නවතිනවා කියල )

"අප්පච්චි අපිත් එක්ක එනවනේ. දැම්ම යන්නෙ නැනේ". නෝනා කදුළු පිහ දැන ගමන් කිව්වා. 

මමත් මගේ දුවගේ නළල ඉබින අතරේ හොරෙන් කදුළු පිහදා ගත්ත . 

"OK Daddy". කට පුරවල අයෙත් හිනා වෙනවා 


-------

ගමන අතරේ ආයේ දවසක් 

අප්පච්චි, I love you so much, please come (with us)

-------
මේක ලියන්න කොච්චර කාලයක් ගත්තද? කීපාරක් අප්පච්චි ඇඩුවද කියල  ඔය දන්නේ නෑ මගේ දුවේ. අප්පච්චිත් ඔයාට ගොඩක් ආදරෙයි 

Friday, January 9, 2015

දින 5ක් ලන්ඩනයේ


කාලය ඉගිල්ලෙනවා. මාස 6 කුත් ගෙදිල ගිය. අනිත් අයට  යන්න කාලේ ඇවිත්. ආපහු යන අතරේ දවස් 5 ක ලන්ඩන් සංචාරයක් දාගත්ත. අරන් යන්න බඩු ගොඩයි. අත පය දාල ආවත් මගේ නෝනා බඩුනම් දාල යන්නේ නෑ. ආවට පස්සේ කන්න මට කෑම ගොඩකුත් හදලා. 

3 වෙනිදා හවස Athlone වලින් එන්න පිටත් උන. මගේ යාලුවෝ චිරාග්-භූමිකා , සවුරව්-මායා  අපිව ඇරලවන්න bus station එකට ආවා. bus එකෙන් ඩබ්ලින් වලට එතනින් ෆෙරියේ එංගලන්තයට. නැවත bus එකෙන් ලන්ඩනයට. 

4 වෙනිදා උදේ අමාරුවෙන්, තරහ වෙවී යාලු වෙවී  හෝටලයට ආවා 

ලන්ඩන් අයි, වෙස්මිනිස්ටේර් ඇබේ, බිග් බෙන්, තේම්ස් නදියේ බෝට්ටු සංචාරය, ලන්ඩන් කුලුන, කෞතුකාගාරය, වෙලින්ටන් අරුක්කුව, බකිංහම් මාලිගය අවට, රාජකීය ඇල්බට් ශාලාව, කෙනිස්ග්ටන් මාලිගය හා උද්‍යානය, මඩමි ටුසඩ්, ලංකාවේ සේකරගේ ලන්ඩනයේ රෙස්ටුරන්ට් එක අපේ සිත් ගත් තැන් උන. 

8 වෙනිදා රෑ 8.50 ට (තරහ වෙවී යාලු වෙවී ) UL 504 යානයේ නෝනත් දුවත් පුතත් ලංකාව බල පිටත් උන. මම ආපසු හෝටලයට.