කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, May 25, 2010

බම්බුව

තියන වැඩ රාජකාරි හින්දම ගෙදර (සමහරුනම් කියන්නේ මහ ගෙදර කියල. එත් මට තාමත් එක මගේ ගෙදර. ) යන්න වෙන්නේ මාසෙකට සැරයක් විතර. ඔයවගේ ගෙදර ගිය දවසක අම්ම ලස්සන කතාවක් කිව්වා.

අම්ම කුස්සියේ වැඩ කර කර ඉන්නකොට කවුද කතා කරනවා ඇහෙනවලු ගේ ඉස්සරහින්.

"නොනමහත්තය... නොනමහත්තය, මේ බම්බුව දන්නේ කොහෙන්ද?"

අම්මත් ටිකක් ඔනෙකමින් කන්දීල බැලුවාලු, අයෙත් ඇහෙනවා...

"නොනමහත්තය... මහත්තය මේ බම්බුව දෙන්න කිව්වා"

අම්මත් ඉස්සරහට ගිහින් බැලුව මොකද වෙලා තියෙන්නේ කියල.

"නෝනා මහත්තය. මහත්තය මේ බම්බුව තියන්න කිව්වා. කොහෙන්ද තියන්නේ"

බලපුවම අප්පච්චි මොකද්ද වැඩකට pipe එකක් අරන්. එක හන්දියේ ඉන්න කෙනෙකුට දීල ගෙදරින් ගිහින් දන්න කියල. එකට තමයි අර මනුස්සය බම්බුව කියල තියෙන්නේ. අම්මට මැරෙන්න හිනලු.
:D

4 comments:

  1. හි හි හි....මාර බම්බුව තමා

    වර්සඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  2. කාලෙකට ඉස්සර හිමිකරු විසින්

    වර්සඩ් වෙරිෆිකේශන් අයින් කලා. comments වලට ස්තුතියි

    ReplyDelete
  3. ෆික්සු ආ...............!!! එල එල...!!

    ReplyDelete