කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, June 1, 2010

වෙසක්

දවස් 4 ක දිග නිවාඩුවක් තිබුණු හින්ද මේ මාසෙට දෙවෙනි පාරටත් ගෙදර එන්න හම්බ උන. 26 බදාදා හවස 1 ට විතර මමයි wife  යි ගෙදර එන්න පිටත් උන ඇල්පිටියෙන්. car එකත් විකුනන්න හිතාගෙන හිටිය හින්ද වෙනදට වඩා ටිකක් හෙමින් drive  කරන්න උනේ. රත්මලානේ අය්යලගේ (wife ගේ) ගෙදර එනකොට 3.45 විතර වෙලා. wife ගේ ගෙරදින් අය්යාලට දීල තිබුණු අඹ පංගුව එහෙම දීල එහෙත් ටිකක් වෙලා ඉදල land  එකක් බලන්න ගිය නුගේගොඩ තලපත්පිටියේ. එකත් බලාගෙන කොලබින් පිටවෙනකොට 6 විතර වෙලා. traffic එකත් තිබුණු හින්ද ගෙදර එනකොට රෑ 9.30 විතර උන.

"ඔයාලට ඉතින් කොච්චර කිව්වත් රෑ වෙනකල් හිටියේ නැත්නම් ගමන සම්පුර්ණ නැනේ" . අම්මගේ සුපුරුදු රාත්‍රී ගමන් විරෝදය.

සුපුරුදු පරිදි මල්ලිත් කලින්ම ගෙදර ඇවිත් හිටිය. කොහොමින් කොහොමින් හරි වෙසක් සමරන්න ගෙදර අව.

අම්ම උදේම සිල් ගන්න ගිහින්. කෑම බීම හදල ගිහින් තිබුන. wife පස්සේ තවත් මොනවද හැදුවද කොහෙද. දවල් වෙලා ටිකක් ලොකු වන්දනා ගමනක් යන්න හිතාගෙන හිටියත් මල්ලිගේ උන ගතියයි, අම්ම නැති එකයි දෙකම හින්ද ගමන පහුවෙනිදට කල් දැම්ම.

පොඩි දවස් වල කොල්ලෝ එක්ක පහල වත්තේ උන පැදුරෙන් ගස් පෙරලගෙන, කොටු කපල සුද්ද කරලා වෙසක් කුඩු හදල අලෙව්වත්, ටිකෙන් ටික ඒවාට යොදවන්න තිබුණු කලේ ඇහිරුණ. මුලින්ම වත්තට ගිහින් උන ගස් කපන එක නැවතුන. කවුරු හරි කපල ගෙනත් දුන්නු ගහක් සුද්ද කරලා වෙසක් කුඩු හැදුව, පස්සේ ඒක කපල සුද්ද කරලා දුන්නු කෝටු වලින් කුඩුවක් විතරක් හදන තැනට ආව. මීට ඖරුදු දෙකකට උඩින් මේ විස්තරේ නැවතුනේ, හදල දුන්නු කූඩුවකට කොළ ඇලවීමෙන්. එකත් හොදයි කියමුකෝ.

එත් ගිය අවුරුදු දෙකේ අපි ලංකාවේ හිටපු නැති හින්ද අම්ම කුඩු හදන එක සම්පුර්නෙන්ම outsource  කරලා තිබ්බ. මේ පාර ගෙදර යනකොට අප්පච්චි කුඩුවේ structure (යකඩ එකක්) එක outsource කරලා තිබ්බ.

කොහෙවත් ගියෙත් නැති හින්ද wife කොළ අලවන වැඩේ බර ගත්ත. එයා වැඩේ කරන අතරේ ගත්තා ෆොටෝ එකක් thamayi මේ. මොනවා උනත් එන්ඩ් එක හොදට අව.







මෙච්චර විස්තරයක් ලියන්න හේතුව තමයි, හිතට ගත්ත අධිෂ්ඨානයක්.

"ලබන පාරනම් කොහොම හරි අපේම කුඩුවක් අයේ හදනවා. " (ලංකාවේ හිටියොත්)


එදා රැ මමයි අප්පච්චි wife ගමේ පන්සලට ගිය. ගමේ මරණයක් (අමිල රුවන්) හින්ද දුර වන්දනාවේ යන එක නැවතුන.

5 comments:

  1. කාලෙත් එක්ක මිනිස්සුන්ට දුවන්න වුණාම ඔහොම තමා අයියා :)

    ReplyDelete
  2. කාලෙකට ඉස්සර හිමිකරු විසින්

    @ හසිත
    ඔව් ඒක ඇත්ත. අපි කැමති උනත් නැතත් අපිට කාලය එක්ක දුවන්නම වෙනවා

    ReplyDelete
  3. කාලය එක්ක දුවන්න වෙනවා... ඇත්ත. ඒත් එතකොට අපිට ජීවිතය අමතක වෙනවා....

    ReplyDelete
  4. ඇල්පිටිය අපට අල්ලපු ගමක්නේ.
    වැඩ රාජකාරි කරද්දි සැහැල්ලුවෙන් හිටපු කාලේ කරපු දේවල් කරන්න බෑනේන්නම්

    ReplyDelete
  5. කාලෙකට ඉස්සර හිමිකරු විසින්

    @ ගයන්,
    ඇල්පිටිය කියන්නේ අපේ ගම නම් නෙවෙයි. නෝනා වැඩ කරන්නේ ඒ ලග. එකයි අපි එහෙ ඉන්නේ. මම කුරුණෑගල.

    ReplyDelete