කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, June 26, 2010

පොසොන් දවසේ නත්තල්

ඊයේ පොස්සෝන් පොයනේ. පන්සලකටත් ගොඩ වෙලා දන්සක් හම්බුනොත් දන්සලත් වැදලා නැති උනොත් හොටෙල් එකකින් හරි කාල,  එන්න කියල කිතාගෙන මමයි wife යි එලියට බැස්ස. ප්‍රදාන පාරට වැටෙන කොටම බත් දන්සක්. car එක පාර්ක් කරලා බහින කොටම එතන හිටපු කෙනෙක් (දන්සල් සංවිධායකයෙක් වෙන්න ඕනේ) කිව්වා,

"දැන් නම් ඉවරයි. ආයේ 6.00 විතර තමයි පටන් ගන්නේ කියල"

එහෙන්මම ටවුන් එකට ආව. වෙලාවට පොඩි බත් කඩයක් සෙට් උන. කෑම කල බිල ගෙවන්න counter එකට ගියාට පස්සේ එතන ඉන්නවා පොරක්, නස්පියට ගහල. ඇග නැවෙන්නේ නැති තැන්වලින් හිටන් නැවෙනවා.

"මු.. මුදලාලි, මට දෙන්න... සිගරට් 2 ක්, මෙන්න 40, ඉතුරු දෙක ටිප් එක.. "

මුදලාලි සිගරට් 2 දෙන ගමන් මෙහෙම කිව්වා.

"ආ.. අද බස් දුවන්නේ නැති හින්ද පාර්ක් එකේ ඔක්කොටම පොසොන් හින්ද නත්තල් නේද?"

කතාව සරල උනත් ටිකක් සංකීරනවා හිතන්න කියවන යට භාරයි.

මෙ කතාවටම ටිකක් සම්බන්ධ කතාවක් මතක් උනා. මේක කියන්නේ ආගමකට නිගරු කරන්න නෙවෙයි. එත් මේ තමයි ආගම් (බුදු සසුන අමගක් නෙවෙයි කියල තර්ක කෙරුවත්, අපි කියන්න හුරුවෙලා තියෙන්නේ බුද්ධාගම කියලනේ ) දෙකක වෙනස. ආගම් දෙකක වෙනස කෙසේ වෙතත් ආගම් දෙක අදහන වෙනස.

කතාව මේකයි

ඔන්න ලංකාවට ආව සංචාරකයෙක්, මිනිහගේ නිවාඩුවට. මිනිහ බීමට හරිම පෙරේතයි. ආගමක් දහමක් නෑ.
මේ සංචාරකයා අපු ගමන් බොන්න හොයන්න පටන් ගත්ත. යන යන තැන bar ඔක්කොම වහල. මිනිහට හරි පුදුමයි.

"අයි මේ ඔක්කොම බාර් වහල?" පාරේ හිටපු කෙනෙකුගෙන් මිනිහ විස්තරේ ඇහුව.
"ඇයි දන්නේ නැද්ද? අද වෙසක් පොයනේ. සතියක් බාර්, මස්කඩ වහල". අපේ යාළුවා මිනිහට පැහැදිලි කළා.
"ඉතින් ඇයි බාර් වහන්නේ?"
"වෙසක් පෝය දවසක තමයි සිදුහත් තවුසා බුදු උනේ. අපි එක සමරනවා. (අඩුම තරමින්) එදාට (වත්) බෞද්දයෝ බොන්නේ නෑ. එදාට රජය බාර් වහන්න නියෝග කරලා තියෙන්නේ ඒකයි"
සංචරකයට full upset .
සංචාරකයා මිනිහගේ නිවාඩුව ඉවර වෙලා අපහු ගිය.

ඊලග නිවාඩුවටත් මේ සංචාරකයා ලංකාවට ආව. බාර් එකකට යන්න  කියල හිතාගෙන එලියට බැස්ස.
මෙන්න වැඩක්, හැම ගෙදරකින්ම අඩගහල බොන්න දෙනවා.

"ඇයි මේ?" සංචාරකයාට full ම upset
"අය්යෝ, එකවත් දන්නේ නැද්ද? අද වගේ දවසක් තමයි අපේ ජේසු තුමා, කුරුසේ ඇන ගහල මැරුවේ. අපි මේ එක තමයි සමරන්නේ"
"අපරාදේ ?"
"ඇයි ?"
"නෑ....  ඇන ගහන්න තිබුණු කෙනා බුදු උනා...  බුදු වෙන්න තිබුණු කෙනාට ඇන ගැහුවා. "

ප.ලි
සංචාරකයා ආගමක් දහමක් නොදන්නා පුද්ගලයෙකු බැවින් ඔහුට හා ඔහුගේ  වචන හැසිරීමට සමව දෙන්න.

4 comments:

  1. අර සංචාරකයා දෙවෙනි පාරත් ලංකාවට ආපු එක තමයි පුදුමෙ

    ReplyDelete
  2. කතාව පොඩ්ඩක් වැරදියි වගේ. මොකද ජේසු තුමා කුරුසෙ ඇන ගසූ දිනයට කියන්නෙ "මහ සිකුරාදා" කියලා ඒක මිනිස්සු සමරන්නෙ එක්වරු සහ ගොඩ මස් වලින් වැලකිලා. නත්තල් දිනය තමයි මිනිස්සු සමරන්නෙ එදා තමයි ජේසු තුමා ඉපදුනේ.

    ඉතින් මහ සිකුරාදා ලංකාවේ නීතියට අනුව පෝය දින මෙන්න බාර් වැසිය යුතුයි.

    ReplyDelete
  3. පෝය දවසේ හොර පොට් එකක්වත් හොයාගන්න වුණේ නැද්ද සුද්දට ? :) :) :)

    ReplyDelete
  4. රොකියා,
    සමා වෙන්න ඕනේ. මේක මම අහපු කතාවක් විතරයි. මට හිතෙන්නේ මේ post එක delete කලානම් හොදැයි වගේ

    ReplyDelete