කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, July 1, 2010

ඕපන් සොලාරිස් අවසනයිද?

සන් කොම්පැනිය (There is no 'පැනි' in company :) ) තරම් ඔපෙන් සෝස් සොෆ්ට්වරේ වලට back කරපු කොම්පැනියක් තවත් නෑ. අවාසනාවකට ලෝකේ අතිඋනු ආර්ථික අර්බුදෙත් එක්ක සන් කොම්පැනිය විකිණුව ඔරකල් කාරයින්ට. IBM එකත් bid  කළා. එත් ඔරකලනේ දිනුවේ. ඔරකල්, සන් ගන්න වෙලාවෙනම් කිව්වේ, සන් වගේම OSS වලට හෙල්ප් කරනවා කියල. මේ ලගදී ඔරකල්  චීෆ්  කොර්පරට් අර්චිටෙච්ට් එඩ්වර්ඩ් ස්ච්රෙවෙන්, ඔරකල් මැගසින් එකට ඉන්ටෙර්විව් එකක් දීල තිබ්බ එයාලගේ open source strategy එක ගැන. The first thing that I want to point out is that Oracle doesn’t really have an open source-specific strategy. What we have is an overall company strategy.

දැන් හරිනේ, ඒ බව හොදටම පේනවා,

සාමාන්යෙන් ඕපන් සොලාරිස් මාස 6 න් 6 ට අලුත් නිකුතු එලියට දැම්ම. එත් 2009 - 06 න් පස්සේ කිසිම release  එකක් එලියට අවේ නෑ.  හරි විදිහටනම් 2009-11, 2010-05 කියල 2 ඇවිත් තියෙන්නේඕනේ.

මම හිතන්නේ 
ඕපන් සොලාරිස් අවසනයි,

අහෝ සන් ! ඔබ සිටියා නම්

ප. ලි.
ඕපන් සොලාරිස් තමයි හොදම GUI එකක් තිබුණු ලිනක්ස් දිස්ට්‍රිබුෂන් එක. පස්සේ නිම්බුස් තීම් එක අව අනිත් දිස්ට්‍රිබුෂන් වලටත්.  බලන්න මගේ උබුන්ටු උඩ නිම්බුස් තීම් එක පේන අපුරුව



2 comments:

  1. විවෘත කේත මෘදුකාංග නිපදවන සමාගම්, ඒ ඒ මෘදුකාංගය අත්හැර දැමීම ගැන බය වෙන්න දෙයක් නෑ. ඇත්තෙන්ම එය සමාජයට අවැසි මෘදුකාංගයක් නම්, තවත් පිරිසක් එය බාරගෙන සංවර්ධන කටයුතු කරනු ඇති. එය විවෘත කේත මෘදුකාංග වල දක්නට ලැබෙන වැදගත් ලක්‍ෂණයකි.

    නමුත්, යම් හෙයකින් Microsoft ආයතනය මගින් Windows මෙහෙයුම් පද්ධතිය අත් හැර දැමේ නම් - සහ ඉන්පසුව හෝ එහි කේත විවෘත කරන්නේ නැතිනම් - එය Windows හි අවසානය බව පැහැදිළිව කිව හැක!

    [said]
    ඕපන් සොලාරිස් තමයි හොදම GUI එකක් තිබුණු ලිනක්ස් දිස්ට්‍රිබුෂන් එක.
    [/said]

    Solaris හෝ OpenSolaris යනු Linux distribution එකක් නොවේ. MacOS, Windows වැනි වෙනමම මෙහෙයුම් පද්ධතියකි.

    එය ලිනක්ස්වලට සමානතාවක් දක්වන්නේ එම මෙහෙයුම් පද්ධති දෙකම Unix-like ඒවා වීම නිසයි. OpenSolaris සඳහා පාදක වුනු Solaris නම් කෙලින්ම Unix පද්ධතියකි.

    එමෙන්ම, Unix-like මෙහෙයුම් පද්ධති සඳහා නිර්මාණය වී ඇති GNOME desktop environment එක Linux මෙන්ම OpenSolaris මතද දුවන නිසා, OpenSolaris හි පෙනුමද Linux හි පෙනුමට සමාන ලෙස දැනිය හැකිය. නමුත් ඇත්ත නම් ඒ Linux හෝ OpenSolaris වල පෙනුම නොව, GNOME DE හි පෙනුම බවයි.

    ReplyDelete
  2. බුධාජීව මලය කියනකන් ම මමත් හිතුවෙ ඕපන සොලාරිස් කියන්නෙ ලිනක්ස් එකක් කියල නෙව.

    එල එල අද දැනගත්ත නෙව.

    ReplyDelete