කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, May 4, 2012

වෙනස

ඒ මිලේනියම් ප්ලාස  හි 16 වෙනි තට්ටුවයි. 1606 නිවසයි. විදුලි සීනුවක් තිබුනත් මට ම අවේනික තාලයකට  දොරට තට්ටු කරන්නට වීමි. 

"අන්න අප්පඡ්චි ඇවිල්ලා...  අන්න අප්පඡ්චි ඇවිල්ලා... මගේ අප්පච්චි... බබාගේ අප්පච්චි නෙවෙයි... මගේ අප්පච්චි..."

කෙතරම් වෙහෙසට පත්වී සිටියත් සතුටු සිනා ඇදෙන්නේ නිරායාසයෙනි. 

දොර විවර වේ.

සුපුරුදු සිනහවෙන් ඇය  මා  පිලිගන්නීය. 


"පේනවද ඔයාව හරිය පෙන්නේ නැති නිසා නැවිලත්  බලාගෙන ඉන්නේ"


දුවට තාමත් නිසි ලෙස හිටගන්නටවත් නොහැකිය. අම්ම නිසා මා හරි හැටි නොපෙනෙන බැවින්  ඉදිරියට නෑවී මා බල ගැනීමට උත්සහ දරන්නීය

මාදුටු විගස මුව පුර සිනා සෙමින් ද හිස ඉහළටත් පහළටත් සොලවමින් ද තලු මරමින්ද ඇස පුංචි කරමින්ද ඇයගේ සතුට ද පල කරන්නීය. 

ඇයව වඩාගෙන හුරතල් කරමින් ඇදෙ වැඩි උනෙමි.


"ඔය අදත් පරක්කුයි. චූටි බබයි  මමයි තුන් පාරක්ම පහලට ගිය ඔය එනවද බලන්න. දැන් මෙයට හොදට තේරෙනවා. වෙන ගෙවල් වල දොරවල් වල සද්ද වලටත් හැරිලා බලනවා ඔය එනවද කියල."

..........

මම දොර අරගනිමින් පලු කාමරයට ඇතුල් උනෙමි.

No comments:

Post a Comment