කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, May 22, 2012

ගත්තු වෙලාව ෆොටෝ එකට



මේක මම ගොඩක් කාලෙකට ඉස්සර ලියපු පොඩි ටූල් එකක්. සමහර විට මේක තව කෙනෙකුටත් ඕනේ වෙන්න පුළුවන් හින්ද ලියල දන්නා හිතුන.

මම මගේ කැමරාව ගත්තේ මීට අවුරුදු 4කට විතර කලින්. සෝනි Cybershot T70. මට තිබුනේ ටච් පිස්සුවක්නේ. ගන්නකොට ලංකාවේ ගානෙන් 65,000 ක් විතර උන. දැන්නම් හිතෙනවා කරපු මෝඩකම් කියල. මොනවා උනත් කියන්න තරම් වරදක් නැ . එකක් ඇරෙන්න.

කැමරාවේ මොන තරම් ෆීචර්ස් තිබුනත් මේකේ ගත්ත වෙලාව ෆොටෝ එකට දන්නා ක්‍රමයක් නේ. පිකාස වගේ ටූල් වල වෝටර් මාර්ක් වගේ දන්නා පුළුවන් උනාට මේ වැඩේ කරන්න බෑ


ඉතින් එකට විසදුමක් විදිහට මේ පොඩි ටූල් එක ලිව්වා.
නියමෙට වැඩ. මතක තියා ගන්න ගත්තු වෙලාව ඉමෙජ් එකේ මෙටා ඩේට එකක් විදිහට තියෙන්නේ. හැබැයි නැත්නම් ලාස්ට් updated ටයිම් එක ගන්නත් මේකට පුළුවන්. ඕනේ නම් තනි file එකක් නැත්නම් ෆෝල්ඩර් එකක් උනත් ඉන්පුට් එක විදිහට දෙන්න පුළුවන්.

මගේ දුව ආවට පස්සේ තව පොඩි ෆීචර් එකක් එකතු උන. ඒතමයි කිසියම් දවසක ඉදල ගත්තු දවසට අවුරුදු , මස, දින, ගණන. මට ඕනේ උනා එයා ඉපදුණු
වෙලාවේ ඉදලා පොටෝ එක ගත්තු දවසට එයාගේ වයස දන්නා. දැන් ඒ ෆීචර් එකත් තියනවා.

ඔය තමයි දැනට කරන්න පුළුවන් වැඩ.

පෙර


පසු (2007 නොවැම්බර් 1 සිට කාලය )



මේක පාවිච්චි කරන්න තිතනවානම්

  • ජාවා 5 හරි 6 හරි ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. 7 වැඩ කරන්නේ නැ 
  • මෙවන් තිබුනොත් වැඩේ ලේසියි.  (නැත්නම් ඉතින් ඩවුන් ලෝඩ් කරගන්න)
  • මෙතෙන්ට ගිහින් සෝස් එක ගන්න 
  • cham.open.InfoAppender.gui.MainFrame එක රන් කරන්න
  • මේ තියෙන්නේ ඉන්ටෙර්ෆෙස් එක 

  

*** ඔරිජිනල් ෆොටෝ එක බැකුප් කර ගන්න මොකද ටෙක්ස්ට් එක කෙලිම ලියවෙන්නේ සෙලෙක්ට් කරන ෆයිල් එකට.

ප . ලි 
වෙලාවක් තිබුනොත් මීට වඩා ලේසියෙන් රන් කරන්න විදිහක් දැන්නම්
 

2 comments:

  1. වැඩේ නම් නියමයි. ඒත් ජාවා වෙනම දාන්නේ නැතුව ස්ටෑන්ඩ් අලෝන් වැඩ කරන්න ලිව්වනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, කොහොම උනත් ජව (JRE) නම් දාගන්න වෙනවා. එත් පොඩි ස්ක්‍රිප්ට් එකක් දැන්නම් මීට වැඩ ලේසියෙන් රන් කරන පුළුවන් වෙන්න.

      Delete