ගෙවෙමින් තිබෙන්නේ පිලිපීනයේ ගෙවෙන අවසාන දින කිහිපයි. වෙලාව ගතවෙන්නේ ඉතාම සෙමිනි. කලයුතු විශේෂ වැඩක්ද නැත. තිබුනත් මම ඊට සුදානම් නැත. මෙවර මට පිලිපීනයට එන්නට සිදුවූයේ නොසිතු අවස්ථාවකය. යන්නට සුදුවන්නෙත් නොසිතු මොහොතකය. නමුත් යා යුතුය.
ගෙවුණු මාස හය තුල ජීව්තයට ඉතා සතුටු දායක දේවල් මෙන්ම නැවත ලැබිය නොයුතු අමිහිරි දේවල්ද එකතු උනි.
ඒ ජීවිතයේ ස්වභාවයයි. සිහින සියල්ල ඉටු නොවේ. සියල්ලම සිහිනම පමණක්ද නොවේ.
බොහෝවිට මම මේ මගේ පිලිපීනයේ අවසාන සංචරයි. (මීට පෙර අවස්ථාවේ සිතුවෙත් එසේමය )
මේ කාලය තුල සමන්මලී සහ දුව සමග ගතකල මස දෙකත්, මිතුරන් වූ අලිස්ටේයර්, ඊන, බනි, ස්පිරෝ, අනෙස්ටේසිය, ඩේවිඩ්, එරික්, පිලාම් ලයිෆ් බිල්ඩිම, සීටෝම්, මකාටි වීදිය, අයාල ට්‍රිඅන්ගල් පාර්ක්, අයාල, ග්‍රීන් හිල්ස් , ප්ලාසා ෆෙයාර් (සමන්මලිගේ ලාබ කඩ.) බර්ජය හෝටලය,ඉන්ටර්නැෂනල් ඉන්න හෝටලයේ 402 කාමරය, සිටඩෙල් හෝටලය 1502 කාමරය, මිලේනියම් ප්ලාස 1606 කාමරය, රතු විදුලි බුබුළු වීඩිය (බුරුගොස්
), ඉන්දියානු මිතුරන් වූ සුරේෂ්, සෙල්වා, පකිස්තානු මිතුරා මොහොමඩ්. එ. අ . එ මිතුර ෆහඩ්
අවසාන දිනවල හමුඋනු එංගලන්ත මිතුර රිචඩ් (ලංකාව සිලෝන් කාලයේ ලංකාවේ හැදී වැදුනෙකි ) කිසිදා මතකයෙන් ඉවත් නොවනු ඇත.
පැමිණියේ 2011 නොවැම්බර් 09 බදාදා ,
පිටවන්නේ 2012 මැයි 30 බදාදා
29, 12.36 කෑම බෙදන ගැණු ළමයාගෙන් අවසාන කෑම එක ගෙන අත වන ආපසු හැරුනෙමි.
29, 13.48 බොර්ඩින් පාස් ඇබි ප්‍රින්ට් කරලා දුන්න. ස්තුතියි ඇබි.
No comments:
Post a Comment