කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.
ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි.
කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න
Sunday, July 1, 2012
ලෝකයේ දේශීය බැංකුව සහ ලංකාවේ දේශීය බැංකුව
අද අප්පච්චි එක්ක ගැටුමක් ඇති උන. ගැටුමක් කිව්වට මත ගැටුම් දෙකක්. අද උදේ ඇති උණු සිද්දියක් හින්ද එක්තරා රාජ්‍ය ආයතනයක කාර්යක්ෂම භාවය ගැන අප්පච්චි දෙස් දෙවොල් තියන්න ගත්ත.
"අපි නම් කවදාවත් මහජනයා මේ විදිහට රස්තියාදු කරන්නේ නෑ. තමන්ගේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් ඒ මිනිහ මොකටද"
සුපුරුදු විදිහට අප්පච්චි ලංකා බැංකුවේ ගුණ වර්ණනාව පටන් ගත්ත. මටත් ටිකක් විරුද්දව කතා
කරන්න හිතුන.
"මොන පිස්සුද? ලංකා බැංකුවේ පෝලිම කොච්චර දිගද? පැය කීයක් හිටගෙන ඉන්න ඕනෙද? එහෙමද අපේ බැංකු. අපිටම වෙන් උණු ඒජන්ට් එකෙක්. අපිටම් වෙන් උණු පෝලිමක්. පෝලිමේ කවුදුවත් නේ. උපරිම එක්කෙනයි. අනික අපි අපේ වැඩේ කරගන්නේ බොහොම ගාම්භීර විදහට වාඩි වෙලා. ඔයාල එහෙමද " මම HSBC එක ගැන කිව්වා.
"ඔව් HSBC එකේ එක කස්ටමර් කෙනෙකුට 5 ක් 6 ක් වෙන්න කට්ටිය ඉන්නව. ඉතින් එකකොට එහෙම කරන්න පුළුවන්. අපේ එහෙමද?"
"ඉතින් එකට වරද අපේද? ස්ටාෆ් එක මදිනම් එක කියන්න ඕනේ කස්ටමර් ද?"
"HSBC එකට එහෙම කරන්න පුළුවන් මොකද ඔයාලගෙන් සුර කනවා"
"මොන පිස්සුද. ඔයාලයි මගෙන් සුර කෑවේ. මම සල්ලි එවන හැම පාරම ඔයාල රුපියල් 6000k කපා ගත්ත . එත් HSBC එක ගත්තේ 400 යයි. එක අමතක කරමු. අප්පච්චි ATM එකෙන් සල්ලි ගන්න හැම පාරම රුපියල් 5 ක් කපනවා. වෙන බැංකුවක ATM එකකින් ගත්තොත් 75 යයි . එත් මට.. ලංකාවේ ඕනෑම බැංකුවකින කීපාරක් සල්ලි ගත්තත් සත 5 ක් වත් ගන්නේ නෑ. කවුද මව සුරගෙන කල තියෙන්නේ ලංකා බැංකුවද HSBC එකද "
"
"අපි ඉන්නේ රටේ සාමාන්‍ය මහජනයාට සේවය කරන්න. අපේ ලබයේ හැම සතයක්ම යන්නේ මහා භාණ්ඩාගාරයට. එත් ඔය HSBC එකේ ලාබෙ යන්නේ පිටරට සුද්දන්ගේ සාක්කුවට"
"ඉතින් මට එක ප්‍රශ්නයක් නේ. මට සාමාන්‍ය මහජනයා හිටියත් එකයි නැතත් එකයි. මට මගේ වැඩේ ලාබෙට ඉක්මනට වෙනවනම් එච්චරයි"
"මොන දේ කරන්නත් කලින් රට ට ආදරේ වෙලා ඉන්න ඕනේ. ඔය ප්රිවට් බැංකුවලට යන්නේ රට ගැන හිතන්නේ නැති නරුමයෝ "
සංවාදේ ඔහොම ඇදිල ගිය..
...
මොනවා උනත් ලංකා බැංකුව නිසා තමයි අපි 5 , 6 දෙනෙක් කල ඇදල හිටියේ.
ජාතියේ මහා පහන් ටැඹ, ඔබට මගේ උත්තමාචාරය..
Labels:
ගෙදර තොරතුරු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment