කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, July 26, 2012

ඔය තියන සද්දේ තමයි මහත්තයා



බබා හින්ද ගෙදර ෆෝන් එකේ රිගින්ග් වොලියුම් පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. එත් ඕකට ගොඩක් අය  දෝෂාරෝපණ එක එක කතා කියා කියා තිබුනේ 


ඔහොම තියෙද්දී දවසක් අප්පච්චි ගෙදර ෆෝන් එකට කෝල් එක අරන්. අපි කවුරුවත් හිටියේ නෑ. වැඩට ඉන්න ගැණු  කෙනා (නම සිංහලෙන් ලියන්න අමාරුයි) තමයි ෆෝන් එක අරන් තියෙන්නේ. 


අප්පච්චි ඔක්කොටම අන්වර්ත් නම් දන වගේ බබාටත් නමක් දල. නම තමයි "සද්ද". මොකද හැම වෙලාවේම සද්ද දන හින්ද. 

ඉතින් අප්පච්චි අහල කෝ දැන් "සද්ද" කියල. බබා කෝ කියල අහල තියෙන්නේ. 

වැඩට ඉන්න ගැණු කෙනා ගත කටටම කියල තියනවා 

"ඔය තියන සද්දේ තමයි මහත්තයා"

 





3 comments: