කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, September 20, 2015

මොනවද දෙන්න ගෑනියි මිනිහයි වගේ කුටු කුටු ගන්නෙ


තවත් එක් සති අන්තයක්. කලෙකට ඉස්සර උනු දේවල් මතක් වෙන්නෙ ඉබේම වගේ. පාලුවෙන් තනිකමෙන් ඉන්නකොට තමයි සුන්දර අතීතය මතක් වෙන්නෙ

මගෙ වයස අවුරුදු 10 ක් 11ක්  විතර ඇති.  මල්ලිට 8 විතර. අප්පච්චි ප්‍රවුර්ති අහන්න පුරුදු කරල තිබුනෙ. ඔය කලෙ පුද්ගලික විද්යුත් මාධය තිබ්බෙ නෑ. 88, 89 කලෙ රටේ වෙන දෙවල් අහුවෙ බි. බී සී සින්හල සෙවයෙන්. හරියට අහෙන්නෙත් නැ. කෙටි තරන්ග වලින් අහන්නෙ. මමත් මල්ලිත් රෙඩියො එක ඇදට අරගෙන බී. බී. සී එක අහනව. මට තාමත් මතකයි එල්මො ප්‍රනාන්දු ගෙ කට හඩ. බීබීසී ලෝක සේවයට එල්මො ප්‍රනාන්දු කොලබ සිට

අනිත් චැනල් එක තමයි වෙරිටාස්. මතක විදිහට ඕක අහු උනෙ මටයි මල්ලිටයි. අපි මෙකට කැමතියි. කලින් පටන් ගන්න හින්ද. 

රේඩියො එකත් දාගෙන මමත් මල්ලිත් ඉස්කොලෙ උනු දේවල් කතා වෙනව. බෙඩ් ශීට් එකත් පොරව ගන්නවද කොහෙද. සෙල්ලම් කරපු හැටි. මම කීයක් ගහුවද මෙයා කීයක් ගහුවද් අවුට් උනෙ කොහොමද්?

මට තාමත් මතකයි. මල්ලි ගෙ යලුවෙක් පිනුම් ගහන විදිහ රස කර කර මිනිහ විස්තර කරනව. (මල්ලි කොහොම හරි පිනිම් ගහන්නත් ඉගෙන ගත්තා.  මට පිනුම් ගහන්නත් බෑ. ඉගෙන ගන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ )

ඔය වගෙ දේවල් කතා කර කර ඉන්නකොට කාමරෙට අපු අම්ම හරි, කිරි අම්ම හරි අහුව 

මොනවද දෙන්න ගෑනියි මිනිහයි වගේ කුටු කුටු ගන්නෙ

කියල. 

No comments:

Post a Comment