"ඇයි බබා. හා දැන් නිදාගන්න."
"මම ඒක හිතල කලේ නෑ. බැරි වීමකින් උනෙ. කාටවත් කියන්න එපා."
"මොකද්ද."
"මගෙ අතින් මල්ලිගෙ ඇගිල්ල කැඩුන. අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ"
සමන්මලිත් බය වෙලා නැගිටල බැලුවා. මල්ලි එහා පැත්තෙ සැපට නිදි.
"මම ආදරේට මල්ලිගෙ ඇගිල්ල ඇල්ලුව උම්ම එකක් දෙන්න. එතකොට තමයි කැඩුනෙ."
"නෑ බබා. මේ මල්ලි නිදාගෙන ඉන්නෙ. එයට මොකුත් වෙලා නෑ."
"එයා පොඩි හින්දා ආයෙ ඇගිල්ල එනවා නේද? මොකුත් වෙන්නෙ නැති වෙයි නේද?"
"නෑ. සුදු බබා ඔයා බය වෙන්න එපා. මල්ලි මේ හොදට නිදාගෙන ඉන්නෙ. ඉන්න මම ඔයට මල්ලිගෙ ඇගිලි පෙන්නන්න."
නිදාගෙන ඉන්න මල්ලිගේ අත් දෙකම ප්‍රවේසමෙන් ගෙන අක්කාට දුන්නාය.
ඇගිලි එකෙන් එක පරීක්ශා කලා. අන්තිමට නිදා සිටින මල්ලිගෙ අත් දෙකම අල්ලා උම්ම එකක් දී අක්කා නැවතත් කොට්ටයට බර වූවය.
"මට ඒ වෙලාවෙනම් ගොඩාක් දුක හිතුනා. සෙතූ නම් මල්ලිට හරීම ආදරෙයි. "
සමන්මලී දවසේ විස්තරය කීවාය.
"හ්ම් ම්. අපේ හොදම කෙල්ලනෙ ඉතින්. එහෙනම් මම තියන්නම්. ටිකක් බිසි. බායි."
"බායි. බබා අප්පච්චිට බායි කියන්න".
"බායි ඩැඩී."
"බායි බබා."
No comments:
Post a Comment