A sacrifice of an animal to be given to the poor is an important part of the hajj, as it commemorates the substitution of the animal provided by Allah for Ibrahim to slaughter instead of his son.
කවුද තිරිසනා?
කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.
ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි.
කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න
Thursday, November 18, 2010
Sunday, November 7, 2010
ලෝකයේ දුපත්ම රටවල් 10
ඊයේ අහම්බෙන් ලෝකයේ දුපත්ම රටවල් 10 ගැන විස්තරයක් බලන්න හම්බ උන. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. මේකේ දුප්පත් බව මනාල තියෙන්නේ එක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය (GDP per capita) අනුව. සංවර්දනය මනින්න එක එච්චර හොද නැති උනාට දුප්පත් / පොහොසත් කම මනින්න හොද දර්ශකයක්.
දුප්පත්ම රටවල් 10 මෙහෙමයි
අංකය - රට - ඒ.පු.ද.දේ.නි. (ඇ.ඩො)
10 - ඇෆ්ගනිස්ථානය - 800
09 - මද්යම අප්‍රිකානු ජනරජය - 754
08 - සියර ලියොන් - 747
07 - එට්ට්රියව - 739
06 - නයිගීරියව - 736
05 - සෝමාලියාව - 600
04 - බුරින්දි - 401
03 - ලයිබීරියාව - 379
02 - කොන්ගෝ ජනරජය - 334
මේ ලයිස්තුවේ අංක එකට ඇවිත් තියෙන්නේ සිම්බාබ්වේ දේශය. ඔව්න්ගේ ඒ.පු.ද.දේ.නි. ඇ. ඩො. ශත දහයයි ($ 0.1). ලොයකේ වැඩිම උද්දමනයක් තියන රට තමයි සිම්බාබ්වේ. උද්දමයන මොන තරම්ද කිව්වොත්, කිසියම් භාණ්ඩයක මිල ඊලග දිනයේදී 16 ගුණයක් වෙනවා. ඔවුන්ගේ ට්‍රිලියනයක් වටිනා මුදල් නෝට්ටුවක් පවා ලදී නිකුත් කල. මේ තියෙන්නේ ට්‍රිලියනයේ මුදල් නෝට්ටුව.
මෙහෙම බින්දු ගාන වැඩි වෙලා වැඩි වෙලා අවසානෙට සිම්බාබ්වේ අන්තිමට තියන බින්දු 12 ක් අයින් කරලා අලුතෙන් නෝට්ටු අච්චු ගහන්න තීරණය කල. එත් වැඩක් උනේ නේ. අයෙත් ටික කාලෙකින් බින්දු පැටව ගහන්න ගත්ත. මේක ට විසදුමක් විදිහට සිම්බාබ්වේ මුදල් ඇමති අනුමැතිය දුන්න විදේශීය මුදල් වලින් උනත් රට තුල ගනුදෙනු කෙරීමේ හැකියාව.
මේ බිල බලන්න.
බියර් දෙකයි, මිනිරල් වතුර එකයි, කෑම එකයි.
ගාන ඩොලර් (සිම්බාබ්වේ) බිලියන එකයි මිලියන් 233, 255 දාහයි.
විහිළුවක් වගේ පෙමුනට මේ තමයි ඇත්ත.

Labels:
ලෝක
Friday, November 5, 2010
පොලිසිය
ජාවත්තෙන් මල්ලිත් ගෙන ටොරින්ටන් හරහා එන්නට පිටත් උනා. වාහනත් ටිකක් වැඩියි. ජාවත්ත පාරේ කලර් ලයිට් තියෙන්නේ හන්දියට ගොඩක් මෙහායින්. මම ජාවත්ත පාරෙන් මින් රෝඩ් එකට දද්දීම එහා පැත්තෙන් වාහන එන්න පටන් ගත්ත. හරවන කොටම හන්දියේ හිටපු කොස්සෙක් අත දැම්ම. වාහනේ අයින් කරලා නවත්තල වීදුරුව පහත කරා. කොස්ස අවා.
"මහත්තය කරපු වරද දන්නවනේ? "
"මොකද්ද? "
"රෙඩ් ලයිට් තියෙද්දී නේ දැම්මේ."
"පිස්සුද රාළහාමි. ගිහින් බලන්න කලර් ලයිට් එක තියෙන්නේ කොච්චර එහද කියල. මම දැම්මේ කොළ පත්තු වෙලා තියෙද්දී."
මිනිහටත් වැඩේ තේරෙන්න ඇති.
"ඩ්‍රයිවින් ලයිසන් දෙන්න"
මම ලයිසන් එක දික් කලා.
"අදායම් බලපත්තරෙයි, ඉන්ෂුවරන්ස් එකයි ගන්න."
මම එ දෙකත් දුන්න.
"මේකේ අදායම් බලපත්තරේ ගියමාසේ 31 න් ඉවරයි."
ශිහ්, අදායම් බලපත්තර ඉන්ෂුවරන්ස් කලේ ඉවර වේගන එන කොට පත්තු වෙන්න ඉන්දිකෙටර් එකක් නැනේ. මට හිතුන.
"මහත්තය බැහැල එන්නකෝ." නොන්දියට වගේ කියාගෙන කොස්සා මගේ ඩ්‍රයිවින් ලයිෂන් එක බලාගෙන මිනිහගේ පොතේ ලියන්නට පටන් ගත්ත.
මම බැහැල ගිය. මල්ලිත් එතෙන්ට අවා.
"රාළහාමි, මම මහවැලි එකේ වැඩ කරන්නේ. ඉංජිනියර්. දවස් 3 නේ පහුවෙලා තියෙන්නේ. මොකක් හරි කරලා දෙන්න". මල්ලි අනුකම්පා ස්වරයෙන් කියාගෙන යන්නට විය.
"නෑ. නෑ. රාළහාමි කැමති දෙයක් කරන්න."
රාළහාමි ලයිසම තියාගෙන කොලය දික්කළේය.
මම එකත් උදුරාගෙන එන ගමන් කොස්සට ඇහෙන්නට මල්ලිට බැන්න.
"තමුසෙට පිස්සුද? අට පාස් පරයන්ට වදින්නේ."
එන අතර මගදී
"ඔච්චර පණ්ඩිත ටෝක් දුන්නේ නැත්නම් අරුට කියල ෂේප් කරා ගන්නත් තිබ්බ. "
"තමුසෙට පිස්සුද ඕයි". මම නැවතත් මල්ලිට ඇත්තටම බන්නෙමි.
****************
"ලොකු පුතේ මතක තියාගන්න. හැම පොලිස් කාරයාම වැරදි නෑ. අනික පොඩ්ඩක් හිතන්න. හොදට හරි නරකට හරි පොලිසියක් තිබ්බේ නැත්තම් සමාජේ කොහොම වෙයිද? අනික මතක තියාගන්න පොලිසිය ට ඕනෙනම් ගොරක දඩමස් කරන්නත් දඩමස් කොරන්නත් පුළුවන්. "
මීට කලින් පොලිසියේ එකෙක් එක්ක අරගත්තු වෙලාවේ අප්පච්චි කියපු දේ මට නැවත සිහිවිය.

ගෙදර තොරතුරු
Monday, October 25, 2010
sed - ස්ට්‍රීම් එඩිටර්
මේ දවස් වල පොඩි exam එකකට රෙඩි වෙන හින්ද, පොත්, notes අරගෙන ඇදට සෙට් උන. එත් ඉතින් නෙට් එකේ search කරන්න වෙන වර අනන්තයි නේ. ලැප් එක ඇදට අරගෙන යන එකත් වාතේ. ඔය අවුල මම ටික දවසකට කලින් ලිහ ගත්ත. වෙලාවක් තිබ්බොත් එක ගැනත් විස්තර ඇතිව පොස්ට් එකක් දැන්නම් පස්සේ වෙලාවක. කෙටියෙන් මෙහෙමයි.
මගේ ලැප්ටොප් එකේ wireless card එක ad-hoc . support කරනවා. එ කියන්නේ ඕනෙනම් provider කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම කරේ wifi connection එකක් හැදුව මගේ ඉන්ටෙර්නෙට් connection එක share කරලා. එච්චරයි. මගේ Phone එක දැන් wifi area එකක. (දැන් ඉතින් අපේ ගේ ගාවට ඇවිත් wifi search කරන්න එපා. security add කරලා තියෙන්නේ :) ).
![]() |
අදත් ඔන්න මොනවා හරි එකක් search කරන්න ඕනේ උණා. ගූග්ලේ නේ ඕනේ දෙකට ඉන්න දෙයිය. google.com බූක් මාර්ක් එකෙන්ම ගියා. ඊයේ මොකද්ද වැඩකට මම cache remove කල. එහින්ද google . com එක google . lk එකට redirect උන. මෙන්න බොලේ iPhone සෆාරි වල සිංහල අකුරු පේනවා. එත් මට sure නෑ. කවුද දන්නේ images පෙන්නනවද කියල. මම කෙලින්ම මගේ බ්ලොග් එකට ගිහින් බැලුව. නයි කයිද මැටි පාන් කිව්වලු. මේ පෙන්නේ සිංහල unicode කොර වෙන්න. (කොර වෙලා තමයි පෙන්නේ. පොඩි rendering අවුලක් තියනවා.)
තිබුණු ෆිට් එකට ෆොනේ එකෙන්ම මගේ බ්ලොග් එකේ පොස්ට් ටික බැලුව. කවුද කෙනෙක් මගේ grep සහ or පොස්ට් එකට comment එකක් දල. sed ගැනත් පොස්ට් එකක් දන්නා කියල.
මේ sed ගැන
සරලව කිව්වොත් sed කියන්නේ stream editor එකක්. "man sed - " sed - stream editor for filtering and transforming text
මටනම් sed සාමාන්යෙන් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අඩුවෙන්, එත් ගොඩක් useful ටූල් එකක්. උදහරනයක්ම ගමුකො.
හිතන්න මොකක් හරි stream (file , input , pipe වගේ ඕනේ එකක් stream ) එකක තියන ඔරිගීනල් text එක වෙනස් කරලා stream එකක් ඕනේ කියල
echo 'This is the input' | sed 's/input/output'
මෙතන
s - කියන්නේ sed command එක (substitute)
/ - කියන්නේ delimiter එක
"input" - search pattern එක (regular expression)
"output" - replacement තෙෂ්ත
echo 'This is the input' එක pipe කරලා තියනවා sed එකට
මේක ටිකක් සරල අවස්ථාවක්. මීට වැඩ ටිකක් සංකීර්ණ එකක් බලමු.

අපේ ස්ට්‍රින්ග් එක තමයි.
"This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last."
මගේ උත්සාහය තමයි numbers තියන හැම එකම වරහන් ඇතුලට දාන එක. එකියන්නේ මගේ output එක වෙන්න ඕනේ "This para has (3) numbers. (123) is the first and (456) is another and (789) is at last."
ඉස්සරලා එකනම් කෙලින්ම කරන්න පුළුවන් උන. text එකක් replace කරපු එක තමයි එකනදී උනේ. එත් දැන් අපි pattern එකක් replace කරන්න විදිහයි හොයා ගන්න ඕනේ. මෙතැනදී එන ලොකුම ගැටලුව numbers හොයා ගන්න එක නෙවෙයි. [0-9][0-9]* කියන්නේ ඕනෑම number එකක් නේ . එත් ඒ විතරක් මදිනේ, හොයා ගත්ත number එකත් ඕනනේ වරහන් ඇතුලට දාන්න.
වැඩිය ලොකුවට හිතන්න ඕනේ නේ. sed එකේදී match උණු text එක & එකෙන් ගන්න පුළුවන්.

echo "This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last." | sed 's/[0-9][0-9]*/(&)/'
හ්ම්ම් හරි කියලද හිතන්නේ. නෑ කරලා බැලුවොත් තේරෙයි. output එක තමයි
This para has (3) numbers. 123 is the first and 456 is another and 789 is at last.
ඒ කියන්නේ පලවෙනි match එක විතරයි replace කරලා තියෙන්නේ .
ඔක්කොම match replace කරන්න නම් g (global) option එකත් දෙන්න ඕනේ. මෙහෙමයි එක කරන්නේ
echo "This para has 3 numbers. 123 is the first and 456 is another and 789 is at last." | sed 's/[0-9][0-9]*/(&)/g /'
මේකයි output එක
"This para has (3) numbers. (123) is the first and (456) is another and (789) is at last."
වැඩේ හරිනේ.
තව එක උදාහරණයක් බලමු. මම grep ගැන කියද්දී කිව්වා කොහොමද line number එක ගන්නේ කියල. එකේදී match වෙන text එකට කලින් line numbers එනවා. එත් line numbers විතරක් ගන්න විදිහක් grep එකෙන් හොයා ගන්න අමාරුයි. අපි ග්‍රේප් output එක sed වලට pipe කරමු . ඊට පස්සේ line විතරක් එන්න stream එක edit කරමු sed එකෙන්
grep -n 'are\|line' mytextfile.txt | sed 's/:.*//':.* කියන ටික තේරුනේ නැද්ද? මේකයි එතැනදී වෙන්නේ
ඕකම sed එක විතරක් යොදාගෙනත් කරන්න පුළුවන්
sed -ne '/are\|line' = mytextfile.txt
grep -n output එක "23:Matched text " වගේනේ. මම කරන්නේ ":" එක සහ ඊට පසුව එන සියලු text empty කරන එක. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මුලින් තිබුණු line number එක විතරයි.ඕකම sed එක විතරක් යොදාගෙනත් කරන්න පුළුවන්
sed -ne '/are\|line' = mytextfile.txt
තව දෙයක් කියන්න ඕනේ. මම මෙතැනදී sed එකේ එක command එකක් විතරයි පැහැදිලි කරේ. තව ගොඩක් දේවල් තියනවා කතා කරනවානම්. එත් දැන් ඇති. උත්සහ කරලා බලන්න. වැදගත් දෙයක් තියනවනම් comment එකක් දාන්න.
Saturday, September 4, 2010
බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4 කි

බුදු රජනවහන්සේගේ
මේ කියන දේ එතරම් සාධාරණ නෑ කියලයි මට හිතෙන්නේ. මොකද ලෝකේ ඉන්න හැම බෞද්ධයටම ඉන්දියාවට යන්න පුළුවන් කමක් නැති හින්ද.
මොනවා උනත් අපේ අම්මයි අප්පච්චියි දඹදිව වන්දනාවේ ගිය. මේ පොස්ට් එක ලියන්නේ ටිකක් පස්සේ. එත් එයාල ලංකාවට අපු දිනේට පුබ්ලිෂ් කරනවා.
වන්දනාව පටන් ගත්තේ අගෝස්තු 13 වෙනිදා 2010 යේ. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, අම්ම අප්පච්චි, බාප්පා, පුංචි අම්ම, රන් උපාසක මහත්තය ඇතුළු ලොකු නඩයක් ගිය.
සාමාන්‍ය දින ගානට වැඩ දින ගානක් අම්මයි අප්පච්චි ඉන්දියාවේ හිටිය. මොකද මැණිකේ එතකොට ඉන්දියාවේ. එයාගේ යුනිවෙසිටියටත් ගිහින් සැප්තැම්බර් 4 වෙනිදා හවස 3 ට විතර ලංකාවට අපහු අව.
මම සමන්මලී, එයාපෝර්ට් එකට ගිය එයාලව එක්ක එන්න.
ගමන ගිහින් එනකොට රන් උපාසක මහත්තය අප්පච්චි බාප්පා එක්ක තරහ වෙලා. හික්. එය එක්ක හිටියේ නෑ කියල.
බුදු රජනවහන්සේගේ
- ඉපදීම
- බුදුවීම
- ප්‍රථම දර්මදේශනය
- ප්රිනිවන පෑම

ගෙදර තොරතුරු,
සංචාර
Sunday, August 15, 2010
අනාවැකිය නිවැරදියි, ඕපන් සොලාරිස් අවසනයි !
මීට මස කීපයකට පෙර පොස්ට් එකකින් මම අනාවැකියක් පල කළා ඕපන් සොලාරිස් අවසාන වෙමින් යන බව. ඒ අනාවැකිය අද නිවැරදි බව තහවුරු වී තිබෙනවා "Oracle Signals an End to OpenSolaris"
ඒ විතරක් නෙවෙයි, ඔරකල් එක ගුගල් එකට නඩුවකුත් දල. ගුගල් ලගේ ඔපෙන් සෝස් andriod ප්‍රොඩක්ට් එක ජාවා පාවිච්චි කෙරීම හරහා ඔරකල් ට අයිති (සන් ට අයිතිව තිබුණු) බුද්ධිමය දේපලක් වැරදි අයුරින් පාවිච්චි කරනවා කියල.
අපිටත් JDK එකත් සල්ලි දීල ගන්න වෙන දවස වැඩි අතක නෙවෙයි .
අහෝ සන් ! ඔබ සිටියා නම්

Sunday, August 8, 2010
බුදු රැස් විහිදීම, දුෂ්ටි මායාව හා ආලෝකය - 2
මගේ කලින් පොස්ට් එකට තිබුණු රිප්ලයි වලින් තේරෙන්නේ සමහරුන්ට මම කියපු දේ තේරිලා නේ වගේ. සමහරුන්ට හිතිලා තියනවා මම මේ ආලෝක (වර්ණ) වෙනස බුදු රස විහිදීමක් විදිහට විස්තර කරනවා කියල. නෑ. කොහොමත් නෑ. එකයි මම කලින් පොස්ට් එකේ මිලින්ම මේ වර්ණ වෙනස ප්‍රති නිර්මාණය කරන විදිහ ලිව්වේ.
කාංචන, අහල තිබුන පින්තුර තියනවද කියල. මමත් හොයා ගන්න උත්සහ කරනවා. හම්බ උනොත් පොස්ට් කරන්නම්.
තව කෙනෙක් කියල තිබ්බ මේකේ still images විතරක් නෙවෙයි movies පවා තියනවා කියල. ඔව් ඒ දවස්වල ඕනේ තරම් තිබුන. එත් මම මගේ විස්තරයට ඒවා නොගත්තේ still images වලින් දුෂ්ටි මායාවක් විස්තර කිරීම වැඩ සාදාරන වීම.
movies ගත්තොත් කියන්න තියෙන්නේ මේකයි. මොවිඑ එකේ මේ වරණ වෙනස පෙනෙන්නේ එකම වේලට. ඒ වෙලාවේ voice තියනවා හැමෝම කෑ ගහනවා "අන්න පේනවා, අන්න පේනවා කියල". මේ වර්ණ වෙනස දුෂ්ටි මායාවක් නම් හැමෝටම එකම වෙලාව පේන්නත්, එකම වෙලාවට පෙනීම නැති වෙන්නත් විදිහක් නෑ. මොකද දුෂ්ටි මායාවක ට කාලයේ සම්බන්දයක් නෑ. අනිත් දේ තමයි. අපිට පුළුවන් දුෂ්ටි මායාවක් ලෙස පෙනෙන දේ මනස පාලනයකින්, ඇත්තටම තිබෙන දේ නිවැරදි දේ දකින්න. උදාහරණයක් විදිහට කලින් පොස්ට් එකේ image එකේ රේඛා සමාන්තර බව හා කොටු සමාන සම චතුරශ්‍ර බව අපිට මනස පාලනයකින් දකින්න පුලුව. එත් මේ වර්ණ වෙනස සහිත images නැත්නම් movies වල, මනස පාලනයකින් වර්ණයේ ඇතිවෙන වෙනස් වීම නොදක ඉන්න බේ.
මම නැවතත් කියන්නේ, මෙය බුදු රැස් විහිදීමක් නොවෙයි. එසේම දුෂ්ටි මායාවක් ද නොවෙයි .

Saturday, August 7, 2010
බුදු රැස් විහිදීම, දුෂ්ටි මායාව හා ආලෝකය
සමහරුන්ට මතක ඇති කාලෙකට ඉස්සර බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවා කියල මහා කලබගනියක් ගිය. ඒ දවස් වලම ආචාර්ය චන්දන ජයරත්න මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දල තිබුන. ඉතින් ඔය සිද්දිය මේ site දාල තිබුන. මමත් ඕකට චොම්මෙන්ට් එකක් ලිව්වා. ආචාර්ය චන්දන ජයරත්න ගේ පැහැදිලි කිරීම සම්බන්දව. මේ තියෙන්නේ ඒක.
මුලුන්ම කියන්න තියෙන්නේ මේක (බුදු රැස් විහිදීම ක් ලෙස ගැනීම ) බුද්ධාගමේ හෝ බුදුහාමුදුරුවන්ගේ අශ්චර්යකට අනුව වෙන දෙයක් නෙවෙයි. මේක ඔයගොල්ලන්ට චොම්පුටෙර් එක ඉස්සරහ ඉදගෙනම අත් විදින්න පුළුවන්,
ඔයාලගේ paint application එක (ms paint වගේ ) ඔපෙන් කරලා, කොටුවක් අද ගන්න. කොටුවේ ඉහල වම කෙලවර සහ දකුණු පහල කෙලවර යකරන් විකරණය තැබිලි පාටින් අද ගන්න . දැන් දකුණු කොටස තැබිලි පට කරන්න. දැන් සුදු සහ තැබිලි යැවෙන තැන (විකරණය අසල) එක එල්ලේ බලාගෙන ඉන්න. මේ කියන රැස් බලන්න පුළුවන්.
දැන් අපි බලමු දුෂ්ටි මායාවක් (optical illusion ) කියන්නේ මොකද්ද කියල. දුෂ්ටි මායාවක් (optical illusion) කියන්න, කිසියම් දෙයක් දිහා බල කොට, එහි තිබෙන නියම ස්වරුපගෙන් වෙනස්ව තේරුම් ගැනීම. මේක අපේ මොලය හා සම්බන්ද දෙයක්. මොලයේ තිබෙන බුද්ධිමත් භාවය (හෝ එසේ නොවීම ).
මේ පින්තුරේ බලන්නකෝ.
මේකේ තියන තිරස් රේඛා සියල්, තනි රේඛා, සමන්තරයි. ආනතියෙන් තොරයි. හැම කොටුවක් ම සම චතුරශ්‍රයක්. එත් අපිට බලාගෙන ඉන්න කොට හිතෙනවා, රේකා සමාන්තර නැති බව. රේඛ අනත බව, කොටු එකිනෙකට සමාන නෑ කියල,. එත් ඇත්තටම එහෙම නෙවෙයි. ඔන්න ඔය වගේ අවස්ථා වලට කියනවා දුෂ්ටි මායාවක්.
හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මිරුගුව කියන්නේ දුෂ්ටි මායාවක් නෙවෙයි. මොකද මිරිගුව ඇත්තටම තියනවා. වතුර විදිහට නෙවෙයි. සෙවනැල්ල විදිහට. වතර වීදුරුවකට පැන්සලක් දාපුවම ඇදවී පෙනීම. මේකත් දුෂ්ටි මායාවක් නෙවෙයි. මේවා ආලෝකයේ සන්සිද්දෙන්. ඇසට එන නිවැරදි කිරණ නිවැරිදි අයුරින් තේරුම් ගැනීම. එත් දුෂ්ටි මායාවක දී, ඇසට එන නිවැරදි කිරම මොලය මගින් වැරිදි ලෙස තේරුම් ගැනීම දුෂ්ටි මායාවක්. ඉහල පින්තුරයේ වගේ.
මට පොඩි ගැටළුවක් තියනවා. Dr චන්දන කියන විදිහට අපි දැක්කේ දුෂ්ටි මායාවක් ද? නැත්නම් වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීයක්ද ?
ඇයි මම එහෙම කියන්නේ. ඔය බුදු රැස් විහිදෙනව කියල ආරංචිය ගියාට පස්සේ. ඒ අවස්ථාවේ ගත්තු පින්තුර (still images) ඕනේ තරම් තිබුන. මගේ යාළුවොත් අරන් තිබුන. පත්තර වලත් තිබුන. මේ පින්තුර වල අපි දකින වර්ණ වෙනස පින්තුරය බලපු සැනින් පේනවා. ඒක දිගටම, එකම විදිහට පේනවා. එත් බුදු පිළිමය දිහා බලාගෙන ඉන්න කොට මේ වරණ වෙනස පෙනෙන්නේ වරින් වර. බුදු පිළිමයේ වර්ණ වෙනස නොපෙනෙන අවස්ථාවල ගත්තු පින්තුර වල වර්ණ වෙනස පෙනෙන්නේ නෑ. පින්තුරයේ වර්ණ වෙනස පෙනෙන්නේ බුදු පිළිමයේ වර්ණ වෙනස පෙනෙන අවස්ථාවේදී ගත්තු එකක්නම් විතරයි.
මගේ තර්කය මේකයි. අපි හිතමු වරණ වෙනස නොදකින පින්තුර වර දුෂ්ටි මායාව නොපෙනෙන්නේ පින්තුරයේ අපහදිලිබව නිසා කියල, එත් වර්ණ වෙනස පෙනෙන පින්තුරයේ, වර්ණ වෙනස දකින්නේ දුෂ්ටි මායාවක් නිසානම්, නම් එය පින්තුරයේද දුෂ්ටි මායාවක් ලෙසම පෙනිය යුතුයි. (වරින් වර).
මගේ නිගමනය. මෙය කිසියම් අස්චර්යක් නම් නොවේ. නමුත් මෙය දුෂ්ටි මායාවක් ද නොවේ. එය දුෂ්ටි මායාවක් සහ වෙනත් කිසියම් ආලෝකයේ සන්සිද්දීnගේ එකතුවක්
කතිකාවතට විවුර්තයි

Wednesday, July 28, 2010
ICT මගින් වත්තීය සහතික සදහා USD 60 ක නැවත ගෙවීමක්
පසුගිය සතිය වගේමයි මේ සතියත්. හරිම busy. කතා ලියන්න වෙලාවක් නේ. එත් IT field ඉන්න යට වැදගත් නිසා මේ කෙටි සටහන තබනවා.
ඔබ වත්තීය සහතික විභාගයකට පෙනී සිටීමට බල පොරොත්තු වෙනව නම් මේක කදිම අවස්ථාවක්
ඔබ පෙනී සිටීම Sun , Microsoft , Oracle , Cisco , RedHat සහතික විභාග (උද. SCJP , MCP, OCP) සදහා ICT මගින් දිරි ගැන්වීමක් විදිහට USD 60 කට යටත්ව නැවත ගෙවීමක් කරනවා. ඉතින් ඔබත් මේ විභාගයකට පෙනීසිටීමට බලාපොරොත්තු වෙනවනම් මෙන්න වෙලාව. වැඩි විස්තර සදහා 0112369099 ext 277 ට call එකක් දීල බලන්න. නැත්නම් http://www.futureisit.lk/index.php/en/training-vouchers ගිහින් Training Vouchers බලන්න.
අනිත් යටත් මේ පණිවුඩය දෙන්න
ජය වේවා

තොරතුරු
Friday, July 23, 2010
Hat's off to Murali
ලියන්න හිතාගෙන හිටපු පොස්ට් එක ලියන්න බැරි උන. එතරම්ම වැඩ අධිකයි.
එත් මේ සටහනනම් තැබිය යුතුමයි.

ටෙස්ට් කදුළු 800 ක් ලබාගෙන අද (22nd July) ටෙස්ට් දිවියෙන් විශ්‍රාම යන මුරලි,
ඔබට ජාතියේ උත්තමාචාරය.
Subscribe to:
Posts (Atom)