කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, August 5, 2012

මූඩිය අරින්නේ කොහොමද?



(මම වගේ උයන්න දන්නෙ ම නැති කෙනෙකුට පමණයි)

ලංකාවේ අපි පිට රට ආවම මූණ දෙන එක ප්‍රශ්නයක් තමයි අපේ කෑම හොයා ගන්න එක. සමහර රටවල අපේ කෑම ඇත්තෙම නෑ. සමහර රටවලනම් අපිට ලගින් යන කෑම තියනවා. ඉන්දියන් කෑම වගේ. 
ලගකදී ඉදන් අපේම කෑම බෝතල් (වීදුරු) කරලා තියන හින්ද දැන් වැඩේ ගොඩක් ලේසියි. කොහෙන් හරි ප්ලේන් රයිස් ගත්ත. අපේ ටින් කරි එක එක්ක කව. 

එත් පොඩි ගැටළුවක් තියනවා. මම ලග දී පිට රට අපු අවස්ථා දෙකේදීම මූණ දුන්න. ඉතින් හිතුව මේක ලියල තියන එක හොදයි කියල. 

ප්‍රශ්නේ තමයි මේ වීදුරු බෝතල් අම්මේ මුත්තේ කිව්වත් මෙලෝ යකෙකුට අරින්න  බෑ. ගොඩක් වෙලාවට කරන්නේ අඩුවක් හරි පිහියක් හරි දල අල්ලන එක. ඊට පස්සේ වහන්න බෑ. හැබැයි පොඩ්ඩක් මොලෙන් (ඔලුවෙන් නැතුව) හිතුවනම් ඊට වැඩ ලේසි, ඒවගේම පියන අයෙත් වහන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. 

පියන ලෝහ හින්ද පියන රත් කරන්න. එක ඉක්මනින්  ප්‍රසාරණය වෙන හින්ද ගලවන්න ලේසියි. 
මේ ක්‍රමය බොහොම ප්‍රසිද්ද ක්‍රමයක්. එත් සමහර වෙලාවට මතෙකට එන්නේ නෑ 

ප්‍රවේසමින්. 
රත් වෙන වෙලාව තුල මූණ ඉවතට හරවන්න. (වීදුරුව පිපිරෙන්න පුළුවන්)
විදුරු බෝතලය නොව ලෝහ මූඩිය රත් කරන්න 

මට මෙතෙක් හමු වූ ටින් කරන ලද ලංකාවේ කෑම
  1. සීනි සම්බෝල
  2. කට්ට සම්බෝල
  3. උම්බලකඩ සම්බෝල
  4. පොල් සම්බෝල (ක්ෂණික)
  5. හල මැස්සන් බැදුම
  6. පොලොස් කාරිය 
  7. අඹ චට්ට්නි 
  8. අම්බරැල්ල චට්ට්නි 
  9. අච්චාරු
  10. චිලි පේස්ට්

No comments:

Post a Comment